1 ලේකම් Chapter 19

For English

Read 1 ලේකම් Chapter 19 Online

Read 1 ලේකම් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

1 ලේකම් 19

පරිච්ඡේදය 19

1. ඉක්බිති අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් මළේය, ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට රජවිය.

2. දාවිත් වනාහි: හානූන්ගේ පියවූ නාහාෂ් මට කරුණාව පෙන්වූ නිසා මමත් හානූන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවීය. දාවිත්ගේ සේවකයෝ හානූන් සනසන්ට අම්මොන් පුත්‍රයන්ගේ දේශයට ඔහු වෙතට පැමුණුණෝය.

3. එවිට අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු හානූන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? ඔහුගේ සේවකයන් ඔබ වෙතට ආවේ දේශය විභාගකර, ඔත්තු බලා, ඒක නාස්තිකරන අදහසින් නොවේදැයි කීවෝය.

4. එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.

5. මිනිස්සු ඇවිත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූහ. එවිට ඔවුන් සම්බවෙන්ට ඔහු මිනිසුන් යැවුවේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පත්ව සිටියෝය. රජ: ඔබ සැමගේ රැවුල් වැඩෙනකල් යෙරිකෝවෙහි නැවතී පසුව එන්නැයි කියා හැරියේය.

6. තවද අම්මොන් පුත්‍රයෝ තමුන් දාවිත් ඉදිරියෙහි පිළිකුල්ව සිටින බව දැක, හානූන් සහ අම්මොන් පුත්‍රයෝද මෙසොපොතාමියේ සිරියවරුන්ගෙනුත් මයකාහි සිරියවරුන්ගෙනුත් ශෝබායෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්ට රිදී තලෙන්ත දහසක් යැවූහ.

7. මෙසේ ඔව්හු රථ තිස් දෙදහසක්ද මයකාහි රජුද ඔහුගේ සෙනඟද කුලියට ගත්තෝය; ඔව්හු ඇවිත් මේදෙබා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝය.

8. අම්මොන් පුත්‍රයෝත් තමුන්ගේ නුවරවලින් රැස්ව සටනට ආවෝය. දාවිත් ඒ අසා යෝවාබ්ද බලවන්තයන්වූ මුළු සේනාවද යැවීය.

9. අම්මොන් පුත්‍රයෝද පිටතට ඇවිත් නුවර දොරටුව ළඟ යුද්ධ පිළිවෙළින් සිටියෝය. ආවාවූ රජවරු භූමියෙහි වෙනම සිටියෝය.

10. ඉදිරියෙන්ද පස්සෙන්ද සටන තමාට විරුද්ධව පැමිණෙන්ට තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටවා,

11. ඉතිරි සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටින පිණිස තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදුන්නේය.

12. තවද ඔහු කථාකොට: සිරියවරුන් මට වඩා බලවත්වුණොත් ඔබ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාරකරන්නෙමි.

13. ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව ක්‍රියාකරමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීවේය.

14. මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ; එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.

15. සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයන් දුටුවිට, ඔව්හුද ඔහුගේ සහෝදරවූ අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් යෙරුසලමට ආයේය.

16. සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට. එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝ‍‍පාක් ඔවුන්ට පෙරටුව ආවේය.

17. එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩව ඔවුන් ළඟට ඇවිත්, ඔවුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියේය. එසේ දාවිත් සිරියවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටි විට ඔව්හු ඔහුට විරුද්ධව සටන්කළෝය.

18. නුමුත් ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් සිරියවරු පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත් දහසක මිනිසුන්ද පාබළ සෙනඟ සතළිස් දහසක්ද මරාදමා, සේනාපතියාවූ ෂෝ‍‍පාක්ද මැරුවේය.

19. හදර්එසෙර්ගේ සේවකයෝ තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක දාවිත් සමඟ සමාදානවී ඔහුට මෙහෙකළෝය. සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට කැමති නොවූහ.

About 1 ලේකම් Chapter 19

Read 1 ලේකම් Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 19
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 19?

1 ලේකම් Chapter 19 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 19 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 6
  2. 1 ලේකම් Chapter 15
  3. 1 ලේකම් Chapter 11
  4. 1 ලේකම් Chapter 2
  5. 1 ලේකම් Chapter 25
  6. 1 ලේකම් Chapter 22
  7. 1 ලේකම් Chapter 28

Explore More from පැරණි ගිවිසුම

  1. හිතෝපදේශ Chapter 10
  2. 2 සාමුවෙල් Chapter 1
  3. ගීතාවලිය Chapter 19
  4. යෙරෙමියා Chapter 1
  5. 1 සාමුවෙල් Chapter 20
  6. හොෂෙයා Chapter 5
  7. යෙරෙමියා Chapter 21

Related Chapters & Readings

  1. යෙසායා Chapter 45
  2. එසකියෙල් Chapter 38
  3. රෝම Chapter 3
  4. 1 යොහන් Chapter 3
  5. 1 කොරින්ති Chapter 7
  6. යාකොබ් Chapter 1
  7. නික්මයාම Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *