Read යෙරෙමියා Chapter 35 Online
Read යෙරෙමියා Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 35
පරිච්ඡේදය 35
1. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය:
2. නුඹ රේකාබ්වරුන්ගේ වංශය ළඟට ගොස් ඔවුන් සමඟ කථාකොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙයකට ඔවුන් කැඳවාගෙන ඇවිත්, ඔවුන්ට මුද්‍රිකපානය බොන්ට දෙන්නැයි කීය.
3. එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන යෙරෙමියාගේ පුත්‍රවූ යාසනියාද ඔහුගේ සහෝදරයන්ද ඔහුගේ සියලු පුත්‍රයන්ද රේකාබ්වරුන්ගේ මුළු වංශයද අඬගසාගෙන,
4. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ෂල්ලුම්ගේ පුත්‍රවූ දොරටුපාලයාවූ මයසේයාගේ ඇතුල්ගෙට ඉහළින් තිබුණාවූ, අධිපතීන්ගේ ඇතුල් ගෙට යාව තිබුණාවූ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත්‍රවූ හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුල්ගෙට ඇවිත්,
5. මුද්‍රිකපානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා: මුද්‍රිකපානය බොන්නැයි කීමි.
6. නුමුත් ඔව්හු: අපි මුද්‍රිකපානය නොබොම්හ. මක්නිසාද අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකරමින්-නුඹලාවත් නුඹලාගේ පුත්‍රයෝවත් කිසිකලක මුද්‍රිකපානය නොබී සිටින්න.
7. ගෙයක් ගොඩනගන්ටවත් බීජ වපුරන්ටවත් මිදිවත්තක් වවන්ටවත් අයිතිකරගන්ටවත් එපා. නුඹලා පොරොත්තුව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත්වන පිණිස නුඹලාගේ සියලුම දවස්වල කූඩාරම්වල වාසයකරන්නැයි කීවේය.
8. අපි වනාහි අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකළ සියල්ල ගැන ඔහුගේ හඬට කීකරුවීමුව, කිසිකලක අපිවත් අපේ භාර්යාවෝවත් අපේ පුත්‍රයෝවත් අපේ දූවරුවත් මුද්‍රිකපානය නොබී,
9. අපට වාසයකිරීමට ගෙවලුත් ගොඩ නොනගා සිටිමුව; අපට මිදිවත්තක්වත් කෙතක්වත් බීජවත් නැත.
10. අපි කූඩාරම්වල වාසයකොට, අපේ පියවූ යෝනාදාබ්ට කීකරුව, ඔහු අපට අණකළ සියල්ල ලෙස කර සිටිමුව.
11. නුමුත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් දේශයට විරුද්ධව ආ කල අපි කථාකොට: එන්න, අපි කල්දිවරුන්ගේ සේනාවද සිරියේ සේනාවද නිසා යෙරුසලමට ඇතුල්වෙමුයයි කීවෙමුව; මෙසේ අපි යෙරුසලමෙහි වාසයකරමුයයි කීවෝය.
12. එකල ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය.
13. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න-මාගේ වචනවලට කීකරුවෙන හැටියට නුඹලා දැනමුතුකම පිළිගන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14. රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් මුද්‍රිකපානය බොන්ට එපාය කියා තමාගේ පුත්‍රයන්ට අණකළ වචන ඉෂ්ට කරනලද්දේය. ඔව්හු අද දක්වා ඒවා නොබී, තමුන්ගේ පියාගේ ආඥාවට කීකරුවෙති. එහෙත් මා අලුයම් වේලාවේ පටන්ම නුඹලාට කථාකළ නුමුත් නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත.
15. මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවය-කරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
16. රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගේ පුත්‍රයෝ ඔවුන්ගේ පියා ඔවුන්ට අණකළ ආඥාව ඉෂ්ටකළෝය, නුමුත් මේ සෙනඟ මට ඇහුම්කන් නුදුන්නෝය.
17. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.
18. තවද යෙරෙමියා රේකාබ්වරුන්ගේ වංශයට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවූ යෝනාදාබ්ගේ ආඥාවට නුඹලා කීකරුව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂාකර, ඔහු නුඹලාට අණකළ සියල්ල ලෙස කළ නිසා,
19. සෑම කල්හිම මා ඉදිරියෙහි සිටින්ට රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගෙන් කෙනෙක් නැතුව නොයන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
About යෙරෙමියා Chapter 35
Read යෙරෙමියා Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 35
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 35 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 35?
යෙරෙමියා Chapter 35 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 35 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 2
- යෙරෙමියා Chapter 9
- යෙරෙමියා Chapter 47
- යෙරෙමියා Chapter 33
- යෙරෙමියා Chapter 17
- යෙරෙමියා Chapter 52
- යෙරෙමියා Chapter 42