Read යෙරෙමියා Chapter 16 Online
Read යෙරෙමියා Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 16
පරිච්ඡේදය 16
1. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය:
2. මේ ස්ථානයෙහි නුඹ භාර්යාවක් පාවා නොගන්න, පුත්‍රයෝද දූවරුද නුඹට නොසිටිත්වා.
3. මක්නිසාද මේ ස්ථානයෙහි උපදින පුත්‍රයන්ද දූවරුන්ද ගැනත් මේ දේශයෙහි ඔවුන් බිහිකළ මවුවරුන්ද ඔවුන් ජාතකකළ පියවරුන්ද ගැනත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
4. ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
5. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමේ ගෙට ඇතුල් නොවන්න, ළතෝනි කියන්ට නොයන්න, ඔවුන් ගැන ශෝක නොවන්න. මක්නිසාද මාගේ සමාදානය, එසේය, කරුණාව සහ අනුකම්පාව, මේ සෙනඟගෙන් අහක්කරගතිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.
7. මළ තැනැත්තා ගැන ඔවුන් සනසන පිණිස වැලපීමේදී කිසිවෙක් ඔවුන්ට රොටි කඩා දෙන්නේවත්, ඔවුන්ගේ පියා නිසාවත් ඔවුන්ගේ මවු නිසාවත් සැනසීමේ කුසලානෙන් ඔවුන්ට පොවන්නේවත් නැත.
8. නුඹ ඔවුන් සමඟ හිඳගෙන කනබොන පිණිස මංගල්‍ය ගෙදරට ඇතුල් නොවන්න.
9. මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලාගේ ඇස් ඉදිරියේදීත් නුඹලාගේ දවස්වලදීත් ප්‍රීති සන්තෝෂ හඬද මනමාලයාගේ සහ මනමාලීගේ හඬද මේ ස්ථානයෙන් නවත්වන්නෙමි.
10. නුඹ මේ සියලු කාරණා මේ සෙනඟට දැන්වූ විට, ඔව්හු: ස්වාමීන්වහන්සේ ඒ මුළු මහත් විපත්තිය අපට විරුද්ධව කීවේ මොකක් නිසාද කියාත් අපේ අයුතුකම මොකද කියාත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව අප විසින් කළ අපේ පාපය මොකද කියාත් අසන කල, නුඹ ඔවුන්ට කථාකොට-
11. නුඹලාගේ පියවරුන් මා අත්හැර, අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකර, නමස්කාරකර, මා අත්හැර, මාගේ ව්‍යවස්ථාවද නොපවත්වා සිටින්ටත්,
12. නුඹලාම නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියාකරන්ටත් යෙදුණු නිසාය. බලව, මට කන්නොදෙන හැටියට නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු සිතේ මුරණ්ඩුකම ලෙස හැසිරෙන්නහුය.
13. එබැවින් මම මේ දේශය මතුපිටින් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් දේශය පිටට නුඹලා හෙළාදමන්නෙමි; එහි නුඹලා රෑ දාවල් අන් දෙවිවරුන්ට සේවයකරනවා ඇත; මක්නිසාද මම නුඹලාට කරුණාව නොපෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
14. එහෙත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා තවත් නොකියා-
15. ඉශ්‍රායෙල් පුත්‍රයන් උතුරු දේශයෙන්ද උන්වහන්සේ ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා කියන දවස් පැමිණෙන්නේය. මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි.
16. බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.
17. මක්නිසාද මාගේ ඇස් ඔවුන්ගේ සියලු මාර්ගයන් කෙරෙහි යොමා තිබේ. ඒවා මාගේ මුහුණෙන් සැඟවී නැත, ඔවුන්ගේ අයුතුකමද මාගේ ඇස් ඉදිරියෙන් වැසී නැත.
18. ඔවුන් තමුන්ගේ අශික්ෂිත දේවල මළකඳන්වලින් මාගේ දේශය දූෂ්‍යකොට, තමුන්ගේ පිළිකුල්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා, මම පළමුකොට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි.
19. මාගේ බලයද මාගේ බලකොටුවද විපත්ති දවසේදී මාගේ රක්ෂාස්ථානයද වූ ස්වාමීන්වහන්ස , ජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙතට ඇවිත් කථාකොට: කිසි ප්‍රයෝජනයක් නැති නිෂ්ඵලකම වන බොරුකාරකමම අපේ පියවරු උරුමකරගෙන සිටියෝය.
20. මනුෂ්‍යයෙක් තමාටම දෙවිවරුන් සාදාගන්නේද? ඒවා දෙවිවරු නොවෙත්යයි කියන්නෝය.
21. එබැවින්, මෙන්න, මේ වතාවේ පමණක් ඔවුන්ට දැනගන්ට සලස්වන්නෙමි, මාගේ හස්තයත් මාගේ පරාක්‍රමයත් දැනගන්ට සලස්වන්නෙමි; මාගේ නාමය යොහෝවඃවහන්සේ බව ඔව්හු දැනගන්නෝය.
About යෙරෙමියා Chapter 16
Read යෙරෙමියා Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 16
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 16?
යෙරෙමියා Chapter 16 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 16 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 6
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 43
- යෙරෙමියා Chapter 52
- යෙරෙමියා Chapter 35
- යෙරෙමියා Chapter 23
- යෙරෙමියා Chapter 26
- යෙරෙමියා Chapter 42
- යෙරෙමියා Chapter 18