1 ලේකම් Chapter 10

For English

Read 1 ලේකම් Chapter 10 Online

Read 1 ලේකම් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

1 ලේකම් 10

පරිච්ඡේදය 10

1. තවද පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝය.

2. පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.

3. සටන සාවුල්ට විරුද්ධව තදබල විය, ඔහු දුනුවායන්ට අසුවී දුනුවායන් විසින් තුවාල කරනු ලැබීය.

4. එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමතිවුණේ නැත; ඔහු එසේ කරන්ට බොහෝසෙයින් භයවිය. එබැවින් සාවුල් තමාගේ කඩුව රැගෙන, තෙමේම එය පිට වැටුණේය.

5. සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේය.

6. මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද මළෝය; ඔහුගේ පවුලේ සියල්ලෝ එකවිට මැරුණෝය.

7. ඉශ්‍රායෙල් මිනිසුන් පලාගිය බවත් සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මැරුණු බවත් මිටියාවතෙහි සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක තමුන්ගේ නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසය කළෝය.

8. තවද පසුවදා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල, සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද ගිල්බොවා කන්දේ වැටී ඉන්නවා දුටුවෝය.

9. ඔව්හු ඔහුගේ ඇඳුම් ගළවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, එපවත් තමුන්ගේ දේවාලවලත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.

10. ඔහුගේ ආයුධ ඔව්හු තමුන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා, ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබුවෝය.

11. යාබෙෂ්-ගිලියද්හි සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ සියල්ල ඇසූ විට,

12. සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත්ව ගොස් සාවුල්ගේ ශරීරයද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීරද රැගෙන යාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇට යාබෙෂ්හි අලෝන ගස යට වළලා, සත් දවසක් නිරාහාරව උන්නෝය.

13. ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂානොකෙරීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධවකළ වරද නිසාත් ස්වාමීන්වහන්සේගෙන් නොවිචාරා ආත්ම බන්ධනකාරියෙකුගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේය.

14. ඒ නිසා උන්වහන්සේ ඔහු නසා, රජකම අහක්කොට යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ට දුන්සේක.

About 1 ලේකම් Chapter 10

Read 1 ලේකම් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 10
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 10?

1 ලේකම් Chapter 10 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 11
  2. 1 ලේකම් Chapter 6
  3. 1 ලේකම් Chapter 2
  4. 1 ලේකම් Chapter 15
  5. 1 ලේකම් Chapter 28
  6. 1 ලේකම් Chapter 22
  7. 1 ලේකම් Chapter 16

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 17
  2. රූත්ගේ කථාව Chapter 4
  3. උත්පත්ති Chapter 25
  4. විනිශ්චයකාරයන් Chapter 21
  5. විනිශ්චයකාරයන් Chapter 4
  6. 1 රාජාවලිය Chapter 13
  7. ගණන් කථාව Chapter 34

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 74
  2. නෙහෙමියා Chapter 5
  3. නික්මයාම Chapter 10
  4. ද්වීතීය කථාව Chapter 9
  5. යෝබ් Chapter 20
  6. උත්පත්ති Chapter 45
  7. ලෙවී කථාව Chapter 19
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *