Read යෙරෙමියා Chapter 42 Online
Read යෙරෙමියා Chapter 42 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 42
පරිච්ඡේදය 42
1. එවිට සේනාවල සියලු අධිපතියෝද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද හෝෂායාගේ පුත්‍රවූ යෙසනියාද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ:
2. අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;
3. මක්නිසාද නුඹේ ඇස්වලට පෙනෙන ලෙස අපි බොහෝ දෙනෙකුගෙන් ස්වල්ප දෙනෙක්ව ඉතිරිව සිටිමුයයි කීවෝය.
4. එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: නුඹලා කී දේ ඇසීමි; මම නුඹලාගේ වචනවල හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ නුඹලාට උත්තරදෙන කාරණා සියල්ලම නුඹලාගෙන් කිසිවක් නොසඟවා නුඹලාට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.
5. ඔව්හුද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ලවා අපට කියා එවන සියලුම කාරණාවල හැටියට අප විසින් නොකළොත් ස්වාමීන්වහන්සේ අප අතරේ සැබෑවූ විශ්වාසවූ සාක්ෂිකාරයෙක් වනසේක්වා.
6. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි නුඹ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.
7. දස දවසකට පසු ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.
8. එවිට ඔහු කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද කැඳවා ඔවුන්ට කථාකොට:
9. නුඹලාගේ කන්නලව්ව ඔප්පුකරන පිණිස නුඹලා විසින් මා යැවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක
10. නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.
11. නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12. ඔහු විසින් නුඹලාට අනුකම්පාකොට නුඹලාගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට නුඹලා කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.
13. නුමුත් නුඹලා: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී කථාකොට-
14. නැත, අපි මිසරදේශයට යන්නෙමුව; එහිදී යුද්ධයක් දකින්ටවත් හොරණෑ ශබ්දය අසන්ටවත් කෑම නැතුව බඩගින්නේ ඉන්ටවත් වෙන්නේ නැත; එහි සිටින්නෙමුයයි කියන්නහු නම්,
15. එම්බා යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මිසරයට පැමිණීමට නුඹලාගේ මුහුණු හරවාගන, එහි පොරොත්තුව සිටීමට යන්ටම අදහස්කරන්නහු නම්, නුඹලා භයවෙන කඩුව මිසර දේශයේදී නුඹලා පිටට පැමිණෙන්නේය,
16. නුඹලා භයපත්කරවන සාගතය නුඹලා කැටුවම මිසරයට යන්නේය; එහිදී නුඹලා මැරෙන්නහුය.
17. මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්‍යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය.
18. මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
19. යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කථාකළසේක. මිසරයට නොයන්න; මා අද නුඹලාට අවවාදකළ බව හොඳාකාරයෙන්ම දැනගන්න.
20. සැබවින් නුඹලාගේම ප්‍රාණවලට විරුද්ධව නුඹලා ප්‍රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නුඹලා මා යැවුවහුය.
21. මම අද නුඹලාට දැන්වීමි; එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටවත් උන්වහන්සේ මා ලවා නුඹලාට කියා එවූ කිසිවකටවත් නුඹලා කීකරුවුණේ නැත.
22. ඉතින් නුඹලා කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී නුඹලා කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.
About යෙරෙමියා Chapter 42
Read යෙරෙමියා Chapter 42 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 42
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 42 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 42?
යෙරෙමියා Chapter 42 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 42 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 28
- යෙරෙමියා Chapter 48
- යෙරෙමියා Chapter 35
- යෙරෙමියා Chapter 33
- යෙරෙමියා Chapter 44
- යෙරෙමියා Chapter 21
- යෙරෙමියා Chapter 15