ශු. මාර්ක් Chapter 6

For English

Read ශු. මාර්ක් Chapter 6 Online

Read ශු. මාර්ක් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මාර්ක් and the Holy Bible online.

Choose a Chapter

ශු. මාර්ක් 6

පරිච්ඡේදය 6

1. උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණිසේක; ගෝලයෝ උන්වහන්සේ කැටුව ගියෝය.

2. සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගයෙහි උගන්වන්ට පටන්ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව: මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරනලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද?

3. මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ.

4. එවිට යේසුස්වහන්සේ කථාකොට: අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටේදීත් තමාගේම නෑයන් අතරේදීත් තමාගේම ගෙදරදීත් මිස ගෞරව නැතුව නොසිටීයයි කීසේක.

5. එහිදී රෝගීන් ස්වල්පදෙනෙකු පිට අත් තබා සුවකළා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්ට උන්වහන්සේට නොහැකිවූයේය.

6. ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිතවූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක.

7. එකල උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, ඔවුන් දෙදෙන දෙදෙනා බැගින් යවන්ට පටන්ගෙන, අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයදී,

8. ගමනට සැරයටියක් පමණක් මිස රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසි දෙයක් නොගෙන,

9. වහන් පයලා, ඇඳුම් දෙකක් නොහැඳ යන ලෙස ඔවුන්ට අණකළසේක.

10. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා යම් තැනකදී ගෙදරකට ඇතුල්වූ කල, එයින් පිටත්ව යනතෙක් එහිම සිටින්න.

11. යම් තැනකදී ඔවුන් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, එතැනින් පිටත්ව යන කල ඔවුන්ට සාක්ෂියක් පිණිස නුඹලාගේ පාද යට තිබෙන ධූලි ගසාදමන්නැයි කීසේක.

12. ඔව්හු පිටත්ව ගොස්: පසුතැවිලිවෙන්නැයි දේශනාකළෝය.

13. ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය.

14. එකල උන්වහන්සේගේ නාමය ප්‍රසිද්ධවූ බැවින්, හෙරොද් රජ ඒ අසා: යොහන් බව්තීස්ත මළවුන්ගෙන් නැගුටුණේය, එබැවින් මේ ආශ්චර්ය බලය ඔහු තුළ ක්‍රියාකරන්නේයයි කීවේය.

15. නුමුත් සමහරෙක්: ඔහු එලියායයි කීවෝය. අන් සමහරෙක්: අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙකු මෙන් ඔහු අනාගතවක්තෘ කෙනෙක්යයි කීවෝය.

16. නුමුත් හෙරොද් ඒ ඇසූකල: මේ වනාහි මා විසින් හිස කප්පවනලද යොහන්ය, ඔහු (මළවුන්ගෙන්) නැගිට සිටින්නේයයි කීයේය.

17. මක්නිසාද හෙරොද් තමා සරණපාවාගත්, තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිරඅඩස්සි කෙළේය.

18. මෙසේ කළේ: නුඹේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම නුඹට යුතු නැතැයි යොහන් හෙරොද්ට කී නිසාය.

19. එබැවින් හෙරෝදියස් ඔහුට වෛරබැඳ, ඔහු මරන්ට කැමතිවූවාය; නුමුත් ඈට නොහැකිවිය;

20. මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන්දුන්නේය.

21. තවද පහසු දිනක් පැමිණියෙන්, හෙරොද් තමා උපන් දවසේදී තමාගේ උත්තමයන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රධානීන්ටද මංගල්‍යකෑමක් දුන්නේය.

22. එවිට හෙරෝදියස්ගේ දුව එහි පැමිණ නටා, හෙරොද් සහ ඔහු සමඟ කෑමට වාඩිව හුන් අය ප්‍රසන්නකළාය; එකල රජතෙම තරුණියට කථාකොට: නුඹ කැමති මොන දෙයක් නුමුත් මාගෙන් ඉල්ලන්න, ඒක නුඹට දෙමියි කීය.

23. ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය.

24. ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මවුගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ හිසයයි ඈ කීවාය.

25. එකෙණෙහිම ඈ ඉක්මනින් රජු වෙතට පැමිණ: ඔබ විසින් යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා දැන්ම මට දෙනවාට කැමැත්තෙමියි කියා ඉල්ලුවාය.

26. රජතෙමේ අතිශයින් ශෝකවිය; නුමුත් ඔහුගේ දිවුරුම් නිසාත්, ඔහු සමඟ කෑමට වාඩිව සිටි අයවල් නිසාත්, බැරියයි ඈට කියන්ට නොකැමතිවිය.

27. එකෙණෙහිම රජ මුරකාර හේවායෙකු යවා, යොහන්ගේ හිස ගෙනෙන්ට අණකෙළේය. ඔහු ගොස් හිරගෙයිදී ඔහුගේ හිස කපා,

28. තැටියක ලා ගෙනවුත් යෞවනියට දුන්නේය; යෞවනීද ඒක ඇගේ මවුට දුන්නාය.

29. ඔහුගේ ගෝලයෝ ඒ අසා ඇවිත්, ඔහුගේ මළකඳ ගෙනගොස් සොහොන් ගෙයක තැබුවෝය.

30. ප්‍රේරිතයෝ යේසුස්වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළාවූද ඉගැන්නුවාවූද සියල්ල උන්වහන්සේට දැන්නුවෝය.

