Read යෝබ් Chapter 4 Online
Read යෝබ් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.
Choose a Chapter
යෝබ් 4
පරිච්ඡේදය 4
1. එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2. යමෙක් ඔබ සමඟ කථාකරන්ට සිතට ගත්තොත් ඔබ අප්‍රසන්න වන්නෙහිද? නුමුත් කථාව නවතාගන්ට පුළුවන් කාටද?
3. බලව, ඔබ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී, හෙළා වැටුණු අත් බලවත්කෙළෙහිය.
4. සෙලවෙන තැනැත්තා ඔබේ වචන වලින් ඔබ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.
5. එහෙත් දැන් ඒක ඔබට පැමිණි බැවින් ඔබ ක්ලාන්තවන්නෙහිය; එය ඔබට වදින නිසා ඔබ කැලඹෙන්නෙහිය.
6. ඔබේ විශ්වාසය ඔබේ භක්තියත්, ඔබේ බලාපොරොත්තුව ඔබේ මාර්ගවල අවංකකමත් නොවේද?
7. නිදොස්ව සිට විනාශවුණේ කවුද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරන්න.
8. මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨකම හාලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපාගනිති.
9. දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.
10. සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිදී තිබේ.
11. මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.
12. කාරණාවක් රහසින් මට දන්වනලද්දේය, එහි ශබ්දය හෙමින් මාගේ කනේ වැටුණේය.
13. බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,
14. මාගේ සියලුම ඇට වෙවුලෙවුවාවූ භීතියක්ද චංචලයක්ද මට පැමුණුණේය.
15. එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය.
16. ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය; මාගේ ඇස් ඉදිරියෙහි ස්වරූපයක් තිබුණේය. නිශ්ශබ්දකමක්ද වූයේය, එවිට හඬක් මට ඇසුණේය; එනම්,
17. මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද? මනුෂ්‍යයෙක් තමාගේ මැවුම් කාරයාණන්ට වඩා පිරිසිදුද?
18. බලව, උන්වහන්සේ තමන් මෙහෙකරුවන් කෙරෙහි විශ්වාසය නොතබනසේක; තමන්ගේ දූතයෝ අනුවණයෝයයි ඔවුන්ට දොස් තබනසේක.
19. ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.
20. උදය පටන් සවස දක්වා ඔව්හු පොඩිවී යති, ඔව්හු සදාකාලයටම නැතිවී යති, කිසිවෙක් එය නොසලකයි.
21. ඔවුන් තුළ තිබෙන උතුම්කම පහව නොයන්නේද? ඔව්හු ප්‍රඥාව නැතුවම මැරෙති.
About යෝබ් Chapter 4
Read යෝබ් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෝබ්
Chapter: 4
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෝබ් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෝබ් Chapter 4?
යෝබ් Chapter 4 is part of the Book of යෝබ් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෝබ් Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
Explore More from යෝබ්
- යෝබ් Chapter 19
- යෝබ් Chapter 17
- යෝබ් Chapter 22
- යෝබ් Chapter 37
- යෝබ් Chapter 1
- යෝබ් Chapter 18
- යෝබ් Chapter 15