2 ලේකම් Chapter 12

For English

Read 2 ලේකම් Chapter 12 Online

Read 2 ලේකම් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

2 ලේකම් 12

පරිච්ඡේදය 12

1. තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.

2. ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක්,

3. දොළොස් සියයක් රථද සැටදහසක් අසරුවන්ද ඇතුව යෙරුසලමට විරුද්ධව ආයේය; ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලූබ්වරුද සුක්කිවරුද කූෂ්වරුද ගණනාවක් නැතුව සිටියෝය.

4. ඔහු යුදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය.

5. එවිට ප්‍රොපේතවූ ෂෙමායා රෙහොබොවම් වෙතටත් ෂීෂක්ට භයින් යෙරුසලමෙහි රැස්ව සිටි යුදාහි අධිපතීන් වෙතටත් ඇවිත් ඔවුන්ට කථාකොට: ඔබ සැම මා අත්හැරියහුය, එබැවින් මමත් ඔබ සැම ෂීෂක් අතට අත්හැරියෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

6. එවිට ඉශ්‍රායෙල්හි අධිපතීහුද රජද යටත්වී: ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේකැයි කීවේය.

7. ඔවුන් යටත්වූ බව ස්වාමීන්වහන්සේ දුටු විට උන්වහන්සේගේ වචනය ෂෙමායා වෙතට පැමිණ: ඔව්හු යටත්වූවෝය; මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි, මාගේ උදහසද ෂීෂක් අතින් යෙරුසලම පිටට වගුරුවනු නොලබන්නේය.

8. එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක.

9. මෙසේ මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි තිබුණු වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම ගෙනගියේය. සාලමොන් සෑදූ රන් පලිස්ද ඔහු ගෙනගියේය.

10. රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල්කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.

11. රජු ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා ඔසවාගෙන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.

12. තවද ඔහු යටත්වුණ විට ඔහු මුළුමනින්ම විනාශනොකරන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරුණේය. ඇරත් යුදාහිද යහපත් දේ සම්බවුණේය.

13. මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.

14. ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය.

15. මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.

16. රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ අබියා ඔහු වෙනුවට රජවුණේය.

About 2 ලේකම් Chapter 12

Read 2 ලේකම් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of 2 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 ලේකම්
Chapter: 12
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 ලේකම් Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 ලේකම් Chapter 12?

2 ලේකම් Chapter 12 is part of the Book of 2 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 ලේකම් Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from 2 ලේකම්

  1. 2 ලේකම් Chapter 18
  2. 2 ලේකම් Chapter 3
  3. 2 ලේකම් Chapter 20
  4. 2 ලේකම් Chapter 16
  5. 2 ලේකම් Chapter 28
  6. 2 ලේකම් Chapter 11
  7. 2 ලේකම් Chapter 35

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 61
  2. නික්මයාම Chapter 31
  3. නික්මයාම Chapter 29
  4. 1 ලේකම් Chapter 2
  5. යෝෂුවා Chapter 13
  6. ගීතාවලිය Chapter 106
  7. විනිශ්චයකාරයන් Chapter 7

Related Chapters & Readings

  1. උත්පත්ති Chapter 14
  2. නික්මයාම Chapter 18
  3. ගීතාවලිය Chapter 110
  4. ගණන් කථාව Chapter 33
  5. 1 ලේකම් Chapter 4
  6. හෙබ්රෙනව් Chapter 1
  7. එසකියෙල් Chapter 43
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *