1 සාමුවෙල් Chapter 13

For English

Read 1 සාමුවෙල් Chapter 13 Online

Read 1 සාමුවෙල් Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 13

පරිච්ඡේදය 13

1. සාවුල් රජකමට පැමිණෙන විට ඔහු අවුරුදු තිහක් 13:1 මුල් පිටපත්වල ගණනක් නොපෙනෙන නුමුත් ඇතැම්හු මෙසේ තිහක් යයි කියති. වයස්ව සිටියේය. ඔහු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම්කෙළේය.

2. තවද සාවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය.

3. යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.

4. සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.

5. පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරළේ වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.

6. තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.

7. සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.

8. ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.

9. එවිට සාවුල්: දවන පූජාව හා ශාන්ති පූජා මා ළගට ගෙනෙන්නැයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පුකෙළේය.

10. ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය.

11. සාමුවෙල්: ඔබ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්,

12. මම කථාකොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය.

13. සාමුවෙල්ද සාවුල්ට කථාකොට: ඔබ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ ඔබේ රජකම ඉශ්‍රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත.

14. නුමුත් දැන් ඔබේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ ඔබට අණකළ දේ ඔබ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.

15. සාමුවෙල් පිටත්වී ගිල්ගාලෙන් බෙන්යමින් ගිබියාට ගියේය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන්කෙළේය, ඔව්හු හසියයක් පමණ වූහ.

16. සාවුල්ද තමාගේ පුත්‍රවූ යොනාතාන්ද ඔවුන් සමඟ සිටි සෙනඟද බෙන්යමිය ගෙබාහි නැවතී සිටියෝය. නුමුත් පිලිස්තිවරු මික්මාෂ්හි කඳවුරු බැන්දෝය.

17. පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් කොල්ලකාරයෝ කණ්ඩායම් තුනක් ව නික්ම ආවෝය. එක කණ්ඩායමක් ඕප්‍රාට යන මාර්ගයෙන් ෂුවාල් රටට ගියේය.

18. එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.

19. මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ආචාරියෙක් නොසිටියේය. මක්නිසාද: හෙබ්‍රෙව්වන් කඩුද හෙල්ලද සාදානොගන්න පිණිසයයි පිලිස්තිවරු කීවෝය.

20. සියලු ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ හීවැලද දෑකැත්තද පොරොවද උදැල්ලද මුවහත් කරන්ට පිලිස්තිවරුන් ළඟට ගියෝය;

21. එහෙත් උදලුද දෑකැතිද යකඩ කොකුද පොරෝද මුවහත් කරන්ටත් කෙවිට හරිගස්සන්ටත් ඔවුන්ට පීරක් තිබුණේය.

22. මෙසේ යුද්ධ දවසේදී සාවුල්ටත් ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ටත් මිස සාවුල් සහ යොනාතාන් සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැත.

23. පිලිස්තිවරුන්ගේ මුර සමුදාව මික්මාෂ්හි කඳු පාරට ගියේය.

About 1 සාමුවෙල් Chapter 13

Read 1 සාමුවෙල් Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 13
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 13?

1 සාමුවෙල් Chapter 13 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 11
  2. 1 සාමුවෙල් Chapter 24
  3. 1 සාමුවෙල් Chapter 20
  4. 1 සාමුවෙල් Chapter 7
  5. 1 සාමුවෙල් Chapter 30
  6. 1 සාමුවෙල් Chapter 22
  7. 1 සාමුවෙල් Chapter 21

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 5
  2. 2 සාමුවෙල් Chapter 10
  3. ගීතාවලිය Chapter 67
  4. ගීතාවලිය Chapter 21
  5. සෙකරියා Chapter 7
  6. යෙරෙමියා Chapter 33
  7. නික්මයාම Chapter 28

Related Chapters & Readings

  1. 1 කොරින්ති Chapter 7
  2. 2 සාමුවෙල් Chapter 7
  3. 2 පේතෘස් Chapter 1
  4. යෙසායා Chapter 31
  5. මීකා Chapter 3
  6. 1 සාමුවෙල් Chapter 17
  7. ගණන් කථාව Chapter 5
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *