ශු. යොහන් Chapter 2

For English

Read ශු. යොහන් Chapter 2 Online

Read ශු. යොහන් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.

Choose a Chapter

ශු. යොහන් 2

පරිච්ඡේදය 2

1. තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේගේ මෑණියෝද එහි සිටියාය.

2. යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.

3. මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.

4. යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.

5. උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.

6. යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක එකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය.

7. භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය.

8. උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය.

9. මංගල්‍යයේ ප්‍රධානියා මුද්‍රිකපානයවූ වතුර රස බලා, ඒවා කොතැනින් වීදැයි වතුර ගෙනා මෙහෙකරුවන් දන්න නුමුත් ඔහු නොදැන, මනමාලයාට අඬගසා:

10. කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. නුඹ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.

11. යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

12. ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලයෝද කපර්ණවුමට ගියෝය. නුමුත් ඔවුන් බොහෝ දවස් එහි නැවතුණේ නැත.

13. යුදෙව්වරුන්ගේ පාස්කුව ළංව තිබුණේය, යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.

14. එවිට දේවමාළිගාවෙහි ගවයන් බැටළුවන් හා පරෙවියන් විකුණන්නන්ද මිල මාරුකරන්නන්ද වාඩිව ඉන්නවා දැක,

15. ලනුවලින් කසයක් සාදා, බැටළුවන්ද ගවයන්ද මාළිගාවෙන් පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මිල විසුරුවා මේස පෙරළාදැමූසේක.

16. තවද උන්වහන්සේ පරෙවියන් විකුණන්නන්ට කථාකොට: මේ දේවල් මෙතැනින් අරන් යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳාම් ගෙයක් නොකරන්නැයි කීසේක.

17. ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතය මා දවන්නේයයි ලියා තිබෙන බව උන්වහන්සේගේ ගෝලයන්ට මතක්විය.

18. එකල යුදෙව්වරු: නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

19. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ මාළිගාව කඩාදමන්න, එවිට තුන් දවසකින් එය නැගුටුවන්නෙමියි කීසේක.

20. යුදෙව්වරු කථාකොට: මේ මාළිගාව ගොඩනැගීමට සතළිස් සාවුරුද්දක් ගතවිය, නුඹ ඒක තුන් දවසකින් නැගුටු වන්නෙහිදැයි කීවෝය.

21. නුමුත් උන්වහන්සේ කථාකළේ තමන්ගේ ශරීරය නැමති මාළිගාව ගැනය.

22. එබැවින් උන්වහන්සේ මේක කී බව යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු උන්වහන්සේගේ ගෝලයෝ සිහිකර, ලියවිල්ලද උන්වහන්සේ කී වචනයද විශ්වාසකළෝය.

23. උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය.

24. නුමුත් යේසුස්වහන්සේ සියල්ලන් දන්නා බැවින්ද මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දන්න නිසා,

25. මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාර නුවූසේක.

About ශු. යොහන් Chapter 2

Read ශු. යොහන් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. යොහන්
Chapter: 2
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. යොහන් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. යොහන් Chapter 2?

ශු. යොහන් Chapter 2 is part of the Book of ශු. යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. යොහන් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. ශු. ලූක් Chapter 15
  6. එපීස Chapter 5
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-යොහන්

  1. ශු. යොහන් Chapter 8
  2. ශු. යොහන් Chapter 20
  3. ශු. යොහන් Chapter 21
  4. ශු. යොහන් Chapter 19
  5. ශු. යොහන් Chapter 18
  6. ශු. යොහන් Chapter 12
  7. ශු. යොහන් Chapter 11

Related Chapters & Readings

  1. 1 යොහන් Chapter 2
  2. 1 රාජාවලිය Chapter 18
  3. ගීතාවලිය Chapter 45
  4. ගීතාවලිය Chapter 28
  5. ශු. ලූක් Chapter 20
  6. යෝබ් Chapter 17
  7. රෝම Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *