යෙසායා Chapter 17

For English

Read යෙසායා Chapter 17 Online

Read යෙසායා Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.

Choose a Chapter

යෙසායා 17

පරිච්ඡේදය 17

1. දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය.

2. අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.

3. එප්‍රායිම්ගෙන් බලකොටුවද දමස්කයෙන් රජකමද සිරියෙන් ඉතිරි කොටසද පහවන්නේය; ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ තේජස මෙන් වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

4. ඒ දවසෙහි යාකොබ්ගේ තේජස හීනවන්නේය, ඔහුගේ මාංසයේ තරකමද ක්ෂයවන්නේය.

5. තවද ගොයම් කපන්නා ගොයම් එකතුකොට තමාගේ අතින් කරල් කපන්නාක්මෙන්ද රෙපාවරුන්ගේ මිටියාවතෙහි යමෙක් ගොයම් කරල් ඇහිඳගන්නාක්මෙන්ද සිදුවන්නේය.

6. නුමුත් ඔලීව ගසක් සොලවන කල ඉහළ මුදුන් අත්තේ ගෙඩි දෙකක් තුනක්ද ඵල ඇති ගහේ එහාම අතුවල ගෙඩි හතරක් පහක්ද ඉතිරිවෙන්නාක් මෙන් එහි ස්වල්ප දෙනෙක් ඉතිරිවන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

7. ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තමාගේ අත් වැඩය වන පූජාසන දෙස බලා නොසිට, තමාගේ ඇඟිලිවලින් සෑදූ දේ වන අෂේරා කණුවත් සූර්ය රූපවත් නොසලකා,

8. තමාගේ මැවුම්කාරයාණන් දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙසට හැරෙන්නේය.

9. ඒ දවසෙහි ඔහුගේ සවි ඇති නුවරවල් කැලෑවෙහිද කඳුමුදුන්වලද ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් අත්හැරීගිය ඉඩම්මෙන් වී, පාළුවක් වන්නේය.

10. මක්නිසාද නුඹ නුඹේ ආරක්ෂා පර්වතය සිහිනොකර, නුඹේ ගැළවීමේ දෙවියන්වහන්සේ මතක නැතිකෙළෙහිය; එබැවින් නුඹ ප්‍රියකරු ගස් පංක්ති හිටවන්නෙහිය; අන්‍ය පැළෑටිද එහිම වවන්නෙහිය.

11. නුඹ හිටවන දවසේදී වැට බඳින්නෙහිය, උදය නුඹේ පැළෑටි ලියල වන්නෙහිය. එහෙත් ශෝකය සහ තද දුකේ දවසක් පැමිණ අස්වැන්න පහවීයන්නේය.

12. අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.

13. ජාතීන් බොහෝ ජලවල ගර්ජනාව මෙන් ගර්ජනාකරන නුමුත් උන්වහන්සේ ඔවුන්ට සැරකරනසේක, ඔව්හු ඈතට පලාගොස් කඳුවල තිබෙන බොල් හුළඟටත් රොඩු සුළිහුළඟටත් ගහගනයන්නාක්මෙන් පන්නාදමනු ලබන්නෝය.

14. බලව, සවස් වේලේ භීතියක්ය; පහන්වන්ට පළමුවෙන් ඔව්හු නැත. අප නාස්තිකරන්නන්ගේ කොටසද අපෙන් කොල්ලකන්නන්ගේ විපාකයද ඒකය.

About යෙසායා Chapter 17

Read යෙසායා Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෙසායා
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෙසායා Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෙසායා Chapter 17?

යෙසායා Chapter 17 is part of the Book of යෙසායා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෙසායා Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from යෙසායා

  1. යෙසායා Chapter 14
  2. යෙසායා Chapter 60
  3. යෙසායා Chapter 29
  4. යෙසායා Chapter 40
  5. යෙසායා Chapter 43
  6. යෙසායා Chapter 16
  7. යෙසායා Chapter 63

Related Chapters & Readings

  1. ශු. මාර්ක් Chapter 16
  2. 1 තෙසලෝනික Chapter 3
  3. 2 ලේකම් Chapter 19
  4. 2 ලේකම් Chapter 30
  5. 1 රාජාවලිය Chapter 8
  6. ආමොස් Chapter 5
  7. යෙසායා Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *