ලෙවී කථාව Chapter 16

For English

Read ලෙවී කථාව Chapter 16 Online

Read ලෙවී කථාව Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

ලෙවී කථාව 16

පරිච්ඡේදය 16

1. ස්වාමීන්වහන්සේ ඉදිරියට ළඟාවී සිටිද්දී මැරුණු, ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනාගේ මරණයෙන් පසු,

2. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඔබේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.

3. ආරොන් ශුද්ධස්ථානයට ඇතුල්විය යුතු මෙසේය: පාප පූජාවකට ගොන් නාම්බෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද රැගෙන ඔප්පුකිරීමෙන්ය.

4. ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.

5. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය.

6. එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමඟිකමක් කරන්නේය.

7. ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය.

8. එවිට ආරොන් එළුවන් ගැන පසඇට දැමිය යුතුය: ස්වාමීන්වහන්සේට එක පස ඇටයක්ය, අශාශෙල්ට 16:8 හෙවත්, නිදහස්කර හැරීමට දාදුව වැටුණු. එක පස ඇටයක්ය.

9. පසඇට දැමීමෙන් ස්වාමීන්වහන්සේට වූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය.

10. එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ට 16:10 හෙවත්, නිදහස්කර හැරීමට දාදුව වැටුණු. වූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමඟිකමක් කරන පිණිස ඌ පණපිටින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා.

11. ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමඟිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය.

12. එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,

13. ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය.

14. තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙනහිර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.

15. එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය.

16. එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමඟිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය.

17. ඔහු ශුද්ධස්ථානයෙහි සමඟිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්‍රායෙල් සභාව උදෙසාද සමඟිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය.

18. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමඟිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය.

19. ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා.

20. ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමඟිකමක්කොට නිමවූ කල පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා.

21. ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය.

22. එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය.

23. එවිට ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව තමා ශුද්ධස්ථානයට ඇතුල්වෙන විට හැඳගන සිටි හණ වස්ත්‍ර ගළවා එහි තබා,

24. ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමඟිකමක් කරන්නේය.

25. පාප පූජාවේ තෙල පූජාසනය පිට දැවිය යුතුය.

26. අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.

27. තවද ශුද්ධස්ථානයෙහි සමඟිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.

28. ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.

29. එය ඔබ සැමට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී ඔබ සැමගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් ඔබ සැම අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය.

30. මක්නිසාද ඔබ සැමගේ සියලු පාපවලින් ඔබ සැම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස ඔබ සැම පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ ඔබ සැම උදෙසා සමඟිකමක් කරනු ලබන්නේය.

31. ඒක ඔබ සැමට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, ඔබ සැම ඔබ සැමගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය.

32. ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන,

33. අති ශුද්ධස්ථානය උදෙසා සමඟිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමඟිකමක් කළ යුතුය.

34. ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමඟිකමක් කරන පිණිස මේක ඔබ සැමට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය.

About ලෙවී කථාව Chapter 16

Read ලෙවී කථාව Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 16
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 16?

ලෙවී කථාව Chapter 16 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 16 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 15
  2. ලෙවී කථාව Chapter 19
  3. ලෙවී කථාව Chapter 24
  4. ලෙවී කථාව Chapter 7
  5. ලෙවී කථාව Chapter 17
  6. ලෙවී කථාව Chapter 9
  7. ලෙවී කථාව Chapter 5

Related Chapters & Readings

  1. උත්පත්ති Chapter 13
  2. 2 රාජාවලිය Chapter 17
  3. ගීතාවලිය Chapter 93
  4. 2 කොරින්ති Chapter 5
  5. ශු. යොහන් Chapter 4
  6. උත්පත්ති Chapter 5
  7. ශු. යොහන් Chapter 7
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *