Read නික්මයාම Chapter 10 Online
Read නික්මයාම Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 10
පරිච්ඡේදය 10
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට යන්න. මක්නිසාද මා විසින් ඵාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිත්ද දැඩිකළේ ඔවුන් මධ්‍යයෙහි මාගේ ලකුණු දක්වන පිණිසත්
2. මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි ඔබේ පුත්‍රයාටත් ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් ඔබ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්න පිණිසත්යයි කීසේක.
3. මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස්: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත්නොවී සිටින්නෙහිද? මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.
4. එසේ හරින්ට අකැමති වන්නෙහිනම්, බලව, මම හෙට ඔබේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි.
5. පොළොව නොපෙනෙන තරම් උන් පොළෝතලය වසාගෙන, ගල් වර්ෂාවෙන් ගැළවී ඉතුරුව තිබෙන කොටසත් කෙතෙහි ඔබ සැමට වැඩෙන සියලු ගසුත් කන්නෝය.
6. ඔබේ පියවරුන්වත් ඔබේ පියවරුන්ගේ පියවරුන්වත් පොළොවේ විසූ තැන් පටන් අද දක්වා නුදුටු ලෙස ඔබේ ගෙවල්ද ඔබේ සියලු සේවකයන්ගේ ගෙවල්ද සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උන්ගෙන් පිරෙන්නේයයි ඔහුට කීය. ඔහු හැරී ඵාරාවෝ කෙරෙන් පිටතට ගියේය.
7. ඵාරාවෝගේ මෙහෙකරුවෝ: මේ මනුෂ්‍යයා කොතෙක් කල් අපට මල පතක් වන්නේද? ඒ මනුෂ්‍යයන් තමන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන පිණිස යන්ට හැරිය මැනවි. මිසරය විනාශවී තිබෙන බව ඔබ තවම නොදන්නෙහිදැයි කීවෝය.
8. මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට නැවත ගෙන්වනලද්දෝය. ඔහු: ඔබ සැම ගොස් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න. එහෙත් යන්නෝ කවුරුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
9. මෝසෙස්ද: අපි අපේ බාලයන් සහ මහල්ලන්ද අපේ පුත්‍රයන් සහ දූවරුන්ද සමඟ යන්නෙමුව, අපි අපේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද සමඟ යන්නෙමුව; මක්නිසාද ස්වාමීන්වහන්සේට අප විසින් මංගල්‍යයක් පවත්වන්ට තිබේයයි කීවේය.
10. ඔහුද: මම ඔබ සැම සහ ඔබ සැමගේ බාලයන්ද යන්ට හරින්නාක් මෙන් ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ වනසේක්වා; බලාගන්න, මක්නිසාද ඔබ සැම ඉස්සරහ නපුරක් තිබේ.
11. එසේ නොවේ. ඔබ සැමගේ පිරිමි පක්ෂය ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; මක්නිසාද ඔබ සැමගේ ඉල්ලීම ඒකයයි ඔවුන්ට කීවේය. තවද ඔව්හු ඵාරාවෝ ඉදිරියෙන් පන්වනලද්දෝය.
12. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පළඟැටියන් මිසර දේශය පිටට අවුත් දේශයේ සියලු පලා ජාතීන් එනම් ගල් වර්ෂාවෙන් ඉතුරුව තිබෙන සියල්ල කා දමන පිණිස ඔබේ අත මිසර දේශය කෙරෙහි දිගුකරන්නැයි කීසේක.
13. මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය.
14. පළඟැටියෝ මිසර දේශය මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය; උන් ඉතා භයානක වූය; ඊට පළමුවෙන් එබඳු පළඟැටියෝ නොවූහ, ඊට පසුවත් නොවන්නාහ.
15. මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතළය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය.
16. එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් ඔබ සැමටත් විරුද්ධව පව්කෙළෙමි.
17. එබැවින් මේ වර පමණක් මාගේ පාපයට කමාවී මේ මරණය පමණක් මාගෙන් පහකරන්ට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්නැයි කීවේය.
18. ඔහු ඵාරාවෝ වෙතින් ගොස් ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය.
19. ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය.
20. එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.
21. එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස ඔබේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක.
22. මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගුකෙළේය; එවිට මිසර දේශය මුළුල්ලෙහි තුන් දවසක් ඝනාන්ධකාරයක් වූයේය;
23. ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය.
24. එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: ඔබ සැම ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; ඔබ සැමගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. ඔබ සැමගේ බාලයෝද ඔබ සැම සමඟ යෙත්වයි කීවේය.
25. මෝසෙස්: අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස ඔබ අපේ අත්වලට පූජාද දවන පූජාද දිය යුතුය.
26. අපේ ගවයන් අප සමඟ යා යුතුය; එක කුරයක්වත් ඉතුරුකර යන්ට නුපුළුවන; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකිරීමට ගවයන්ගෙන් ගත යුතුය; කුමකින් ස්වාමීන්වහන්සේට මෙහෙකටයුතුදැයි එහි යන තෙක් නොදනිමුයයි කීය.
27. එහෙත් ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ හිත දැඩිකළසේක, ඔහු ඔවුන් යන්ට හරින්ට නොකැමතිවිය.
28. ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී ඔබ නසින්නෙහියයි කීයේය.
29. මෝසෙස්ද: ඔබ කීවා හොඳය; මම තවත් ඔබගේ මුහුණ නොදක්නෙමියි කීය.
About නික්මයාම Chapter 10
Read නික්මයාම Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 10
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 10?
නික්මයාම Chapter 10 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 10 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
- නික්මයාම Chapter 20
Explore More from පැරණි ගිවිසුම
- විනිශ්චයකාරයන් Chapter 14
- 2 රාජාවලිය Chapter 21
- නික්මයාම Chapter 30
- එස්රා Chapter 5
- යෙරෙමියා Chapter 43
- යෙසායා Chapter 34
- උත්පත්ති Chapter 45