1 කොරින්ති Chapter 16

For English

Read 1 කොරින්ති Chapter 16 Online

Read 1 කොරින්ති Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 කොරින්ති and the Holy Bible online.

Choose a Chapter

1 කොරින්ති 16

පරිච්ඡේදය 16

1. ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න.

2. මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.

3. මා ආවාම නුඹලා දෙන දේ යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි නුඹලා සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.

4. මාත් යෑම යෝග්‍ය නම් ඔවුන් කැඳවාගන යන්නෙමි.

5. මම මකිදෝනිය මැදින් ගිය පසු නුඹලා ළඟට එන්නෙමි; මක්නිසාද මකිදෝනිය මැදින් යමි.

6. මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි නුඹලා මා යවන පිණිස, නුඹලා සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.

7. මා දැන් යන ගමෙන්දී නුඹලා දකින්ට නොකැමැත්තෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසර දෙනසේක් නම්, නුඹලා සමඟ කලක් සිටින්ට බලාපොරොත්තුවෙමි.

8. නුමුත් පෙන්තකොස්තය වෙන තුරු එපීසයෙහි නවතින්නෙමි;

9. මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති.

10. තිමෝතියස් ආවොත් ඔහු භය නැතුව නුඹලා අතරෙහි සිටින හැටියට බලාගන්න; මක්නිසාද මා වාගේම ඔහුත් ස්වාමීන්වහන්සේගේ වැඩය කරන්නේය.

11. එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.

12. සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ නුඹලා ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.

13. අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.

14. නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.

15. සහෝදරයෙනි, ස්තේපනස්ගේ ගෙයි වැසියන් අකායෙහි ප්‍රථම ඵල බවද ඔවුන් ශුද්ධවන්තයන්ගේ සේවයට භාරවුණ බවද නුඹලා දනීහුය.

16. නුඹලාත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.

17. ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. නුඹලා නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය.

18. මක්නිසාද ඔව්හු මාගෙත් නුඹලාගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය. එබැවින් එබඳු අය සලකන්න.

19. ආසියාවේ සභාවෝ නුඹලාට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමඟ ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට බොහෝසෙයින් ආචාරකරති.

20. සියලු සහෝදරයෝ නුඹලාට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.

21. පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.

22. යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.

23. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.

24. මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා සියල්ලන් සමඟ වේවා. ආමෙන්.

About 1 කොරින්ති Chapter 16

Read 1 කොරින්ති Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of 1 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 කොරින්ති
Chapter: 16
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 කොරින්ති Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 කොරින්ති Chapter 16?

1 කොරින්ති Chapter 16 is part of the Book of 1 කොරින්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 කොරින්ති Chapter 16 online for free with easy chapter navigation.

More Chapters from 1-කොරින්ති

  1. 1 කොරින්ති Chapter 9
  2. 1 කොරින්ති Chapter 7
  3. 1 කොරින්ති Chapter 10
  4. 1 කොරින්ති Chapter 5
  5. 1 කොරින්ති Chapter 2
  6. 1 කොරින්ති Chapter 14
  7. 1 කොරින්ති Chapter 8

Explore More from නව ගිවිසුම

  1. එළිදරව් Chapter 1
  2. ක්රිරයා Chapter 20
  3. ශු. මතෙව් Chapter 11
  4. ශු. ලූක් Chapter 6
  5. 2 කොරින්ති Chapter 1
  6. ක්රිරයා Chapter 11
  7. ක්රිරයා Chapter 12

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 140
  2. රෝම Chapter 5
  3. යෙසායා Chapter 4
  4. 1 සාමුවෙල් Chapter 29
  5. නෙහෙමියා Chapter 10
  6. ගීතාවලිය Chapter 38
  7. හිතෝපදේශ Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *