යෙරෙමියා Chapter 4

For English

Read යෙරෙමියා Chapter 4 Online

Read යෙරෙමියා Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 4

පරිච්ඡේදය 4

1. ඉදින් ඉශ්‍රායෙල්, නුඹ හැරීඑන්නෙහිනම් නුඹ හැරීඑන්ට ඕනෑ මා වෙතටයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹේ පිළිකුල්කම් නුඹ මා ඉදිරියෙන් පහකළොත්, නුඹ අහක්කරනු නොලබන්නෙහිය.

2. නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.

3. මක්නිසාද ස්වාමීන්වහන්සේ යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමටත් මෙසේ කියනසේක: කටු අතරේ නොවපුරා පුරන්බිම කොටාගන්න.

4. යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.

5. දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යූදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල්වෙන පිණිස රැස්වෙන්නය කියා හයියෙන් මොරගසන්න

6. කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.

7. සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.

8. ඉන්නිසා ගෝණි රෙදි බැඳගෙන, විලාප කියමින් කෑමොරගසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය.

9. ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වන‍්නෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

10. එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස-නුඹලා මට සමාදානය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනඟත් යෙරුසලමත් බොහෝසෙයින් රැවටූසේක; එහෙත් කඩුව ප්‍රාණය දක්වාම වදින්නේයයි කීවෙමි.

11. ඒ කාලයේදී මේ සෙනඟටත් යෙරුසලමටත් මෙසේ කියනු ලබන්නේය: කාන්තාරයේ මුඩු කඳුවල ග්‍රීෂ්ම හුළඟක් එනම් පෙළීමටවත් ශුද්ධකිරීමටවත් නොව,

12. ඊට වඩා සැරවූ හුළඟක් මා උදෙසා මාගේ සෙනඟවූ දියණියන් දෙසට පැමිණෙයි. දැන් මමත් ඔවුන්ට විරුද්ධව විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.

13. බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.

14. එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?

15. මක්නිසාද හඬක් දාන් සිට ප්‍රකාශකරමින්, එප්‍රායිම් කඳුරටේ සිට විපත ප්‍රසිද්ධකරන්නේය.

16. ජාතීන්ට සඳහන්කරන්න; මෙන්න, දුර දේශයකින් රැකවලුන් ඇවිත් යූදාහි නුවරවලට විරුද්ධව තමුන්ගේ හඬ පවත්වන බව යෙරුසලමට විරුද්ධව ප්‍රකාශකරන්න.

17. යෙරුසලම මට විරුද්ධව කැරළිගැසූ බැවින් කෙතක රැකවලුන් මෙන් ඔව්හු ඈ වටකරගෙන සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.

18. නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.

19. අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, නුඹට ඇසුණේය.

20. නාස්තියක් පිට නාස්තියක් ප්‍රකාශකරනු ලබන්නේය; මක්නිසාද මුළු දේශයම නාස්තිවී තිබේ. හදිසියෙන් මාගේ කූඩාරම්ද මොහොතකින් මාගේ තිරද නාස්තිවුණේය.

21. මට කොඩිය දකින්ටත් හොරණෑ හඬ ඇසෙන්ටත් වෙන්නේ කොපමණ කල්ද?

22. මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.

23. මම පොළොව දෙස බැලූ විට ඒක පාළුව හිස්ව තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි.

24. කඳු දෙස බැලූ විට ඒවා සෙලවෙන බවත් සියලු හෙල් වැනෙන බවත් දුටිමි.

25. මම බැලූ විට මනුෂ්‍යයෙක් නැති බවත් ආකාශයේ සියලු පක්ෂීන් පලාගිය බවත් දුටිමි.

26. මම බැලූ විට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක්වූ බවත් එහි සියලු නුවරවල් කඩාදමා තිබෙන බවත් දුටිමි.

27. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.

28. මේ නිසා පොළොව වැලපෙන්නීය, ඉහළ අහසද කළුවර වන්නේය; මක්නිසාද මම ඒක කියා නියමකෙළෙමි, මා ඒ ගැන තැවුණේවත් එයින් අහක්වයන්නේවත් නැත.

29. සියලු නුවරවල වැසියෝ අසරුවන්ගේද දුනුවායින්ගේද ඝෝෂාවට පලාගොස් බැදිවලට ඇතුල්වෙති, පර්වතවලටද නගිති. සියලුම නුවරවල් කිසි මනුෂ්‍යයෙක් ඒවායේ වාසය නොකරන හැටියට අත්හරිනු ලබති.

30. ඉතින් නුඹ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? නුඹ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත් නුඹේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; නුඹේ ප්‍රේමවන්තයෝ නුඹ ප්‍රතික්ෂේපකරති, ඔව්හු නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.

31. මක්නිසාද විළිරුජා ඇති ස්ත්‍රියෙකුගේ හඬ මෙන්ද කුලුඳුලා බිහිකරන ස්ත්‍රියෙකුගේ ගාවිනාව මෙන්ද සියොන් දුවගේ හඬ මට ඇසුණේය, ඈ හතිදමා, කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගන: අහෝ මට දුකය! මක්නිසාද ඇගේ ප්‍රාණය මිනීමරුවන් නිසා ක්ලාන්තවී තිබේයයි කියන්නීය.

About යෙරෙමියා Chapter 4

Read යෙරෙමියා Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 4?

යෙරෙමියා Chapter 4 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 28
  2. යෙරෙමියා Chapter 21
  3. යෙරෙමියා Chapter 6
  4. යෙරෙමියා Chapter 9
  5. යෙරෙමියා Chapter 29
  6. යෙරෙමියා Chapter 8
  7. යෙරෙමියා Chapter 36

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 65
  2. 1 ලේකම් Chapter 7
  3. ගීතාවලිය Chapter 96
  4. සාලමොන්ගේ ගීතිකා Chapter 1
  5. ගීතාවලිය Chapter 40
  6. යෙරෙමියා Chapter 50
  7. ගණන් කථාව Chapter 26
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *