ශු. යොහන් Chapter 8

For English

Read ශු. යොහන් Chapter 8 Online

Read ශු. යොහන් Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.

Choose a Chapter

ශු. යොහන් 8

පරිච්ඡේදය 8

1. යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක.

2. උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.

3. එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,

4. උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ‍්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය.

5. මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.

6. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.

7. ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා,

8. නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.

9. ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.

10. යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක.

11. ස්වාමිනි, නැතැයි ඈ කීවාය. එවිට යේසුස්වහන්සේ: මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කීසේක.]

12. එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.

13. එබැවින් ඵරිසිවරු: නුඹ නුඹ ගැනම සාක්ෂිදෙන්නෙහිය; නුඹේ සාක්ෂිය සැබෑ නැතැයි උන්වහන්සේට කීවෝය.

14. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා ගැනම මා සාක්ෂිදෙතත් මාගේ සාක්ෂිය සැබෑය; මක්නිසාද මම කොතැනින් ආයෙම්ද කොතැනට යම්දැයි දනිමි; එහෙත් මා එන්නේ කොතැනින්ද යන්නේ කොතැනටදැයි නුඹලා දන්නේ නැත.

15. නුඹලා මාංසාකාරයෙන් විනිශ්චයකරවුය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි.

16. නුමුත් මම විනිශ්චයකරම් නම් මා තනියම නොව මා සහ මා එවූ පියාණන්වහන්සෙත් සිටින බැවින් මාගේ විනිශ්චය සැබෑය.

17. එසේය, මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ සාක්ෂිය සැබෑයයි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.

18. මා ගැන සාක්ෂිදෙන්නේ මමය, මා එවූ පියාණන්වහන්සේද මා ගැන සාක්ෂිදෙනසේකැයි කීසේක.

19. එබැවින් ඔව්හු: නුඹේ පියාණන් කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා මාවත් මාගේ පියාණන්වහන්සේවත් අඳුනන්නේ නැත. නුඹලා මා ඇඳින්නහු නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇතැයි කීසේක.

20. උන්වහන්සේ දේවමාළිගාවේ උගන්වමින් මුදල් ගබඩාවේදී මේ වචන කීසේක. උන්වහන්සේගේ වේලාව ඒතාක් නොපැමිණි බැවින් කිසිවෙක් උන්වහන්සේ ඇල්ලුවේ නැත.

21. එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාගේ පාපයෙහි නුඹලා මැරෙනවා ඇත. මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි කීසේක.

22. එබැවින් යුදෙව්වරු: මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි මොහු කියන්නේ තමා නසාගන්ට යනවාදැයි කීවෝය.

23. උන්වහන්සේද: නුඹලා පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. නුඹලා මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.

24. එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.

25. එබැවින් ඔව්හු උන්වහන්සේට කථාකොට: නුඹ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ: මුල පටන් මා විසින් නුඹලාට කථාකළ එකමය.

26. නුඹලා ගැන කථාකරන්ටත් විනිශ්චයකරන්ටත් බොහෝ කාරණා මට ඇත්තේය. එසේ වුවත් මා එවූ තැනන්වහන්සේ සත්‍යවාදි කෙනෙක්ය; උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියමියි කීසේක.

27. උන්වහන්සේ පියාණන්වහන්සේ ගැන ඔවුන්ට කථා කළ බව ඔවුන්ට තේරුණේ නැත.

28. එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා මනුෂ්‍ය පුත්‍රයා එසවූ කල, මා ඔහුම බවත් මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකර මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කියන බවත් නුඹලා දැනගන්නවා ඇත.

29. මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.

30. උන්වහන්සේ මේ කාරණා කියද්දී බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

31. එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;

32. නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

33. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදැයි කීවෝය.

34. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි-පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.

35. වාලා නිතරම ගෙදර නැවතී නොසිටියි. පුත්‍රයා නිතරම නැවතී සිටියි.

36. එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස්වන්නහුය.

37. නුඹලා ආබ්‍රහම්ගේ වංශය බව දනිමි; එහෙත් නුඹලා තුළ නිදහස්ලෙස ක්‍රියාකරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින්, මා මරන්ට සොයහුය.

38. මාගේ පියාණන්වහන්සේ ළඟදී දුටු දේ මම කියමි. එසේම නුඹලාත් නුඹලාගේ පියාගෙන් ඇසූ දේ කරහුයයි කීසේක.

39. ඔව්හු උත්තරදෙමින්: අපගේ පියාණෝ ආබ්‍රහම්යයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම්ගේ ක්‍රියා කරන්නහුය.

40. නුමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවාවූ මනුෂ්‍යයෙක් වන මා මරන්ට දැන් නුඹලා සොයහුය. ආබ්‍රහම් එසේ නොකළේය.

41. නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔව්හු: අපි වේශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව; අපට ඇත්තේ එකම පියාණෝය, ඒ දෙවියන්වහන්සේයයි කීවෝය.

42. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක.

43. මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය.

44. නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

45. මා නුඹලාට සැබෑව කියන හෙයින් නුඹලා මා අදහාගන්නේ නැත.

46. මට පාපය ඇතැයි නුඹලාගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් නුඹලා මා අදහා නොගන්නේ මක්නිසාද?

47. දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැයි කීසේක.

48. යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.

49. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මට යක්ෂයෙක් ආවේශවෙලා නොව මම මාගේ පියාණන්වහන්සේට ගෞරවකරමි, නුඹලා මට අගෞරවකරහුය.

50. නුමුත් මම මාගේම ගෞරවය නොසොයමි. එය සොයන්නාවූ විනිශ්චයකරන්නාවූ කෙනෙක් සිටිනසේක.

51. සැබවක් සැබවක් නුඹලාට කියමි-යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක.

52. යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.

53. නුඹ අපගේ පියාවූ ආබ්‍රහම්ට වඩා උතුම් කෙනෙක්ද? ඔහු මළේය; අනාගතවක්තෘවරුද මළෝය. නුඹ කවරෙක කියා කියාගන්නෙහිදැයි කීවෝය.

54. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවය හිස්ය. මට ගෞරවකරන්නේ මාගේ පියාණන්වහන්සේය; උන්වහන්සේ නුඹලාගේ දෙවියන්වහන්සේයයි නුඹලා කියහුය; නුඹලා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත.

55. නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේ නාඳුනමියි කීවොත් මමත් නුඹලා හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේගේ වචනයද රක්ෂාකරමි,

56. නුඹලාගේ පියවූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය; ඔහු ඒ දැක සන්තෝෂවීයයි කීසේක.

57. එබැවින් යුදෙව්වරු: නුඹ තවම අවුරුදු පණහක් වයස නැතුව, ආබ්‍රහම් දුටුවෙහිදැයි උන්වහන්සේට කීවෝය.

58. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි- ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටියිමි කීසේක.

59. එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.

About ශු. යොහන් Chapter 8

Read ශු. යොහන් Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. යොහන්
Chapter: 8
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. යොහන් Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. යොහන් Chapter 8?

ශු. යොහන් Chapter 8 is part of the Book of ශු. යොහන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. යොහන් Chapter 8 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-යොහන්

  1. ශු. යොහන් Chapter 12
  2. ශු. යොහන් Chapter 21
  3. ශු. යොහන් Chapter 3
  4. ශු. යොහන් Chapter 10
  5. ශු. යොහන් Chapter 15
  6. ශු. යොහන් Chapter 4
  7. ශු. යොහන් Chapter 5

Related Chapters & Readings

  1. 2 යොහන් Chapter 1
  2. යෙසායා Chapter 33
  3. යෙසායා Chapter 18
  4. උත්පත්ති Chapter 7
  5. යෝබ් Chapter 42
  6. උත්පත්ති Chapter 23
  7. යෙසායා Chapter 65
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *