1 සාමුවෙල් Chapter 23

For English

Read 1 සාමුවෙල් Chapter 23 Online

Read 1 සාමුවෙල් Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 23

පරිච්ඡේදය 23

1. එකල පිලිස්තිවරු කෙයිලාට විරුද්ධව යුද්ධකරමින් පාවරවලින් කොල්ලකතියි දාවිත්ට දන්වනලද්දේය.

2. එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ඔබ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.

3. නුමුත් දාවිත්ගේ මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: අපි මෙහි යුදාහිදී භයෙන් සිටිමුව. පිලිස්තිවරුන්ගේ සමුදාවලට විරුද්ධව අපි කෙයිලාට ගියොත් කොපමණ වැඩියෙන් භයනොවන්නෙමුදැයි කීවෝය.

4. එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම ඔබ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.

5. එවිට දාවිත්ද ඔහුගේ මිනිස්සුද කෙයිලාට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධකොට, ඔවුන්ගේ සිව්පාවුන් අල්ලාගන, මහත් නාස්තියකින් ඔවුන් නාස්තිකළෝය. මෙසේ දාවිත් කෙයිලාහි වැසියන් ගැළෙවුවේය.

6. අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.

7. දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල්ද: දෙවියන්වහන්සේ ඔහු මා අතට පාවාදුන්සේක; මක්නිසාද ඔහු වාසල් දොරවල්ද අගුල්ද ඇති නුවරකට ඇතුල්වීමෙන් අසුවුණේයයි කීවේය.

8. සාවුල් දාවිත් සහ ඔහුගේ මිනිසුන් වටලන පිණිස කෙයිලාට යන්ට මුළු සෙනඟ යුද්ධයට අඬගස්වාගත්තේය.

9. තමාට අන්තරාකරන්ට සාවුල් උපා යොදන බව දාවිත් දැනගත් විට: ඒඵොද් සැට්ටය මෙහි ගෙනෙන්නැයි ඔහු පූජකවූ අබියාතර්ට කීවේය.

10. එවිට දාවිත්: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නුවර විනාශකරන පිණිස එන්ට සොයන බව ඔබගේ මෙහෙකරුවාවූ මට සැබවින් සැලවී තිබේ.

11. කෙයිලාහි මනුෂ්‍යයන් ඔහු අතට මා පාවාදෙනවා ඇද්ද? ඔබගේ මෙහෙකරුවාට සැලවුණු ලෙස සාවුල් එනවා ඇද්ද? ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාට දැන්නුව මැනවයි කීවේය. ඔහු එන්නේයයි ස්වාමීන්වහන්සේ කීසේක.

12. එවිට දාවිත්: කෙයිලාහි මනුෂ්‍යයන් මා සහ මාගේ මිනිසුන් සාවුල් අතට පාවාදෙනවා ඇද්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: ඔවුන් පාවාදෙනවා ඇතැයි කීසේක.

13. එවිට දාවිත්ද හසියයක් පමණවූ ඔහුගේ මිනිස්සුද නැගිට කෙයිලායෙන් පිටත්වී තමුන්ට යන්ට පුළුපුළුවන් තැන්වලට ගියෝය. දාවිත් කෙයිලායෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වනලද්දේය; එවිට ඔහු තමාගේ ගමන නැවැත්තුවේය.

14. දාවිත් කාන්තාරයේ බලකොටුවල වාසයකරමින් ශීප් කාන්තාරයේ තිබෙන කඳු රටේ සිටියේය. සාවුල් හැමදාම ඔහු සෙවුවේය, නුමුත් දෙවියන්වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන්සේක.

15. දාවිත්ද තමා මරන්ට සාවුල් පිටත්ව ආ බව දුටුවේය. එකල දාවිත් ශීප් කාන්තාරයේ තිබුණ කැලෑවක සිටියේය.

16. එවිට සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් නැගිට අවුත් කැලෑවේ සිටි දාවිත් ළඟට ගොස්, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ අත බලවත්කරමින්,

17. ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට ඔබ අසුනොවන්නෙහිය; ඔබ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද ඔබට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.

18. ඔවුන් දෙදෙනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෝය. දාවිත් කැලෑවෙහි සිටියේය, යොනාතාන් තමාගේ ගෙදරට ගියේය.

19. එවිට ශීප් වැසියෝ ගිබියාහි සිටි සාවුල් ළඟට අවුත්: දාවිත් අප අතරේ මරුකතරට දකුණෙන් තිබෙන හකීලා හෙලේ කැලෑවේ බලකොටුවල සැඟවී සිටිනවා නොවේද?

20. එබැවින් රජ්ජුරුවෙනි, එන්ට ඔබගේ සිතේ ඇති මුළු ආශාව ලෙස අවමැනවි; රජ්ජුරුවන් අතට ඔහු අල්වාදීම අපේ වැඩක්යයි කීවෝය.

21. සාවුල්: ඔබ සැම මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේගෙන් ඔබ සැමට ආශීර්වාදවේවා.

22. ඉතින් ඔබ සැම ගොස් තව සෝදිසිකර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත් එහි ඔහු දුටුවේ කව්ද කියාත් බලා දැනගන්න. මක්නිසාද ඔහු බොහෝ උපාය දක්ෂව හැසිරෙන බව මට දැනගන්ට ලැබී තිබේ.

23. ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම ඔබ සැම සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යුදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.

24. ඔව්හු පිටත්ව සාවුල්ට පළමුවෙන් ශීප්ට ගියෝය. එහෙත් දාවිත් සහ ඔහුගේ මිනිස්සු මරුකතරට දකුණු දිගින් අරබා සමභූමියෙහි තිබෙන මායොන් කාන්තාරයේ සිටියෝය.

25. සාවුල්ද ඔහුගේ මිනිස්සුද ඔහු සොයන්ට ගියෝය. ඒ බව දාවිත්ට දන්වනලද බැවින් ඔහු පර්වතයට බැස ඇවිත් මායොන් කාන්තාරයෙහි සිටියේය. සාවුල් ඒ අසා මායොන් කාන්තාරයෙහි දාවිත් පස්සේ එළවාගන ගියේය.

26. සාවුල් කන්දේ එක පැත්තකින්ද දාවිත් හා ඔහුගේ මිනිස්සු කන්දේ අනික් පැත්තෙන්ද ගියෝය. සාවුල් සහ ඔහුගේ මිනිසුන් දාවිත් සහ ඔහුගේ මිනිසුන් අල්ලාගන්න පිණිස වටකළ නිසා දාවිත් සාවුල්ට භයෙන් ගැළවීයන්ට ඉක්මන්කෙළේය.

27. එහෙත් සාවුල් ළඟට පණිවිඩකාරයෙක් ඇවිත්: කොල්ලකෑමට පිලිස්තිවරුන් රටට ඇවිත් සිටින නිසා ඉක්මනින් අවමැනවැයි කීවේය.

28. එබැවින් සාවුල් දාවිත් පස්සේ එළවාගනයාමෙන් හැරී ඇවිත් පිලිස්තිවරුන්ට විරුද්ධව ගියේය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට සෙල-හම්මාලෙකොත්. යන නම තැබුවෝය.

29. දාවිත් එතනින් ගොස් ඒන්-ගෙදියේ බලකොටුවල සිටියේය.

About 1 සාමුවෙල් Chapter 23

Read 1 සාමුවෙල් Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 23
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 23?

1 සාමුවෙල් Chapter 23 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 24
  2. 1 සාමුවෙල් Chapter 11
  3. 1 සාමුවෙල් Chapter 7
  4. 1 සාමුවෙල් Chapter 22
  5. 1 සාමුවෙල් Chapter 21
  6. 1 සාමුවෙල් Chapter 20
  7. 1 සාමුවෙල් Chapter 19

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 7
  2. යෙසායා Chapter 18
  3. ලෙවී කථාව Chapter 1
  4. යෙසායා Chapter 43
  5. උත්පත්ති Chapter 22
  6. නෙහෙමියා Chapter 3
  7. ගණන් කථාව Chapter 31

Related Chapters & Readings

  1. හොෂෙයා Chapter 12
  2. ද්වීතීය කථාව Chapter 10
  3. එසකියෙල් Chapter 37
  4. යෙසායා Chapter 46
  5. උත්පත්ති Chapter 41
  6. නික්මයාම Chapter 13
  7. සෙකරියා Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *