යෙරෙමියා Chapter 39

For English

Read යෙරෙමියා Chapter 39 Online

Read යෙරෙමියා Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 39

පරිච්ඡේදය 39

1. යෙරුසලම අසුවූ කල්හි, යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේදී බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඒක වටලාගත්තේය.

2. ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ නවවෙනිදා නුවර පවුර බිඳිනලද්දේය.

3. එවිට බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම් නේර්ගල්-ෂරෙශෙර්ද සම්ගර්-නෙබෝද සර්සෙකිම්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහුද ඇවිත් මැද දොරටුවේ හිඳගත්තෝය.

4. තවද යූදාහි රජවූ ශෙදෙකියාද සියලු යුද්ධකාරයෝද ඔවුන් දුටු විට, පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රජ උයනේ පාරෙන් නුවරින් රාත්‍රියේ පිටත්ව පලාගියෝය. රජද අරබා සමභූමියේ මාර්ගයෙන් නික්ම ගියේය.

5. නුමුත් කල්දිවරුන්ගේ සේනාව ඔවුන් පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංවී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ළඟට ඔහු ගෙනගියෝය, ඔහුද ඔහු ගැන තීන්දුව දුන්නේය.

6. එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහිදී ඔහුගේ ඇස් ඉදිරියේ මැරීය. බබිලෝනියේ රජ යූදාහි සියලු උත්තමයන්ද මැරීය.

7. තවද ඔහු ශෙදෙකියාගේ ඇස් අන්ධ කොට, ඔහු බබිලෝනියට ගෙනයන පිණිස විලංගු දැම්මේය.

8. කල්දිවරු රජගෙය සහ සෙනඟගේ ගෙවලුත් ගිනිලා, යෙරුසලමේ පවුරු කඩාදැමුවෝය.

9. තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනඟද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනඟගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය.

10. එහෙත් කිසිවක් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙක් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යූදා දේශයෙහි ඉතිරිකර තබා, එකල්හිම ඔවුන්ට මිදිවතු සහ කෙත්ද දුන්නේය.

11. ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්:

12. නුඹ ඔහු රැගෙන, ඔහු හොඳට බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු නුඹට කියන හැටියටම ඔහුට කරන්නැයි කීවේය.

13. මෙසේ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ද නෙබුෂශ්බාන්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහුද,

14. යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.

15. යෙරෙමියා හිරගෙයි මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙසේ කීය:

16. නුඹ ගොස් කූෂීය එබෙද්-මෙලෙක්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම මාගේ වචන මේ නුවර පිටට යහපත පිණිස නොව විපත්ති පිණිස පමුණුවමි; ඒ දවසේදී ඒවා නුඹ ඉදිරියෙහි ඉෂ්ටවන්නේය.

17. එහෙත් මම ඒ දවසේදී නුඹ ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ භයව සිටින මනුෂ්‍යයන් අතට නුඹ අසුවන්නේ නැත.

18. සැබවින් නුඹ මුදාගන්නෙමි, නුඹ කඩුවෙන් වැටෙන්නේ නැත. නුඹ මා කෙරෙහි විශ්වාසකළ බැවින් නුඹේ ප්‍රාණය නුඹට කොල්ලයක් මෙන් ලැබෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීවේය.

About යෙරෙමියා Chapter 39

Read යෙරෙමියා Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 39
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 39 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 39?

යෙරෙමියා Chapter 39 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 39 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 52
  2. යෙරෙමියා Chapter 26
  3. යෙරෙමියා Chapter 51
  4. යෙරෙමියා Chapter 3
  5. යෙරෙමියා Chapter 35
  6. යෙරෙමියා Chapter 4
  7. යෙරෙමියා Chapter 41

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 31
  2. විනිශ්චයකාරයන් Chapter 16
  3. ක්රිරයා Chapter 26
  4. නික්මයාම Chapter 18
  5. එසකියෙල් Chapter 44
  6. යෙසායා Chapter 41
  7. දානියෙල් Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *