Read 1 සාමුවෙල් Chapter 2 Online
Read 1 සාමුවෙල් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.
Choose a Chapter
1 සාමුවෙල් 2
පරිච්ඡේදය 2
1. හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි.
2. ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.
3. ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය ඔබ සැමගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.
4. බලවන්තයන්ගේ දුනු බිඳී තිබේ පැකුලුණු අයද බලය නමැති ඉඟපටිය බැඳගන සිටිති.
5. තෘප්තිමත්ව සිටියෝ ආහාර ලබන පිණිස කුලීවැඩ කරති. බඩගිනිව සිටි අය එයින් මිදුණෝය. එසේය, වඳ ස්ත්‍රී සත්දෙනෙකු බිහිකළාය: බොහෝ දරුවන් ඇත්තී පිරිහෙන්නීය.
6. ස්වාමීන්වහන්සේ නසන සේක, ජීවත්කරන සේක. මිනීවළට2:6 හෙබ්‍රෙව්: ෂෙයෝල්. පමුණුවනසේක, එයින් නැගුටුවන සේක.
7. ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.
8. අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.
9. උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන්ගේ පාද ආරක්ෂාකරනසේක, නුමුත් දුෂ්ටයෝ අන්ධකාරයෙහි විනාශ වන්නෝය. මක්නිසාද ශක්තිය කරණකොටගෙන කිසිවෙක් ජයනොගන්නේය.
10. ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය. ඒලීගේ පුත්‍රයන්ගේ දුෂ්ටකම සහ ඒ ගැන තර්ජනකිරීම
11. එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේය. ළමයාද ඒලී පූජකයා ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය.
12. ඒලීගේ පුත්‍රයෝ වනාහි දුර්ජනයෝ2:12 බෙලියල් පුත්‍රයෝ. වූවෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ හැඳිනගන නොසිටියෝය.
13. ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්,
14. හට්ටියේ හෝ සැළියේ හෝ කටාරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේය; එවිට කොක්කට අසුවූ සියල්ල පූජකයා තමාටම ගන්නේය. ෂීලෝට පැමිණි සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළෝය.
15. එසේය, තෙල දවන්ටත් පළමුවෙන් පූජකයාගේ වැඩකාරයා ඇවිත් පූජාකරන මනුෂ්‍යයාට කථාකොට: පූජකයාට පුලුස්සන්ට මස් දෙන්න; මක්නිසාද ඔහු අමු මස් මිස උයාපු මස් ඔබෙන් පිළිනොගන්නේයයි කීය.
16. ඉදින් ඒ මනුෂ්‍යයා ඔහුට කථාකොට: දැන්ම තෙල දවනවා ඇත, එවිට සිතේ ආශාවේ පමණටම ගනින්නැයි ඔහුට කීවේ නම්, ඔහු: එසේ නොව ඔබ දැන්ම දෙන්ට ඕනෑය. නැත්නම් බලාත්කාරයෙන් ගන්නෙමියි කියන්නේය.
17. මෙසේ ඒ තරුණයන්ගේ පාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉතා මහත්ව තිබුණේය. මක්නිසාද මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ පූජාව සුළුකොට සිතුවෝය.
18. එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.
19. තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමඟ අවුරුදු පූජාව ඔප්පුකරන පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගන ආවාය.
20. ඒලී එල්කානාටත් ඔහුගේ භාර්යාවටත් ආශීර්වාදකරමින්: ඔබ සැම ස්වාමීන්වහන්සේට දුන්නාවූ දීම වෙනුවට ස්වාමීන්වහන්සේ ඔබට මේ ස්ත්‍රියගෙන් වංශයක් දෙනසේක්වයි කීවේය. ඔව්හු තමුන්ගේ ගෙදරට ගියෝය.