31. එවිට උන්වහන්සේ: නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය.

32. එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය.

33. සෙනඟ ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය.

34. උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.

35. දවාල බොහෝසේ ගෙවුණු කල උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ඇවිත්: මේ වනාහි වනාන්තර ස්ථානයක්ය, දවාල බොහෝසේ ගෙවී තිබේ.

36. ඔවුන් අවට තිබෙන ජනපදයට හා ගම්වලට ගොස් තමුන්ට යම් දෙයක් කන්ට මිලදී ගැනීම පිණිස ඔවුන් හැරිය මැනවයි කීවෝය.

37. නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

38. නුඹලා ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු දැනගත් කල: රොටි පහකුත් මසුන් දෙන්නෙකුත්යයි කීවෝය.

39. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක.

40. ඔව්හු පේළි වශයෙන් සියය බැගින්ද පණහ බැගින්ද ඉඳගත්තෝය.

41. උන්වහන්සේ රොටි පහද මසුන් දෙදෙනද අරගෙන, ස්වර්ගය දෙස බලා ස්තුතිකොට, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්ට ගෝලයන්ට දී, මසුන් දෙදනෙක් ඔවුන් සියල්ලන්ට බෙදාදුන්සේක.

42. සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය.

43. ඉතිරි කැබලිවලින්ද මසුන්ගෙන්ද පැස් දොළොසක් පුරවාගත්තෝය.

44. රොටි කෑවාවූ පුරුෂයෝ පන්දහසක්ය.

45. එකෙණෙහිම උන්වහන්සේ සමූහයා යවන අතර, තමන්ට පළමුවෙන් ඔරුවට නැගී බෙත්සයිදාවට එගොඩට යන්ට තමන්ගේ ගෝලයන්ට සැලැස්සූසේක.

46. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වූ පසු, යාච්ඤාකරන පිණිස කන්දට ගියසේක.

47. සවස්වූ කල ඔරුව මුහුද මැද තිබුණේය, උන්වහන්සේ වනාහි තනියම ගොඩ සිටිසේක.

48. සුළඟ ඔවුන්ට විරුද්ධව තිබුණු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් හිරිහැර විඳිනවා උන්වහන්සේ දැක, රෑ සතරවෙනි යාමය පමණේදී ඔවුන් වෙතට මුහුද පිට පයින් යමින්, ඔවුන් පසුකර යන්ට හැදූසේක.

49. ඔව්හු උන්වහන්සේ මුහුද පිට පයින් යනවා දැක, අවතාරයකැයි සිතා මොරගැසූහ.

50. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ දැක කැලඹුණෝය. නුමුත් උන්වහන්සේ එකෙණෙහිම ඔවුන් සමඟ කථාකොට: ධෛර්යවත්ව සිටින්න. මමය; භය නොවෙන්නැයි කියා,

51. ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණුසේක; එකල සුළඟ නැවතුණේය. ඔව්හු තමුන් තුළ අතිශයින් විස්මපත්වූවෝය;

52. මක්නිසාද ඔවුන්ගේ සිත් දැඩිව තිබුණු බැවින් රොටි පිළිබඳ කාරණය ඔව්හු තේරුම් නොගත්තෝය.

53. ඔව්හු එගොඩ ගෙන්නෙසරෙත් රටට පැමිණ ඔරුව වෙරළේ බැන්දෝය.

54. ඔවුන් ඔරුවෙන් බැස්ස කෙණෙහිම මිනිස්සු උන්වහන්සේ හැඳින,

55. එහි වටකර රට මුළුල්ලේ දුවගොස්, උන්වහන්සේ සිටින බව ඇසූ ඇසූ තැන්වලට රෝගාතුරයන් යහන් පිටින් උසුලා ගෙනෙන්ට පටන්ගත්තෝය.

56. යම්කිසි ගමකට හෝ නුවරකට හෝ ජනපදයකට හෝ උන්වහන්සේ ඇතුල්වූසේක්ද, එතැන්හි ඔව්හු රෝගාතුරයන් කඩපිල්වල තබා, ඔවුන්ට උන්වහන්සේගේ සළුවේ දාවල්ලට පමණවත් අතගසන්ට ඉඩදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලන්ටම සුවය ලැබුණේය.

About ශු. මාර්ක් Chapter 6

Read ශු. මාර්ක් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. මාර්ක්
Chapter: 6
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. මාර්ක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. මාර්ක් Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. මාර්ක් Chapter 6?

ශු. මාර්ක් Chapter 6 is part of the Book of ශු. මාර්ක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. මාර්ක් Chapter 6 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. ශු. ලූක් Chapter 15
  5. එපීස Chapter 5
  6. එපීස Chapter 2
  7. ශු. ලූක් Chapter 23

Explore More from ශු.-මාර්ක්

  1. ශු. මාර්ක් Chapter 14
  2. ශු. මාර්ක් Chapter 8
  3. ශු. මාර්ක් Chapter 15
  4. ශු. මාර්ක් Chapter 2
  5. ශු. මාර්ක් Chapter 1
  6. ශු. මාර්ක් Chapter 3
  7. ශු. මාර්ක් Chapter 9

Related Chapters & Readings

  1. එස්තර් Chapter 3
  2. යෙසායා Chapter 29
  3. දේශනාකාරයා Chapter 12
  4. උත්පත්ති Chapter 28
  5. යෙසායා Chapter 64
  6. ක්රිරයා Chapter 6
  7. හිතෝපදේශ Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *