නික්මයාම Chapter 5

For English

Read නික්මයාම Chapter 5 Online

Read නික්මයාම Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 5

පරිච්ඡේදය 5

1. ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.

2. ඵාරාවෝ: ඉශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමියි කීයේය.

3. ඔව්හුද: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ අපට සම්මුඛවූසේක. උන්වහන්සේ වසංගතය හෝ කඩුව හෝ ඇතුව අපට විරුද්ධව නොපැමිණෙන පිණිස අප තුන් දවසක ගමන් වනාන්තරයට ගොස් අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්ට අවසර ලැබේවයි කීවෝය.

4. මිසරයේ රජ්ජුරුවෝ: එම්බා මෝසෙස් සහ ආරොන්, ඔබ සැම සෙනඟ ඔවුන්ගේ වැඩවලින් කුමට අහක්කරවුද? ඔබ සැමගේ බර ඉසිලීමට යන්නැයි කීහ.

5. තවද ඵාරාවෝ: බලව, දේශයේ සෙනඟ දැන් බොහෝය, ඔබ සැම ඔවුන්ගේ බර වැඩවලින් ඔවුන් නවත්වන්නහුයයි ඔවුන්ට කීය.

6. එම දවසෙහි ඵාරාවෝ සෙනඟගේ විධානවරුන්ටද ඔවුන්ගේ මුලාදෑනීන්ටද අණකොට:

7. මේ දක්වා කළාක් මෙන් ගඩොල් සෑදීමට සෙනඟට පිදුරු තවත් නොදෙන්න. ඔව්හුම ගොස් පිදුරු එකතුකරගනිත්වා.

8. එහෙත් ඔවුන් පළමු සෑදූ ගඩොල් ගණනම සාදන්ට ඔවුන්ට නියමකරන්න; එයින් කිසිවක් අඩු නොකරන්න. මක්නිසාද ඔව්හු කම්මැළිය; එබැවින්; අපේ දෙවියන්වහන්සේට පූජාකරන්ට යන්ට අවසරදුනමැනවියි මොරගසති.

9. ඒ මනුෂ්‍යයන් බොරු වචන නොසලකා වැඩකිරීමෙහි යෙදී සිටින පිණිස වඩා බර වැඩ ඔවුන් කෙරෙහි පවරන්නැයි කීයේය.

10. එවිට සෙනඟගේ විධානවරුද ඔවුන්ගේ මුලාදෑනීහුද පිටත ගොස් සෙනඟට කථාකොට: ඵාරාවෝ මෙසේ කියන්නේය; මම ඔබ සැමට පිදුරු නොදෙමි.

11. ඔබ සැමම ගොස් සොයාගන්ට පුළුවන් තැන්වලින් පිදුරු ගෙනෙන්න. මක්නිසාද ඔබ සැමගේ වැඩවලින් කිසිවක් අඩුකරන්ට බැරියයි කියන්නේයයි කීවෝය.

12. එබැවින් සෙනඟ පිදුරු පිණිස ඉපනැලි එකතුකරන්ට මුළු මිසර දේශයෙහි විසිර ගියෝය.

13. විධානවරු: පිදුරු තිබුණු කල්හි මෙන්ම ඔබ සැමගේ නියමවූ දවස්පතා වැඩ සම්පූර්ණකරන්නැයි කියා ඔවුන්ට ඉක්මන්කළෝය.

14. ඵාරාවෝගේ විධානවරු තමන් විසින් ඉශ්‍රයෙල් පුත්‍රයන් කෙරෙහි පත්කළ මුලාදෑනීන්ට කථාකොට: ඔබ සැම මීට ඉස්සර කළාක්මෙන් ඊයෙත් අදත් ඔබ සැමට නියම ගඩොල් ගණන නොසෑදුවේ මක්නිසාදැයි කියා ඔවුන්ට තැළුවෝය.

15. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු අවුත් ඵාරාවෝට කන්නලව්කරමින්: ඔබගේ මෙහෙකරුවන්ට මෙසේ කරන්නේ මක්නිසාද?

16. ඔව්හු ඔබගේ මෙහෙකරුවන්ට පිදුරු නොදෙති, නුමුත් ගඩොල් සාදන්නැයි අපට කියති. මෙසේ වැරැද්ද ඔබගේම සෙනඟගේ අතේ තිබියදී ඔබගේ මෙහෙකරුවෝ තැළුම්කතියි කීවෝය.

17. එහෙත් ඔහු: ඔබ සැම කම්මැළිය, ඔබ සැම කම්මැළිය. එබැවින්-අපි ගොස් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමුයයි කියන්නහුය.

18. ඒ නිසා දැන් ගොස් වැඩකරන්න; පිදුරු කොහෙත්ම ඔබ සැමට දෙනු නොලැබේ, නුමුත් ඔබ සැමට නියම ගඩොල් ගණන භාරදෙන්ට ඕනෑයයි කීයේය.

19. ඔබ සැමගේ ගඩොල් ගණනෙන් එනම් ඔබ සැමගේ නියම දවස්පතා වැඩෙන් කිසිවක් අඩුනොකළ යුතුයයි කී කල, තමන්ට නපුර පැමිණ තිබෙන බව ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු තේරුම්ගත්තෝය.

20. ඔවුන් ඵාරාවෝ වෙතින් එද්දී මග බලා සිටියාවූ මෝසෙස් සහ ආරොන් ඔවුන්ට සම්බවුණෝය.

21. ඔව්හු ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ඔබ සැම දෙස බලා විනිශ්චයකරනසේක්වා; මක්නිසාද ඔබ සැම ඵාරාවෝ ඉදිරියෙහිද ඔහුගේ සේවකයන් ඉදිරියෙහිද අප දුර්ගන්ධයක් වෙන්ට සලස්වා අප මරන පිණිස ඔවුන්ගේ අතට කඩුවක් දුන්නහුයයි කීවෝය.

22. එවිට මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: ස්වාමීනි, ඔබ මක්නිසා මේ සෙනඟට නපුර කළසේක්ද? ඔබ මා එවුවේ මන්ද?

23. මක්නිසාද මා ඔබගේ නාමයෙන් කථාකරන පිණිස ඵාරාවෝ වෙතට ආවායින් පසු ඔහු මේ සෙනඟට නපුර කෙළේය; ඔබ තමන් සෙනඟ කිසිසේත් නිදහස්නොකළසේකැයි කීවේය.

About නික්මයාම Chapter 5

Read නික්මයාම Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 5?

නික්මයාම Chapter 5 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 118
  2. යෙසායා Chapter 49
  3. යෙසායා Chapter 57
  4. යෝබ් Chapter 10
  5. උත්පත්ති Chapter 49
  6. ගීතාවලිය Chapter 146
  7. යෙරෙමියා Chapter 18

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 18
  2. එළිදරව් Chapter 22
  3. හිතෝපදේශ Chapter 5
  4. ගීතාවලිය Chapter 50
  5. යෝෂුවා Chapter 6
  6. ක්රිරයා Chapter 7
  7. එසකියෙල් Chapter 24
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *