Read 1 ලේකම් Chapter 28 Online
Read 1 ලේකම් Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
1 ලේකම් 28
පරිච්ඡේදය 28
1. තවද දාවිත් ඉශ්‍රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන්ද රජුට සේවයකළ පංක්තිවල අධිපතීන්ද සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තුව සහ සම්පත්වල අධිපතීන්ද ඇමතියන් සහ බලවන්තයිනුත් සියලු බලවන්ත යුද්ධකාරයිනුත් සමඟ යෙරුසලමට කැඳවාගත්තේය.
2. එකල දාවිත් රජ නැගී සිට කථාකොට: මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමටද අපේ දෙවියන්වහන්සේගේ පාපුටුව කොටද විශ්‍රාම නිවාසයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය; ඒක ගොඩනැගීමට මා විසින් සූදානම්කරලාත් තිබුණේය.
3. නුමුත් දෙවියන්වහන්සේ මට කථාකොට: ඔබ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නෙහිය, මක්නිසාද ඔබ යුද්ධකාර මනුෂ්‍යයෙක, ලේ වැගිරෙවුවෙහියයි කීසේක.
4. නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යුදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක.
5. ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක.
6. උන්වහන්සේ මට කථාකොට: ඔබේ පුත්‍රවූ සාලමොන්ම මාගේ ගෘහයද මළුද සාදන්නේය. මක්නිසාද මාගේ පුත්‍රයෙක් කොට ඔහු තෝරාගතිමි, මම ඔහුට පියෙක් වන්නෙමි.
7. අද දවසේ මෙන් ඔහු මාගේ ආඥාද විනිශ්චයවල්ද රක්ෂාකරමින් ස්ථිරව සිටියොත් ඔහුගේ රජකම සදාකාලයටම ස්ථිර කරන්නෙමියි කීසේක.
8. ඉතින් ඔබ සැම මේ හොඳ දේශය භුක්තිවිඳ, ඔබ සැමට පසුව ඔබ සැමගේ පුත්‍රයන්ට ඒක සදාකාලේටම උරුමකරදෙන පිණිස, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා පවත්වමින් ඒවා සොයන්නය කියා ස්වාමීන්වහන්සේගේ සභාව වන සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිටද අපේ දෙවියන්වහන්සේට ඇසෙන ලෙසද මම ඔබ සැමට අවවාදකරමි.
9. සාලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. ඔබ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබට සම්බවෙනවා ඇත; නුමුත් ඔබ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ ඔබ සදාකාලයටම අහක දමනවා ඇත.
10. ඉතින් බලාගන්න; මක්නිසාද ශුද්ධස්ථානයක් කොට ගෘහයක් ගොඩනැගීමට ස්වාමීන්වහන්සේ ඔබ තෝරාගන සිටිනසේක. ශක්තිමත්ව සිට ඒක කරන්නැයි කීවේය.
11. එවිට දාවිත් දේවමාලිගාවේ ද්වාරමණ්ඩපෙයත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුල් ගෙවල්වලත්, කරුණාසනයේ ගෙයිත් ආදෘශ සටහනද,
12. තමාගේ හිතේ තිබුණු සියල්ලවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවලත්, වටකර කාමරවලත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත්, කැපකරනලද දේ තිබූ ගබඩාවලත්,
13. පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු බඩුවලත් ආදෘශයද තමාගේ පුත්‍රවූ සාලමොන්ට දුන්නේය.
14. එක එක සේවයේ සියලු රන් බඩුවල ආදෘශයද, රන්වල බරද, සියලු රිදී බඩුවල අදෘශයද, එක එක සේවයේ සියලු බඩුවල බරද,
15. රන් පහන් රුක් වලත් ඒවායේ රන් පහන්වලත් බරද, එක එක පහන්රුකෙත් එහි පහන්වලත් බරද, රිදී පහන් රුක්වලත් එක එක පහන්රුකේ වැඩලෙස එක ඒකේ සහ ඒවායේ පහන්වලත් බරද,
16. පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බරද, රිදී මේසවලට රිදී බරද,
17. පවිත්‍ර රන් මස් කොකුවලත් තාලිවලත් පාත්‍රාවලත් රන් කුසලාන්වලත් ආදෘශයද, එක එක කුසලානේ බරද, රිදී කුසලාන්වල ආදෘශයද, එක එක කුසලානේ බරද,
18. පවිත්‍ර රන් දුම්පූජාසනයේ ආදෘශයද බරද, පියාපත් දිගහැර ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය වසාගන්න රන් කෙරුබ් රථයේ ආදෘශයද කියාදුන්නේය.
19. මේ සටහනේ සියලු වැඩ තේරුම්කර දුන්නාවූ ස්වාමීන්වහන්සේගේ අතින් මා ලවා සියල්ලම ලියවා තිබේයයි දාවිත් කීවේය.
20. තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: ඔබ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ ඔබෙන් ඉවත්නොවනසේක, ඔබ අත්නොහරිනසේක.
21. ඇරත් පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවල අය දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවලදී සියලු ආකාර වැඩට ප්‍රඥාවද කැමැත්තද ඇති හැම දෙනාත් ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියොත් මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත්වන්නාහුයයි කීවේය.
About 1 ලේකම් Chapter 28
Read 1 ලේකම් Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 ලේකම්
Chapter: 28
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 ලේකම් Chapter 28 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 ලේකම් Chapter 28?
1 ලේකම් Chapter 28 is part of the Book of 1 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 ලේකම් Chapter 28 online for free with easy chapter navigation.
More Chapters from 1-ලේකම්
- 1 ලේකම් Chapter 25
- 1 ලේකම් Chapter 22
- 1 ලේකම් Chapter 11
- 1 ලේකම් Chapter 5
- 1 ලේකම් Chapter 16
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- දානියෙල් Chapter 11
- ගීතාවලිය Chapter 80
- යෙරෙමියා Chapter 5
- උත්පත්ති Chapter 19
- ගීතාවලිය Chapter 71
- මීකා Chapter 4
- 1 සාමුවෙල් Chapter 10