1 සාමුවෙල් Chapter 17

For English

Read 1 සාමුවෙල් Chapter 17 Online

Read 1 සාමුවෙල් Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 17

පරිච්ඡේදය 17

1. පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යුදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.

2. සාවුල්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද රැස්ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳ පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියෝය.

3. පිලිස්තිවරු එක පැත්තක තිබුණු කන්දේද ඉශ්‍රායෙල්වරු අනික් පැත්තේ තිබුණු කන්දේද සිටියෝය. ඔවුන්ට අතරේ මිටියාවතක් තිබුණේය.

4. ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය.

5. ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය, ඔහු ලෝහ හැට්ටයක් පැළඳගෙන සිටියේය; සැට්ටයේ පිත්තලවල බර ෂෙකෙල් පන්දහසක්ය.

6. ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය, ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලයක් තිබුණේය.

7. ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය.

8. ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: ඔබ සැම යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? ඔබ සැම සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස ඔබ සැම වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න.

9. මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි ඔබ සැමගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, ඔබ සැම අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය.

10. තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය.

11. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ.

12. දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.

13. යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය.

14. දාවිත් සියල්ලන්ට බාලයාය. වැඩිමහල් තුන්දෙන සාවුල් අනුව ගියෝය.

15. දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.

16. ඒ පිලිස්තියයා සතළිස් දවසක් උදයත් සවසත් ඉස්සරහට ඇවිත් පෙනීසිටියේය.

17. යෙස්සේ තමාගේ පුත්‍රවූ දාවිත්ට කථාකොට: මේ විලඳවලින් ඒඵාවක්ද මේ රොටි දසයද රැගෙන කඳවුරට ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඔවුන්ට දෙන්න;

18. ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, ඔබේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.

19. සාවුල්ද ඔව්හුද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියලුදෙනාද ඒලානම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන්කරමින් සිටියෝය.

20. දාවිත් අලුයම නැගිට, බැටළුපාලයෙකුට බැටළුවන් භාරදී, යෙස්සේ තමාට අණකළ ලෙස අරගෙන ගොස්, ගැල් තිබුණු ස්ථානයට පැමුණුණේය. එවිට සේනාව යුද්ධ-භූමියට යමින් ඔල්වර හඬ පැවැත්තුවෝය.

21. ඉශ්‍රායෙල්වරුද පිලිස්තිවරුද සේනාවට විරුද්ධව සේනාවක් වශයෙන් යුද්ධ පිළිවෙළින් සිටියාහ.

22. දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.

23. ඔහු ඔවුන් සමඟ කථාකරන කල, බලව, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ සමුදාවලින් පිටත්ව අවුත් ඒ වචනවල හැටියට කථාකෙළේය. දාවිත්ට ඒවා ඇසුණේය.

24. සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ඒ මනුෂ්‍යයා දුටු විට බොහෝසෙයින් භයවී ඔහු ඉදිරියෙන් දිවුවෝය.

25. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා ඔබ සැම දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.

26. දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.

27. සෙනඟ ඒ වචනවල හැටියට ඔහුට කථාකොට: ඔහු මරන තැනැත්තාට මෙසේ කරනු ලැබේයයි කීවෝය.

28. ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: ඔබ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා ඔබ කාට භාරදී ආවාද? ඔබේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; ඔබ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.

29. දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා,

30. ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරීගොස් ඒ හැටියටම කථාකෙළේය. මිනිස්සු පළමු හැටියටම ඔහුට නැවතත් උත්තරදුන්නෝය.

31. දාවිත් කී වචන සැලවූ කල මනුෂ්‍යයෝ සාවුල්ට එපවත් දැන්නුවෝය; සාවුල්ද ඔහු අඬගස්වා හැරියේය.

32. දාවිත් සාවුල්ට කථාකොට: කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා; ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන්කරමියි කීය.

33. සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට ඔබට බැරිය. මක්නිසාද ඔබ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය.

34. දාවිත්ද: ඔබගේ මෙහෙකරුවා තමාගේ පියාගේ බැටළුවන් බලාගන සිටිද්දී සිංහයෙකුත් වලසෙකුත් ඇවිත් රැළෙන් බැටළුවෙකු ගත්තෝය.

35. මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි.

36. ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.

37. තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.

38. තවද සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට හඳවා, ඔහුගේ හිසේ පිත්තල තොප්පියක් දමා, යුද්ධ හැට්ටයක් ඔහුට පැළඳෙවුවේය.

39. දාවිත් තමාගේ ඇඳුම පිට කඩුව බැඳගන ඇවිදින්ට උත්සාහකෙළේය; මක්නිසාද ඔහු ඒවා ඇඳලා පුරුදු නැත. එවිට දාවිත් සාවුල්ට කථාකොට: මා මේවා ඇඳලා පුරුදු නැති බැවින් මේවා ඇඳගන යන්ට බැරියයි කියා,

40. ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.

41. පිලිස්තියයාද පිටත්ව ඇවිත් දාවිත්ට ළංවේගන ආවේය; පලිහ ගෙනයන මනුෂ්‍යයාත් ඔහුට පෙරටුවෙන් ආවේය.

42. පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය.

43. පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.

44. තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය.

45. එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.

46. අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත.

47. ස්වාමීන්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය ස්වාමීන්වහන්සේය, උන්වහන්සේද ඔබ සැම අප අතට පාවාදෙනසේකැයි පිලිස්තියයාට කීවේය.

48. තවද පිලිස්තියයා නැගිට දාවිත්ට විරුද්ධව ළංවෙද්දී දාවිත් ඉක්මන්කොට පිලිස්තියයාට විරුද්ධව සේනාව දෙසට දුවගොස්,

49. මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය.

50. මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගෙලන්ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහරදී, ඔහු මැරුවේය; නුමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත.

51. එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට, ඔහුගේ කඩුව අල්ලා කොපුවෙන් ඇද ඔහු මරා, එයින් ඔහුගේ හිස කපා දැමුවේය. පිලිස්තිවරු තමුන්ගේ බලවතා මැරුණු බව දැක පලාගියෝය.

52. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යුදා මනුෂ්‍යයෝද නැගිට, ඔල්වර හඬ පවත්වා, පිලිස්තිවරුන් පස්සේ ගායිට පැමිණෙන තැන දක්වාත් එක්‍රොන්හි දොරටු දක්වාත් එළවාගන ගියෝය. මැරුම් කෑ පිලිස්තිවරු ෂාරයිම්ට යන මාර්ගයෙහි ගාත් දක්වාද එක්‍රොන් දක්වාද වැටුණෝය.

53. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිලිස්තිවරුන් පස්සේ එළවායාමෙන් හැරී ඇවිත් ඔවුන්ගේ කඳවුර කොල්ලකා ගත්තෝය.

54. දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.

55. දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.

56. රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය.

57. දාවිත් පිලිස්තියයා මරා හැරී එනකල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේය, පිලිස්තියයාගේ හිසද ඔහුගේ අතේ තිබුණේය.

58. තරුණය, ඔබ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.

About 1 සාමුවෙල් Chapter 17

Read 1 සාමුවෙල් Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 17?

1 සාමුවෙල් Chapter 17 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 24
  2. 1 සාමුවෙල් Chapter 11
  3. 1 සාමුවෙල් Chapter 7
  4. 1 සාමුවෙල් Chapter 22
  5. 1 සාමුවෙල් Chapter 21
  6. 1 සාමුවෙල් Chapter 20
  7. 1 සාමුවෙල් Chapter 23

Explore More from පැරණි ගිවිසුම

  1. 1 රාජාවලිය Chapter 9
  2. විලාප ගී Chapter 3
  3. යෙසායා Chapter 1
  4. යෙරෙමියා Chapter 48
  5. යෙරෙමියා Chapter 21
  6. විනිශ්චයකාරයන් Chapter 1
  7. යෝෂුවා Chapter 12

Related Chapters & Readings

  1. ආමොස් Chapter 3
  2. ගීතාවලිය Chapter 102
  3. යෙසායා Chapter 59
  4. විනිශ්චයකාරයන් Chapter 10
  5. ගීතාවලිය Chapter 140
  6. හොෂෙයා Chapter 6
  7. එස්රා Chapter 10
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *