ශු. මාර්ක් Chapter 2

For English

Read ශු. මාර්ක් Chapter 2 Online

Read ශු. මාර්ක් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මාර්ක් and the Holy Bible online.

Choose a Chapter

ශු. මාර්ක් 2

පරිච්ඡේදය 2

1. උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය.

2. එවිට දොරකඩ ළඟවත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස්වූවෝය. උන්වහන්සේ ඔවුන්ට වචනය කීසේක.

3. එකල සතරදෙනෙකු විසින් උසුලනලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය.

4. සමූහයා නිසා උන්වහන්සේ ළගට එන්ට නොහැකිව, ඔව්හු උන්වහන්සේ සිටි තැන සෙවිල්ල හැර, පියස්ස කඩා, අංශභාග රෝගියා ඔත් යහන බැස්සෙවුවෝය.

5. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, නුඹේ පව් කමාකරනලදැයි අංශභාග රෝගියාට කීසේක.

6. එහෙත් එතැන ඉඳගන උන් ලියන්නන්ගෙන් සමහරෙක්:

7. මොහු මෙසේ කථාකරන්නේ මක්නිසාද? මොහු දෙවියන්වහන්සේට අපහාසකරයි. එක්කෙනෙකුට එනම් දෙවියන්වහන්සේට මිස පව් කමාකරන්ට කාට පුළුවන්දැයි තමුන්ගේ සිත්වලින් කල්පනාකරගත්තෝය.

8. ඔවුන් තමුන් තුළ මෙසේ කල්පනාකළ බව යේසුස්වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙණෙහිම දැන, ඔවුන්ට කියනසේක්: නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනාකරව්ද?

9. අංශභාග රෝගියාට-නුඹේ පව් කමාකරනලදැයි කීමෙනුත්-නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි කීමෙනුත් වඩා පහසු කෝකද?

10. නුමුත් පොළොවේදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට:

11. නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නැයි නුඹට කියමියි කීසේක.

12. ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.

13. නැවත උන්වහන්සේ පිටත්ව මුහුද අයිනේ ගියසේක; මුළු සමූහයා උන්වහන්සේ වෙතට ආවෝය, උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූසේක.

14. උන්වහන්සේ මග යන අතර, අල්පෙවුස්ගේ පුත්‍රවූ ලෙවී සුංගම්පළේ වාඩිවී ඉඳිනු දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.

15. තවද උන්වහන්සේ ඔහුගේ ගෙයි කෑමට හුන් කල, බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ ඉඳගත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක් සිටියෝය, ඔව්හු උන්වහන්සේ අනුව ගියෝය.

16. උන්වහන්සේ සුංගම් අයකරන්නන් හා පව්කාරයන් සමඟ කනවා ඵරිසිවරුන්ගේ ලියන්නෝ දැක, උන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කනබොනසේකැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය.

17. යේසුස්වහන්සේ ඒ අසා: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි ඔවුන්ට කීසේක.

18. යොහන්ගේ ගෝලයෝද ඵරිසිවරුද නිරාහාරව සිටියෝය. ඔව්හු ඇවිත්: යොහන්ගේ ගෝලයන්ද ඵරිසිවරුන්ගේ ගෝලයන්ද නිරාහාරයෙන් සිටිද්දී ඔබගේ ගෝලයන් නිරාහාරයෙන් නොසිටින්නේ මක්නිසාදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

19. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන්ට නිරාහාරව සිටින්ට පුළුවන්ද? මනමාලයා ඔවුන් සමඟ සිටින තෙක් නිරාහාරව සිටින්ට ඔවුන්ට බැරිය.

20. නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එවිට ඒ දවසේ ඔව්හු නිරාහාරව සිටින්නෝය.

21. කිසිවෙක් තාන් රෙදි කැබෙල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් රෙදි කෑල්ලට පරණ රෙද්ද ඇදී, වඩා ලොකු ඉරුමක් වේ.

22. තවද කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානයත් භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරතියි කීසේක.

23. තවද උන්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ යමින්ම කරල් කඩන්ට පටන්ගත්තෝය.

24. එවිට ඵරිසිවරු කථාකොට: මෙන්න, සබත් දවසේදී නොකටයුතු දේ මොවුන් කරන්නේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.

25. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද හිඟයක් වී බඩගිනිවූ කල්හි කළ දේ,

26. එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක.

27. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය.

28. එබැවින් මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමීයයි කීසේක.

About ශු. මාර්ක් Chapter 2

Read ශු. මාර්ක් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ශු. මාර්ක්
Chapter: 2
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ශු. මාර්ක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ශු. මාර්ක් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ශු. මාර්ක් Chapter 2?

ශු. මාර්ක් Chapter 2 is part of the Book of ශු. මාර්ක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ශු. මාර්ක් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from නව ගිවිසුම

  1. එපීස Chapter 1
  2. එපීස Chapter 4
  3. එපීස Chapter 3
  4. එපීස Chapter 2
  5. එපීස Chapter 5
  6. ශු. ලූක් Chapter 15
  7. ශු. ලූක් Chapter 3

Explore More from ශු.-මාර්ක්

  1. ශු. මාර්ක් Chapter 7
  2. ශු. මාර්ක් Chapter 1
  3. ශු. මාර්ක් Chapter 13
  4. ශු. මාර්ක් Chapter 8
  5. ශු. මාර්ක් Chapter 3
  6. ශු. මාර්ක් Chapter 6
  7. ශු. මාර්ක් Chapter 10

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 4
  2. යෙරෙමියා Chapter 42
  3. 1 කොරින්ති Chapter 7
  4. උත්පත්ති Chapter 36
  5. ගීතාවලිය Chapter 95
  6. 1 සාමුවෙල් Chapter 22
  7. 2 රාජාවලිය Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *