Read 1 සාමුවෙල් Chapter 29 Online
Read 1 සාමුවෙල් Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.
Choose a Chapter
1 සාමුවෙල් 29
පරිච්ඡේදය 29
1. පිලිස්තිවරු තමුන්ගේ සියලු සමුදාවල් අපේක්ට රැස්කළෝය. ඉශ්‍රායෙල්වරුද යෙස්‍රෙයෙල්හි තිබෙන උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය.
2. පිලිස්තිවරුන්ගේ අධිපතීහු සිය ගණන්ද දහස් ගණන්ද වශයෙන් ආවෝය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ආකීෂ් සමඟ ඔවුන්ට පස්සෙන් ආවෝය.
3. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු: මේ හෙබ්‍රෙව්වෝ මෙහි මක්කෙරෙද්දැයි ඇසුවෝය. ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන්ට කථාකොට: මොහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ සාවුල්ගේ සේවකයෙක්ව සිටිය දාවිත් නොවේද? මොහු දැන් කලක නොහොත් අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි, ඔහු මට එකතුවුණදා පටන් අද දක්වා ඔහු අත කිසි වරදක් මට සම්බවුණේ නැතැයි කීවේය.
4. එහෙත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝපවී ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයාට ඔබ නියමකළ ස්ථානයට හැරී යන පිණිස ඔහු යන්ට හරින්න, ඔහු යුද්ධයේදී අපට විරුද්ධකාරයෙකු නොවෙන පිණිස ඔහු අප සමඟ යුද්ධයට නොයේවා. මේ මිනිහා නැවත තමාගේ ස්වාමියා හා සමඟි වෙන්නේ මොකකින්ද? මේ මිනිසුන්ගේ හිස් කරණකොටගෙන නොවේද?
5. සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය යි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකාකළේ මේ දාවිත් ගැන නොවේදැයි කීවෝය.
6. එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔබ අවංකව හැසුරුණෙහිය, ඔබ සමුදාව අතරෙහි මා සමඟ ආගිය හැටි මට හොඳව පෙනුණේය. ඔබ මා ළඟට ආදා පටන් අද දක්වා ඔබ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.
7. එසේ වුවත් අධිපතීන් ඔබට කැමති නැත. එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්නනොවෙන පිණිස දැන් සමාදානයෙන් හැරී යන්නැයි කීවේය.
8. දාවිත්ද: මම කුමක් කෙළම්ද? මා ඇවිත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධව සටන්කරන්ට බැරි හැටියට මා ඔබ ඉදිරියට පැමුණුණදා පටන් අද දවස දක්වා ඔබගේ මෙහෙකරුවා අත සම්බවුණ වරද මොකදැයි ආකීෂ්ගෙන් ඇසුවේය.
9. ආකීෂ් උත්තරදෙමින්: ඒක දනිමි, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ මාගේ ඇස් හමුවෙහි යහපත් බව දනිමි. නුමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු-ඔහු අප සමඟ යුද්ධයට නොයන්නේයයි කීවෝය.
10. එබැවින් ඔබ සමඟ ආ ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැගිට එළිවන කොටම පිටත්වෙන්නැයි දාවිත්ට කීවේය,
11. මෙසේ දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිලිස්තිවරුන්ගේ දේශයට හැරී යන පිණිස උදයම පිටත්වෙන්ට නැගුටුණෝය. පිලිස්තිවරු යෙස්‍රෙයෙල්ට ගියෝය.
About 1 සාමුවෙල් Chapter 29
Read 1 සාමුවෙල් Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 සාමුවෙල්
Chapter: 29
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 සාමුවෙල් Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 සාමුවෙල් Chapter 29?
1 සාමුවෙල් Chapter 29 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 29 online for free with easy chapter navigation.
More Chapters from 1-සාමුවෙල්
- 1 සාමුවෙල් Chapter 11
- 1 සාමුවෙල් Chapter 24
- 1 සාමුවෙල් Chapter 21
- 1 සාමුවෙල් Chapter 20
- 1 සාමුවෙල් Chapter 7
- 1 සාමුවෙල් Chapter 30
- 1 සාමුවෙල් Chapter 27
Explore More from පැරණි ගිවිසුම
- ගණන් කථාව Chapter 10
- 1 රාජාවලිය Chapter 2
- 2 ලේකම් Chapter 5
- ලෙවී කථාව Chapter 14
- හිතෝපදේශ Chapter 17
- නෙහෙමියා Chapter 3
- උත්පත්ති Chapter 37