1 සාමුවෙල් Chapter 18

For English

Read 1 සාමුවෙල් Chapter 18 Online

Read 1 සාමුවෙල් Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 18

පරිච්ඡේදය 18

1. තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැදී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.

2. ඒ දවසේ සාවුල් ඔහු නවත්වාගෙන, ඔහුගේ පියාගේ ගෙදරට හැරීයන්ට තවත් ඔහුට ඉඩ නුදුන්නේය.

3. යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.

4. යොනාතාන් තමාගේ සළුව ගළවා ඒකද කඩුවත් දුන්නත් ඉඟපටියත් ඇතුළුව තමාගේ ඇඳුමද දාවිත්ට දුන්නේය.

5. දාවිත් වනාහි සාවුල් තමා යැවූ හැම තැනටම ගොස් නුවණින් 18:5 හෙවත්, සඵලත් විය. හැසුරුණේය. සාවුල් ඔහු යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා කෙළේය, මුළු සෙනඟද සාවුල්ගේ සේවකයෝද ඊට ප්‍රසන්නවූහ.

6. තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය.

7. කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.

8. සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය.

9. එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.

10. තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළෙදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.

11. මම බිත්තියටම වදින්ට දාවිත්ට අනිමියි සිතා ඔහු හෙල්ලය වීසිකෙළේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැළවී ගියේය.

12. ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටි නිසාත් සාවුල්ගෙන් පහව ගිය නිසාත් සාවුල් ඔහුට භයවුණේය.

13. ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.

14. දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේ ද ඔහු සමඟ සිටිසේක.

15. ඔහු බොහෝ නුවණින් හැසිරෙන බව සාවුල් දැක ඔහුට භයවිය.

16. නුමුත් සියලු ඉශ්‍රායෙල්වරුද යුදාවරුද දාවිත්ට ප්‍රේමකළෝය; මක්නිසාද ඔහු ඔවුන්ට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.

17. සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.

18. දාවිත් සාවුල්ට කථාකොට: රජ්ජුරුවන්ට බෑනා වෙන්ට මම කවුද? මාගේ ජීවිතයවත් ඉශ්‍රායෙල්හි මාගේ පිය වංශයවත් මොකක්දැයි කීවේය.

19. නුමුත් සාවුල්ගේ දුවවූ මේරබ් දාවිත්ට දෙන්ට නිසි කාලයේදී ඕතොමෝ මෙහොලාතිය අද්‍රියෙල්ට භාර්යාවකොට දෙනලද්දේය.

20. තවද සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේය.

21. සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: ඔබ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.

22. සාවුල් තමාගේ සේවකයන්ට අණකරමින්: ඔබ සැම දාවිත් සමඟ රහස් ලෙස කථාකොට-රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රසන්නය, ඔහුගේ සියලු සේවකයෝද ඔබට ප්‍රේමකරති. එබැවින් රජ්ජුරුවන්ගේ බෑනා වෙන්න කියා කියන්නැයි කීවේය.

23. සාවුල්ගේ සේවකයෝ දාවිත්ට ඒ වචන කීවෝය. දාවිත් කථාකොට: මම නම් දිළිඳුවූ සුළුවූ කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑනා වීම සුළු දෙයක්මෙන් ඔබ සැමට පෙනේදැයි කීවේය.

24. සාවුල්ගේ සේවකයෝ: දාවිත් මෙලෙස කීවේය කියා ඔහුට දැන්වුවෝය.

25. එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය.

26. ඔහුගේ සේවකයන් මේ වචන දාවිත්ට දැන්වූ කල දාවිත් රජුගේ බෑනා වෙන්ට සතුටුවිය.

27. ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය.

28. ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටින බව සාවුල් දැක තේරුම්ගත්තේය; සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය.

29. ඉන්නිසා සාවුල් තව වඩාත් දාවිත්ට භයවුණේය; සාවුල් නිරන්තරයෙන්ම දාවිත්ට සතුරුව සිටියේය.

30. පිලිස්තිවරුන්ගේ අධිපතීහු පිටත්ව ආවෝය. තවද ඔව්හු යම් පමණ වර පිටත්ව ආවෝද එපමණ වර දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා නුවණින් හැසුරුණේය; ඒ නිසා ඔහුගේ නාමය ඉතා අනර්ඝ කොට සලකන ලද්දේය.

About 1 සාමුවෙල් Chapter 18

Read 1 සාමුවෙල් Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 18?

1 සාමුවෙල් Chapter 18 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 24
  2. 1 සාමුවෙල් Chapter 11
  3. 1 සාමුවෙල් Chapter 7
  4. 1 සාමුවෙල් Chapter 22
  5. 1 සාමුවෙල් Chapter 21
  6. 1 සාමුවෙල් Chapter 20
  7. 1 සාමුවෙල් Chapter 23

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 15
  2. නෙහෙමියා Chapter 6
  3. යෝබ් Chapter 32
  4. යෙරෙමියා Chapter 30
  5. 1 රාජාවලිය Chapter 3
  6. නික්මයාම Chapter 16
  7. යෙසායා Chapter 39

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 102
  2. එස්තර් Chapter 2
  3. විනිශ්චයකාරයන් Chapter 7
  4. නික්මයාම Chapter 25
  5. යෙසායා Chapter 57
  6. නික්මයාම Chapter 38
  7. ද්වීතීය කථාව Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *