Read නික්මයාම Chapter 31 Online
Read නික්මයාම Chapter 31 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 31
පරිච්ඡේදය 31
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2. බලව, මම යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා,
3. දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්,
4. බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද
5. සියලු ආකාර කර්මාන්තවලට තේරුමද ලැබෙන ලෙස ඔහු දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කෙළෙමි.
6. තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් ඔබට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.
7. සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද ඒක පිට තබන කරුණාසනයද කූඩාරමේ සියලු බඩුද,
8. මේසය සහ එහි භාජනද පවිත්‍ර පහන් රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,
9. දවන පූජාවල පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද,
10. විසිතුරුකළ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද,
11. ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් ඔබට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.
12. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
13. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් ඔබ සැම මාගේ සබත් රක්ෂාකළ යුතුය. මක්නිසාද ඔබ සැම විශුද්ධකරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි ඔබ සැම දැනගන්නා පිණිස ඒක ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැම සහ මා අතරෙහි ලකුණක්ය.
14. එබැවින් ඔබ සැම සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය ඔබ සැමට ශුද්ධය. එය අශුද්ධකරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
15. සදවසක් වැඩ කළ යුතුය; එහෙත් සත්වෙනි දවස ස්වාමීන්වහන්සේට ශුද්ධවූ ගරුමයවූ නිවාඩුව වන සබතක්ය. සබත් දවසේදී යම් වැඩක් කරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය.
16. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස රක්ෂාකළ යුතුය.
17. එය සදාකාලයටම මා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ලකුණක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් සදවසකින් සාදා සත්වෙනි දින නැවතී නිවාඩුගත්සේකැයි කියන්නැයි කීසේක.
18. උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.
About නික්මයාම Chapter 31
Read නික්මයාම Chapter 31 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 31
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 31 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 31?
නික්මයාම Chapter 31 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 31 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
Explore More from පැරණි ගිවිසුම
- හොෂෙයා Chapter 4
- 1 සාමුවෙල් Chapter 26
- යෙරෙමියා Chapter 14
- 2 ලේකම් Chapter 17
- සාලමොන්ගේ ගීතිකා Chapter 1
- 1 සාමුවෙල් Chapter 2
- හිතෝපදේශ Chapter 3