21. ස්වාමීන්වහන්සේ හන්නාට කරුණාකළසේක, ඈ ගර්භිණීව පුත්‍රයන් තුන්දෙනෙකුත් දූවරුන් දෙදෙනෙකුත් බිහිකළාය. සාමුවෙල් නම් ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඩුණේය.
22. ඒලී ඉතා මහලුව සිටියේය; තමාගේ පුත්‍රයන් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කළ සියල්ලත් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ සේවයකළාවූ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනයකරන බවත් ඔහුට ආරංචිවිය.
23. ඔහු ඔවුන්ට කථාකොට: ඔබ සැම මෙයාකාර දේවල් කරන්නේ මක්නිසාද? ඔබ සැමගේ නපුරු ක්‍රියා ගැන මේ හැමදෙනාගෙන්ම මට අසන්ට ලැබේ.
24. මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න; මක්නිසාද මට ලැබෙන ආරංචි හොඳ නැත. ඔබ සැම ස්වාමීන්වහන්සේගේ සෙනඟ වරද කරන්ට සලස්වති.
25. මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් දෙවියන්වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමීන්වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් ඔහු වෙනුවට මැදහත්වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔව්හු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් නසන්ට අභිප්‍රාකළසේක.
26. සාමුවෙල් නම් ළමයා වැඩෙමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිත් මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ප්‍රසන්නව සිටියේය.
27. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඒලී ළඟට ඇවිත් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබේ පියාගේ වංශය මිසරයෙහි ඵාරාවෝගේ ගෙදර සිටිද්දී මම ඔවුන්ට ප්‍රකාශ නූණෙම්ද?
28. ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම ඔබේ පියාගේ වංශයට නුදුනිම්ද?
29. මාගේ වාසස්ථානයෙහි ඔප්පු කරන්ට මා අණකර තිබෙන මාගේ යාගයටත් මාගේ පූජාවටත් ඔබ සැම පයින් ගසන්නෙත්, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොට්ඨාසවලින් ඔබම තරකරගන්න පිණිස ඔබ මට වඩා ඔබේ පුත්‍රයන්ට ගෞරවකරන්නෙත් මක්නිසාද?
30. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබේ වංශයත් ඔබේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.
31. බලව, ඔබේ වංශයේ මහලු මිනිහෙක් නොසිටින ලෙස ඔබේ බාහුවද ඔබේ පියාගේ වංශයේ බාහුවද මා විසින් සිඳදමන කාලයක් පැමිණෙන්නේය.
32. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට යහපත කරන කාලය මුළුල්ලේ, මාගේ වාසස්ථානයෙහි විපත ඇති බව ඔබ දකිනවා ඇත. ඔබේ වංශයේ මහලු මිනිහෙක් කවදාවත් නොසිටින්නේය.
33. මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන ඔබට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ ඔබේ ඇස් ක්ෂයවී යන්ටත් ඔබේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. ඔබේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත.
34. ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය ඔබට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.
35. මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය.
36. තවද ඔබේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.
About 1 සාමුවෙල් Chapter 2
Read 1 සාමුවෙල් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 සාමුවෙල්
Chapter: 2
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 සාමුවෙල් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 සාමුවෙල් Chapter 2?
1 සාමුවෙල් Chapter 2 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from 1-සාමුවෙල්
- 1 සාමුවෙල් Chapter 11
- 1 සාමුවෙල් Chapter 24
- 1 සාමුවෙල් Chapter 20
- 1 සාමුවෙල් Chapter 7
- 1 සාමුවෙල් Chapter 30
- 1 සාමුවෙල් Chapter 22
- 1 සාමුවෙල් Chapter 21
Explore More from පැරණි ගිවිසුම
- හිතෝපදේශ Chapter 17
- 2 ලේකම් Chapter 32
- නාහුම් Chapter 3
- ලෙවී කථාව Chapter 1
- ගීතාවලිය Chapter 66
- ද්වීතීය කථාව Chapter 18
- 2 රාජාවලිය Chapter 20