යෙරෙමියා Chapter 26

For English

Read යෙරෙමියා Chapter 26 Online

Read යෙරෙමියා Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.

Choose a Chapter

යෙරෙමියා 26

පරිච්ඡේදය 26

1. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ස්වාමීන්වහන්සේගෙන් මේ වචනය පැමිණියේය.

2. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.

3. සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.

4. නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසිරෙන හැටියටත් මා අලුයම් වේලේ පටන් නුඹලා ළඟට එවන්නාවූ,

5. නුඹලා විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්,

6. මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.

7. පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද යෙරෙමියා මේ වචන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කියනවා ඇසුවෝය.

8. මුළු සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල යෙරෙමියා කියා නිමවූ විට පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද ඔහු අල්වා: නුඹ සැබවින් මරනු ලබන්නෙහිය.

9. මේ ගෘහය ෂීලෝ මෙන් වන්නේය කියාත් මේ නුවර වැසියෙක් නොසිටින හැටියට පාළුවන්නේය කියාත් නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවේ මක්නිසාදැයි කීවෝය. මුළු සෙනඟ යෙරෙමියාට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි එකතුවුණෝය.

10. යූදාහි අධිපතීහු ඒ කාරණා අසා, රජගෙදර සිට ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුවෙහි හිඳගත්තෝය.

11. එවිට පූජකයෝද ප්‍රොපේතයෝද අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතුය; මක්නිසාද නුඹලාගේ කන්වලින් නුඹලා ඇසූ ලෙස මොහු මේ නුවරට විරුද්ධව අනාගතවාක්‍ය කීවේයයි කීවෝය.

12. එවිට යෙරෙමියා සියලුම අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: නුඹලා ඇසූ සියලු වචන අනාගතවාක්‍ය කොට මේ ගෘහයටත් මේ නුවරටත් විරුද්ධව කියන්ට ස්වාමීන්වහන්සේ මා එවූසේක.

13. එබැවින් දැන් නුඹලාගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.

14. මම නම් නුඹලාගේ අතෙහිය. නුඹලාගේ ඇස් හමුයෙහි හොඳව හරිව පෙනෙන හැටියට මට කරන්න.

15. එහෙත් නුඹලා මා මරනවා නම්, නුඹලා පිටටත් මේ නුවර පිටටත් මෙහි වැසියන් පිටටත් නුඹලා නිදොස් ලේ පමුණුවන බව සහතිකලෙස දැනගන්න. මක්නිසාද මේ සියලු වචන නුඹලාට ඇසෙන ලෙස කියන්ට ස්වාමීන්වහන්සේ සැබවින් මා නුඹලා ළඟට එවූසේකැයි කීය.

16. එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය.

17. එකල දේශයේ වැඩිමහල්ලන්ගෙන් සමහරු නැගිට රැස්ව සිටි මුළු සෙනඟට මෙසේ කීවෝය.

18. යූදාහි රජවූ හෙසකියාගේ දවස්වලදී මොරෂ්තිය මීකායා අනාගතවාක්‍ය කියමින් යූදාහි මුළු සෙනඟට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද මෙන් වෙනවා ඇතැයි කීවේය.

19. යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.

20. තවද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවාවූ කිරියත්-යෙයාරීම්හි ෂෙමායාගේ පුත්‍රවූ උරියා නම් මනුෂ්‍යයෙක්ද වූයේය; ඔහු යෙරෙමියාගේ සියලු වචනවල හැටියට මේ නුවරටත් මේ දේශයටත් විරුද්ධව අනාගතවාක්‍ය කීවේය.

21. යෙහෝයාකීම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන්ද සියලු අධිපතීන්ද ඔහුගේ වචන ඇසූ විට රජ ඔහු මරන්ට සෙවීය; උරියා ඒ අසා භයව පලාගොස් මිසරයට පැමුණුණේය.

22. නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.

23. ඔව්හු උරියා මිසරයෙන් ගෙනැවිත් යෙහෝයාකීම් රජු ළඟට පැමිණෙවුවෝය; රජද ඔහු කඩුවෙන් මරා ඔහුගේ මළකඳ සාමාන්‍ය ජනයන්ගේ සොහොන්වල දැමුවේයයි කීවෝය.

24. එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.

About යෙරෙමියා Chapter 26

Read යෙරෙමියා Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙරෙමියා
Chapter: 26
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙරෙමියා Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙරෙමියා Chapter 26?

යෙරෙමියා Chapter 26 is part of the Book of යෙරෙමියා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙරෙමියා Chapter 26 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 6
  7. නික්මයාම Chapter 2

Explore More from යෙරෙමියා

  1. යෙරෙමියා Chapter 25
  2. යෙරෙමියා Chapter 46
  3. යෙරෙමියා Chapter 6
  4. යෙරෙමියා Chapter 8
  5. යෙරෙමියා Chapter 16
  6. යෙරෙමියා Chapter 1
  7. යෙරෙමියා Chapter 44

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 74
  2. යෙරෙමියා Chapter 37
  3. එළිදරව් Chapter 21
  4. ලෙවී කථාව Chapter 10
  5. යෙරෙමියා Chapter 31
  6. ද්වීතීය කථාව Chapter 31
  7. යෝනා Chapter 4
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *