Read එසකියෙල් Chapter 33 Online
Read එසකියෙල් Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.
Choose a Chapter
එසකියෙල් 33
පරිච්ඡේදය 33
1. ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:
2. මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-මා විසින් යම් දේශයකට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමුන් අතරෙන් මනුෂ්‍යයෙකු ගෙන තමුන්ට මුරකාරයා කොට තැබුවොත්,
3. දේශය පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනඟට දැන්වූ කල්හි,
4. හොරණෑ ශබ්දය අසා ඒක නොසලකා සිටින යම් කෙනෙකු කඩුව පැමිණ පහකළොත්, ඔහුගේ ලේ තමාගේම හිස පිට වන්නේය.
5. ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටියේය; ඔහුගේ ලේ තමා පිට වන්නේය. නුමුත් ඔහු සැලකුවේ නම් තමාගේ ප්‍රාණය ගළවාගන්නවා ඇත.
6. නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.
7. එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්‍රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
8. එම්බා දුෂ්ටය, නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී කල්හි, තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාදකිරීමට නුඹ කථා නොකර සිටියොත්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි.
9. එසේවී නුමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාදකළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.
10. තවද මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: නුඹලා කථාකොට-අපේ වරද සහ අපේ පාපද අප කෙරෙහි තිබී අප එයින් ක්ෂයවී යද්දී අප ජීවත්වන්නේ කොහොමදැයි කියා නුඹලා කියන එක හරිය.
11. මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.
12. එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට මෙසේ කියන්න: ධර්මිෂ්ඨයා වරද කරන දවසේදී ස්වකීය ධර්මිෂ්ඨකම නිසා ඔහු නොගැළවෙන්නේය; දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරෙන දවසේදී තමාගේ දුෂ්ටකම නිසා වැටී නොයන්නේය. ධර්මිෂ්ඨයා පව්කරන දවසේදී ධර්මිෂ්ඨකම නිසා ජීවත්වෙන්ට ඔහුට පුළුවන්වෙන්නෙත් නැත.
13. නුඹ සැබවින් ජීවත්වන්නෙහියයි මා විසින් ධර්මිෂ්ඨයාට කීවාම ඔහු තමාගේ ධර්මිෂ්ඨකම කෙරෙහි විශ්වාසකරමින් අයුතුකම්කළොත්, ඔහුගේ සියලු ධර්මිෂ්ඨකම් සිහිකරනු නොලබන්නේය; ඔහු කළාවූ ස්වකීය අයුතුකම නිසා ඔහු නසිනවා ඇත.
14. නුඹ නසිනවාම ඇතැයි මා විසින් දුෂ්ටයාට කී විට ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්,
15. උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය.
16. ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.
17. එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹේ සෙනඟගේ පුත්‍රයෝ කියති. නුමුත් සාධාරණ නැත්තේ ඔවුන්ගේ මාර්ගයය.
18. ධර්මිෂ්ඨයා තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අයුතුකම්කළොත්, ඔහු ඒ නිසා නසින්නේය.
19. දුෂ්ටයාද තමාගේ දුෂ්ටකමෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු ඒ නිසා ජීවත්වන්නේය.
20. එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එකිනෙකා තම තමාගේ මාර්ග ලෙස විනිශ්චයකරන්නෙමියි කීය.
21. අපේ වහල්කමේ දොළොස්වෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ පස්වෙනිදා යෙරුසලමෙන් ගැළවුණු කෙනෙක් මා ළඟට ඇවිත්: නුවර අසුවුණායයි කීය.
22. ගැළවුණු තැනැත්තා එන්ට ඉස්සරින්දා සවස ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ තිබුණේය. තවද ඒ අය පසුවදා උදේ මා වෙතට එන තුරු උන්වහන්සේ මාගේ මුඛය ඇර තිබුණේය; මාගේ මුඛය ඇරී, මම තවත් ගොළුව නොසිටියෙමි.
23. ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:
24. මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කථාකොට-ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටි නුමුත් ඔහුට දේශය උරුමවිය. අපි වනාහි බොහෝ දෙනෙක්ය; දේශයද උරුමයක් කොට අපට දී තිබේයයි කියති.
25. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ලේ පිටින් කන්නාවූ, නුඹලාගේ ඇස් නුඹලාගේ රූපවලට ඔසවන්නාවූ,ලේ වගුරුවන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
26. නුඹලාගේ කඩුව කෙරෙහි පිහිටා සිටින්නාවූ, පිළිකුල්කම්කරන්නාවූ, තම තමාගේ අසල්වාසියාගේ භාර්යාව අපවිත්‍රකරන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
27. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මා ජීවමාන බව සැබෑවා සේම, පාළු ඉඩම්වල සිටින්නෝ කඩුවෙන් වැටෙන්නෝය, කෙතේ පිටත සිටින අය මෘගයන්ට කෑම පිණිස දෙන්නෙමි, බලකොටුවලද ගුහාවලද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝය
28. මම දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි, ඇගේ බලයේ උඩඟුකමද පහවන්නේය; ඉශ්‍රායෙල් කඳුවල කිසිවෙකු නොයන ලෙස ඒවා පාළුවන්නේය.
29. ඔවුන් කළ සියලු පිළිකුල්කම් නිසා මා විසින් දේශය පාළුවක්ද නාස්තියක්ද කළාම මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
30. තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයෝ පවුරු ළඟදීද ගෙවල්වල දොරකඩවලදීද නුඹ ගැන කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන වචනය මොකද කියා අසන්නැයි එකිනෙකා තම තමාගේ සහෝදරයාට කියති.
31. එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.
32. නුඹ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි. මක්නිසාද ඔව්හු නුඹේ වචන අසති, නුමුත් ඒවා නොපවත්වා සිටිති.
33. මේ කාරණය සිදුවන්නේමය. එය සිදුවන කල තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.
About එසකියෙල් Chapter 33
Read එසකියෙල් Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: එසකියෙල්
Chapter: 33
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading එසකියෙල් Chapter 33 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is එසකියෙල් Chapter 33?
එසකියෙල් Chapter 33 is part of the Book of එසකියෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete එසකියෙල් Chapter 33 online for free with easy chapter navigation.
More Chapters from එසකියෙල්
- එසකියෙල් Chapter 5
- එසකියෙල් Chapter 40
- එසකියෙල් Chapter 34
- එසකියෙල් Chapter 28
- එසකියෙල් Chapter 24
- එසකියෙල් Chapter 17
- එසකියෙල් Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 3
- යෝබ් Chapter 32
- ගීතාවලිය Chapter 75
- ගීතාවලිය Chapter 46
- 2 ලේකම් Chapter 30
- ගණන් කථාව Chapter 6
- දේශනාකාරයා Chapter 11