Read 1 ලේකම් Chapter 4 Online
Read 1 ලේකම් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
1 ලේකම් 4
පරිච්ඡේදය 4
1. යූදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මි, හූර් සහ ෂෝබාල්ය.
2. ෂෝබාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය.
3. ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: යෙස්‍රෙයෙල්, ඉෂ්මා සහ ඉඩිබාෂ්ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනීය.
4. ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය.
5. තෙකෝවාගේ පියවූ අෂ්හූර්ට හෙලෙයා සහ නයරා යන භාර්යාවෝ දෙදෙනෙක් වූහ.
6. නයරා ඔහු නිසා අහුස්සාම්ද හේපෙර්ද තේමෙනිද හාහෂ්තාරිද බිහිකළාය. නයරාගේ පුත්‍රයෝ මොව්හුය.
7. හෙලෙයාගේ පුත්‍රයෝ නම්: ශෙරෙත්, ඉශ්හාර් සහ එත්නන්ය.
8. හක්කොශ්ට දාව ආනූබ්ද ශොබේබාද හාරුම්ගේ පුත්‍රවූ අහර්හෙල්ගේ පවුල්ද උපන්නෝය.
9. යාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේය. ඔහුගේ මවු: මම වේදනාවෙන් ඔහු බිහිකළෙමියි කියා ඔහුට යාබෙශ් යන නම තැබුවාය.
10. යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
11. ෂුහාගේ සහෝදරවූ කෙලූබ්ට දාව මෙහිර් උපන්නේය, ඔහු එෂ්තොන්ගේ පියාය.
12. එෂ්තොන්ට දාව බෙත්-රාපාද පසේයාද ඊර්-නාහාෂ්ගේ පියවූ තෙහින්නාද උපන්නෝය. මොව්හු රේකාහි මනුෂ්‍යයෝය.
13. කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.
14. මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ. පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය.
15. යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය.
16. යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය.
17. එස්රාගේ පුත්‍රයෝ නම්: යෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ යාලොන්ය. මෙරෙද් පාවාගත්තාවූ, ඵාරාවොගේ දුවවූ බිතියාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ මිරියාම්ද ෂම්මයිද එෂ්තෙමෝවාගේ පියවූ ඉෂ්බාද බිහිකළාය.
18. ඔහුගේ යුදෙව් භාර්යාව ගෙදොර්ගේ පියවූ යෙරෙද්ද ශෝකෝගේ පියවූ හෙබෙර්ද ශානොවාගේ පියවූ යෙකූතියෙල්ද බිහිකළාය.
19. කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරීවූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවාය.
20. ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.
21. යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;
22. යෝකීම්ද කොසේබාහි මනුෂ්‍යයෝද මෝවබ්වරුන් කෙරෙහි ආණ්ඩුකළාවූ යෝවාෂ් සහ සාරාප්ද යාෂූබි-ලෙහෙම්ද යන මොව්හුය. මේවා වනාහි පුරාණ කාරණාය.
23. මොව්හු කුම්භකාරයෝව4:23 නොහොත්-තාප්පවලින් වටවූ ගස් පන්තිවල වාසයකරන්නෝව සිටියෝය. නොතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.
24. සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, යාමීන්, යාරීබ්, සෙරා සහ ෂාවුල්ය.
25. ඔහුගේ පුත්‍රයා ෂල්ලුම්ය, ඔහුගේ පුත්‍රයා මිබ්සාම්ය, ඔහුගේ පුත්‍රයා මිෂ්මාය.
26. මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ හම්මුවෙල්ය, ඔහුගේ පුත්‍රවූ ශක්කූර්ය,
27. ඔහුගේ පුත්‍රවූ ෂිමෙයිය. ෂිමෙයිට පුත්‍රයන් දහසය දෙනෙකුත් දූවරුන් හය දෙනෙකුත් සිටියෝය; නුමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝය, ඔවුන්ගේ මුළු වංශය යූදා පුත්‍රයන් මෙන් වැඩිනොවීය.
28. ඔව්හු බෙයෙර්-ෂෙබාහිද මොලාදාහිද හශර්-ෂුවාල්හිද;
29. බිල්හාහිද එශෙම්හිද තෝලාද්හිද;
30. බෙතුයෙල්හිද හොර්මාහිද ශික්ලග්හිද;
31. බෙත්-මර්කාබොත්හිද හශර්සුසීම්හිද බෙත්-බිරියෙහිද ෂයරාම්හිද විසුවෝය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නුවරවල්ව තිබුණේය.
32. ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.
33. ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ පෙළපත් ලේඛනයද මේවාය.
34. මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමශියාගේ පුත්‍රවූ යෝෂාද;
35. යෝවෙල්ද, අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත්‍රවූ යෝෂිබියාගේ පුත්‍රයා වන යේහුද;
36. එලියෝයේනයිද යාකොබාද යෙෂෝහායාද ආසායාද අදීයෙල්ද යෙසිමියෙල්ද බෙනායාද;
37. ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍රවූ යෙදයාගේ පුත්‍රයාවන අල්ලොන්ගේ පුත්‍රවූ ෂිපීගේ පුත්‍රයා වන සීසාද යන,
38. නම් වශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.
39. ඔව්හු තමුන්ගේ එළු බැටළු රැළවලට තණබිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදොර්ට ඇතුල්වෙන තැන දක්වා ගියෝය.
40. හොඳ සරු තණබිම් ඔවුන්ට සම්බවිය, දේශයද දෑතටම විශාලව නිශ්චලව සමාදාන සහිතව තිබුණේය; මක්නිසාද ප්‍රථම එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝය.
41. නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය.
42. සිමියොන්ගේ පුත්‍රයෝ වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම් මනුෂ්‍යයන් පන්සියයක් ඉෂීගේ පුත්‍රවූ පෙලතියාද නෙයරියාද රෙපායාද උස්සීයෙල්ද ප්‍රධානකමට තබාගෙන සේයිර් කන්දට ගොස්,
43. ගැළවී ඉතුරුව සිටි අමලෙක්වරුන්ට පහරදුන්නෝය, අද දක්වාත් ඔව්හු එහි වාසයකරති.
About 1 ලේකම් Chapter 4
Read 1 ලේකම් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 ලේකම්
Chapter: 4
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 ලේකම් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 ලේකම් Chapter 4?
1 ලේකම් Chapter 4 is part of the Book of 1 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 ලේකම් Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from 1-ලේකම්
- 1 ලේකම් Chapter 25
- 1 ලේකම් Chapter 22
- 1 ලේකම් Chapter 5
- 1 ලේකම් Chapter 16
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 11
- 1 ලේකම් Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- ලෙවී කථාව Chapter 18
- ගීතාවලිය Chapter 63
- එස්තර් Chapter 1
- 2 සාමුවෙල් Chapter 8
- ද්වීතීය කථාව Chapter 22
- නෙහෙමියා Chapter 1
- ගීතාවලිය Chapter 37