1 සාමුවෙල් Chapter 16

For English

Read 1 සාමුවෙල් Chapter 16 Online

Read 1 සාමුවෙල් Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 16

පරිච්ඡේදය 16

1. ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී ඔබ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? ඔබේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට ඔබ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.

2. සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේද ඔබ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න.

3. යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට ඔබ විසින් කටයුතු දේ මම ඔබට පෙන්වන්නෙමි. මා ඔබට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක.

4. සාමුවෙල් ස්වාමීන්වහන්සේ කී දේ කොට බෙත්-ලෙහෙමට ආයේය. එවිට නුවර වැඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛවෙන්ට අවුත්: ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇසූහ.

5. සමාදානයෙන්ය. ස්වාමීන්වහන්සේට පූජාකරන්ට ආවෙමි. ඔබ සැම පවිත්‍රවී මා සමඟ පූජාවට එන්නැයි ඔහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයන්ද පවිත්‍රකොට පූජාවට කැඳෙවුවේය.

6. ඔවුන් ආ කල ඔහු එලියාබ් දෙස බලා: සැබෑවටම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙහි සිටීයයි කියාගත්තේය.

7. නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.

8. එවිට යෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීය.

9. එවිට යෙස්සේ ෂම්මා ඔහු ළඟින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීවේය.

10. මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්සුවේය. සාමුවෙල්ද: මොවුන් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි යෙස්සේට කියා,

11. ඔබේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය.

12. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.

13. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.

14. නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.

15. සාවුල්ගේ සේවකයෝ ඔහුට කථාකොට: දැන් දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔබ කලඹයි.

16. දක්ෂ වීණාකාරයෙකු සොයන්ට අපේ ස්වාමිතුමා ඔබ ඉදිරිපිට සිටින ඔබගේ සේවකයන්ට අණකෙරේවා. එවිට දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය ඔබ කෙරෙහි තිබෙන කල, ඔබට සුවවෙන පිණිස ඔහු තමාගේ අතින් ගායනාකරන්නේයයි කීවෝය.

17. සාවුල් කථාකොට: හොඳට ගායනාකරන මනුෂ්‍යයෙකු සොයා ඔහු මා ළඟට ගෙනෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය.

18. එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේත් ඔහු සමඟයයි කීවේය.

19. එබැවින් සාවුල් යෙස්සේ වෙත පණිවිඩකාරයන් යවා: බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රවූ දාවිත් මා ළඟට එවන්නැයි කියා යැවීය.

20. එවිට යෙස්සේ රොටිද මුද්‍රිකපාන භාජනයක්ද එළුපැටවෙක්ද කොටළුවෙකු පිට පටවා ඒවා තමාගේ පුත්‍රවූ දාවිත් අත සාවුල්ට ඇරියේය.

21. දාවිත් සාවුල් ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියේය. ඔහුද ඔහුට ඉතා ආදරේවිය; ඔහු සාවුල්ගේ ආයුධ ගෙනයන්නා වුණේය.

22. දාවිත් මාගේ ඇසට ප්‍රිය නිසා ඔහු මා ඉදිරියෙහි සිටීවයි සාවුල් යෙස්සේට කියා යැවීය.

23. තවද දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය සාවුල්ට පැමිණි කල දාවිත් තෙමේ වීණාව ගෙන අතින් ගායනාකෙළේය. එයින් සාවුල්ට පහසුවද සුවයද ලැබී නපුරු ආත්මය ඔහුගෙන් පහව ගියේය.

About 1 සාමුවෙල් Chapter 16

Read 1 සාමුවෙල් Chapter 16 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 16
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 16 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 16?

1 සාමුවෙල් Chapter 16 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 16 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 24
  2. 1 සාමුවෙල් Chapter 11
  3. 1 සාමුවෙල් Chapter 7
  4. 1 සාමුවෙල් Chapter 22
  5. 1 සාමුවෙල් Chapter 21
  6. 1 සාමුවෙල් Chapter 20
  7. 1 සාමුවෙල් Chapter 15

Explore More from පැරණි ගිවිසුම

  1. 2 සාමුවෙල් Chapter 11
  2. එසකියෙල් Chapter 2
  3. නාහුම් Chapter 1
  4. උත්පත්ති Chapter 40
  5. 2 සාමුවෙල් Chapter 24
  6. ගීතාවලිය Chapter 41
  7. ලෙවී කථාව Chapter 6

Related Chapters & Readings

  1. 2 රාජාවලිය Chapter 10
  2. ගීතාවලිය Chapter 97
  3. යෙසායා Chapter 28
  4. එසකියෙල් Chapter 8
  5. ආමොස් Chapter 5
  6. යෝනා Chapter 2
  7. හබක්කුක් Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *