Read 1 සාමුවෙල් Chapter 6 Online
Read 1 සාමුවෙල් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.
Choose a Chapter
1 සාමුවෙල් 6
පරිච්ඡේදය 6
1. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබුණේය.
2. පිලිස්තිවරු පූජකයන්ද පේනකියන්නන්ද කැඳවා: අප විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ගැන කරන්ට ඕනෑ මොකද? එය ස්වකීය ස්ථානයට මොන දෙයක් සමඟ ඇරිය යුතුද කියා අපට දන්වන්නැයි කීවෝය.
3. ඔව්හු: ඔබ සැම ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය හරින්නහුනම්, එය සිස්ව නෑර උන්වහන්සේට අපරාධ පූජාවක්දී යවන්න. එවිට ඔබ සැමට සුවවන්නේය, උන්වහන්සේගේ හස්තය ඔබ සැම කෙරෙන් පහනොවන්නේ මක්නිසාද කියා ඔබ සැමට දැනගන්ට ලැබේයයි කීවෝය.
4. එවිට ඔව්හු: උන්වහන්සේට මොන අපරාධ පූජාවක්දී හරින්නෙමුදැයි ඇසුවෝය. ඔව්හු කථාකොට: පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන ලෙස රන් ගඩු පසකුත් රන් මීයන් පසකුත්ය. මක්නිසාද ඔබ සැම සියල්ලන්ද ඔබ සැමගේ අධිපතීන්ද කෙරෙහි පැමුණුණේ එක පීඩාවක්ය.
5. එබැවින් ඔබ සැමගේ ගඩුවල රූපද රට නාස්තිකරන ඔබ සැමගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය ඔබ සැම කෙරෙන්ද ඔබ සැමගේ දෙවිවරුන් කෙරෙන්ද ඔබ සැමගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.
6. මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස ඔබ සැමත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද?
7. ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා,
8. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ගැළ පිට තබා, අපරාධ පූජාවක් පිණිස උන්වහන්සේට දෙන රන් බඩු එහි පැත්තක කුඩා කරඬුවක තබා ඒක යන්ට හැර,
9. බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය.
10. ඒ මනුෂ්‍යයෝ එසේ කරමින් කිරි එළදෙනුන් දෙන්නෙක් අරන් ගැළට බැඳ, උන්ගේ වස්සන් ගෙයි වසා තබා,
11. ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රන් මීයන් සහ ඔවුන්ගේ ගඩුවල රූප දැමූ කුඩා කරඬුවද ගැළෙ තැබුවෝය.
12. එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය.
13. බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝය. ඔව්හු ඇස් ඔසවා බලා පෙට්ටිය දැක, ඒක දුටු නිසා ප්‍රීතිවූහ.
14. ගැළද බෙත්-ෂෙමියවූ යෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේය, එහි ලොකු ගලක් තිබුණේය. ඔව්හු ගැළේ ලී පළා, එළදෙනුන් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකළෝය.
15. ලෙවීවරු ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රන් බඩු දමා තිබුණු කරඬුවද බා මහ ගල පිට තැබුවෝය. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ ඒ දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු කොට යාගද පිදුවෝය.
16. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනා ඒ දැක එදාම එක්‍රොන්ට හැරී ගියෝය.
17. පිලිස්තිවරුන් විසින් අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට දුන්නාවූ රන් ගඩු මේවාය: අෂ්දොද් උදෙසා එකක්ය, ගාසා උදෙසා එකක්ය, අෂ්කෙලොන් උදෙසා එකක්ය, ගාත් උදෙසා එකක්ය, එක්‍රොන් උදෙසා එකක්ය.
18. තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය තැබුවාවූ බෙත්-ෂෙමිය යෝෂුවාගේ කෙතෙහි අද වන තෙක් පවත්නාවූ මහ ගල දක්වා තිබෙන පවුරු සහිත නුවරවල්ද පිටිසර ගම්ද ඇතුළුව අධිපතීන් පස්දෙනාට අයිතිවූ පිලිස්තිවරුන්ගේ සියලු නුවරවල ගණනේ හැටියට දුන් රන් මීයෝ මේය.
19. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.
20. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කථාකොට: ස්වාමීන්වහන්සේ එනම් මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්ට කාට පුළුවන්ද? උන්වහන්සේ අප වෙතින් කා වෙතට යවමුදැයි කීවෝය.
21. ඔව්හු: පිලිස්තිවරුන් විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය නැවත ගෙනැවිත් තිබේ; ඔබ සැම ඇවිත් ඒක අරගන යන්නැයි කිරියත්-යෙයාරීම් වැසියන්ට පණිවිඩකාරයන් අත කියා යැවුවෝය.
About 1 සාමුවෙල් Chapter 6
Read 1 සාමුවෙල් Chapter 6 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 සාමුවෙල්
Chapter: 6
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 සාමුවෙල් Chapter 6 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 සාමුවෙල් Chapter 6?
1 සාමුවෙල් Chapter 6 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 6 online for free with easy chapter navigation.
More Chapters from 1-සාමුවෙල්
- 1 සාමුවෙල් Chapter 11
- 1 සාමුවෙල් Chapter 24
- 1 සාමුවෙල් Chapter 20
- 1 සාමුවෙල් Chapter 7
- 1 සාමුවෙල් Chapter 30
- 1 සාමුවෙල් Chapter 22
- 1 සාමුවෙල් Chapter 21
Explore More from පැරණි ගිවිසුම
- 2 ලේකම් Chapter 23
- ආමොස් Chapter 7
- නික්මයාම Chapter 40
- 2 ලේකම් Chapter 26
- 2 ලේකම් Chapter 16
- ගීතාවලිය Chapter 39
- 1 ලේකම් Chapter 12