Read යෙරෙමියා Chapter 24 Online
Read යෙරෙමියා Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 24
පරිච්ඡේදය 24
1. බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි දෙකක් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූසේක.
2. එක පෙට්ටියක ප්‍රථමයෙන් ඉදෙන අත්තික්කා වාගේ ඉතා හොඳ අත්තික්කාද අනික් පෙට්ටියෙහි කන්ට බැරිතරම් ඉතා නරක අත්තික්කාද තිබුණේය.
3. එකල ස්වාමීන්වහන්සේ මට කථාකොට: යෙරෙමියා, නුඹට පෙනෙන්නේ මොනවාදැයි මාගෙන් ඇසූසේක. මමද: අත්තික්කාය; හොඳ අත්තික්කා ඉතා හොඳය; නරක ඒවා නරක්කම නිසා කන්ට බැරි තරම් ඉතා නරකයයි කීමි.
4. ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:
5. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් මේ ස්ථානයෙන් යහපත පිණිස කල්දිවරුන්ගේ දේශයට ඇරියාවූ අසුවී ගියාවූ යූදාවරුන් මම මේ හොඳ අත්තික්කා මෙන් සලකන්නෙමි.
6. යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.
7. මා ස්වාමීන්වහන්සේ බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත.
8. නරකක්ම නිසා කන්ට බැරි තරම් නරකව තිබෙන අත්තික්කා මෙන් මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද මේ දේශයේ ඉතුරුව සිටින යෙරුසලමේ ඉතිරි අයද මිසර දේශයෙහි වසන්නන්ද අහකදමන්නෙමි.
9. එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.
10. මා විසින් ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශය මතුපිටින් ඔවුන් නැතිවී යන තුරු, ඔවුන් අතරට කඩුවත් සාගතයත් වසංගතයත් යවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
About යෙරෙමියා Chapter 24
Read යෙරෙමියා Chapter 24 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 24
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 24 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 24?
යෙරෙමියා Chapter 24 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 24 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 31
- යෙරෙමියා Chapter 35
- යෙරෙමියා Chapter 5
- යෙරෙමියා Chapter 51
- යෙරෙමියා Chapter 32
- යෙරෙමියා Chapter 42
- යෙරෙමියා Chapter 37