Read ආමොස් Chapter 2 Online
Read ආමොස් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ආමොස් and the Holy Bible online.
Choose a Chapter
ආමොස් 2
පරිච්ඡේදය 2
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෝවබ්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු ඒදොම් රජුගේ ඇට දවා හුනු සෑදුවේය.
2. ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.
3. මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
4. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය.
5. ඒ නිසා මම යෙරුසලමේ මාළිගා නාස්තිකරන ගින්නක් යූදාට එවන්නෙමි.
6. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.
7. දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.
8. ඔවුන් උකසට ගත් වස්ත්‍ර සියලු පූජාසන ළඟ එළාගන ඉඳිති, දඩගැසුම් කෑ අයගේ මුද්‍රිකපානයද තමුන්ගේ දෙවිවරුන්ගේ ගෘහයේදී බොති.
9. එහෙත් කිහිරි ගස්වල උස හා සමාන උස ඇත්තාවූ, අලෝන ගස් මෙන් ශක්තිමත්වූ මෝරිවරුන් ඔවුන් ඉදිරියෙන් විනාශකරදැමුවේ මමය; ඉහළින් ඔවුන්ගේ ඵලද පහළින් ඔවුන්ගේ මුල්ද නාස්තිකෙළෙමි.
10. අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹලා මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනගියෙත් මමය.
11. නුඹලාගේ පුත්‍රයන්ගෙන් අනාගතවක්තෘවරුන්ද නුඹලාගේ තරුණයන්ගෙන් නසරියයන්ද නැගිටෙවුවෙමි. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, එසේ නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12. එහෙත් නුඹලා නසරියයන්ට මුද්‍රිකපානය බොන්ට දුන්නහුය; අනාගතවාක්‍ය නොකියන්නැයි අනාගතවක්තෘවරුන්ට අණ කළහුය.
13. ගොයම් මිටි පිරෙවු ගැළක් නැමෙන්නාක්මෙන් මම නුඹලා බිමට නමන්නෙමි.
14. එබැවින් පලායාම ශීඝ්‍ර අයගෙන් නැතිවන්නේය, බලවත් අයද තමාගේ ශක්තිය වැඩිකරගන්නේවත් බලවතා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.
15. දුනුවායා සිටින්නේවත් ශීඝ්‍ර පාද ඇත්තා ගැළවීයන්නේවත් අශ්වයා පිට නැගීයන්නා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.
16. බලවතුන් අතරෙහි ධෛර්යසිතක් ඇති අයද ඒ දවසේ නිර්වස්ත්‍රව පලායන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
About ආමොස් Chapter 2
Read ආමොස් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ආමොස්
Chapter: 2
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ආමොස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ආමොස් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ආමොස් Chapter 2?
ආමොස් Chapter 2 is part of the Book of ආමොස් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ආමොස් Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from ආමොස්
- ආමොස් Chapter 5
- ආමොස් Chapter 7
- ආමොස් Chapter 8
- ආමොස් Chapter 6
- ආමොස් Chapter 4
- ආමොස් Chapter 3
- ආමොස් Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 75
- ගීතාවලිය Chapter 147
- යෝබ් Chapter 10
- යෝබ් Chapter 4
- රූත්ගේ කථාව Chapter 3
- නික්මයාම Chapter 11
- රූත්ගේ කථාව Chapter 1