Read යෙසායා Chapter 45 Online
Read යෙසායා Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.
Choose a Chapter
යෙසායා 45
පරිච්ඡේදය 45
1. තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කියනසේක:
2. මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි.
3. නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.
4. මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් නුඹේ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නුමුත් නුඹට නමක් තැබීමි.
5. මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
6. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
7. එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.
8. එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; ස්වාමීන්වහන්සේ වන මම ඒක සැලැස්වීමි.
9. තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?
10. නුඹ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් නුඹ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ.
11. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න.
12. පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.
13. ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
14. ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.
15. ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.
16. දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.
17. නුමුත් ස්වාමීන්වහන්සේ විසින් සදාකාල ගැළවීමකින් ඉශ්‍රායෙල් ගළවනු ලබන්නෝය. නුඹලා සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.
18. මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
19. මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි.
20. ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.
21. ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.
22. පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
23. සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය.
24. ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.
25. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ තුළම ධර්මිෂ්ඨකරනු ලැබ පාරට්ටුකරගන්නවා ඇත.
About යෙසායා Chapter 45
Read යෙසායා Chapter 45 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙසායා
Chapter: 45
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙසායා Chapter 45 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙසායා Chapter 45?
යෙසායා Chapter 45 is part of the Book of යෙසායා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙසායා Chapter 45 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from යෙසායා
- යෙසායා Chapter 59
- යෙසායා Chapter 27
- යෙසායා Chapter 8
- යෙසායා Chapter 7
- යෙසායා Chapter 22
- යෙසායා Chapter 21
- යෙසායා Chapter 32