Read 1 ලේකම් Chapter 12 Online
Read 1 ලේකම් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
1 ලේකම් 12
පරිච්ඡේදය 12
1. දාවිත් කීෂ්ගේ පුත්‍රවූ සාවුල් නිසා සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු යුද්ධයේදී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිතිවූහ.
2. ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.
3. එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය;
4. බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;
5. එල්යූසයිය, යෙරීමොත්ය, බෙයාලියාය, ෂෙමරීයාය, හරුපිය ෂෙපතියාය;
6. එල්කානා සහ ඉෂ්ෂියාද අසරියෙල්ද යෝවෙසෙර්ද යෂොබෙයාම්ද යන කොරාවරුය.
7. ගෙඩොර්හි යෙරොහාම්ගේ පුත්‍රයෝවූ යොයේලා සහ සෙබදියාය.
8. ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන්ව ගොස් දාවිත් වෙතට කාන්තාරයේ බලකොටුවට එක්වූවෝය, ඔව්හු යුද්ධයට පුහුණුවූ, පලිහත් හෙල්ලයත් දරන්ට සමර්ථවූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇත්තාවූ, වේගවත් කමින් කඳුවල තිත්මුවන්ට සමානවූ මනුෂ්‍යයෝය;
9. ප්‍රධානියා ඒසෙර්ය, දෙවෙනියා ඔබදියාය, තුන්වෙනියා එලියාබ්ය;
10. සතරවෙනියා මිෂ්මන්නාය, පස්වෙනියා යෙරෙමියාය;
11. හවෙනියා අත්තයිය, හත්වෙනියා එලීයෙල්ය;
12. අටවෙනියා යෝහානාන්ය, නවවෙනියා එල්සාබාද්ය;
13. දසවෙනියා යෙරමියාය, එකොළොස් වෙනියා මක්බන්නයිය.
14. මොව්හු ගාද්ගේ පුත්‍රයෝව සේනාවට මුලාදෑනියෝව සිටියෝය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත් ලොකු තැනැත්තා දහසකටත් වඩා බලවත් විය.
15. මොව්හු පළමුවෙනි මාසයේ, යොර්දානේ වතුර එහි සියලු ඉවුරු උඩින් ගලා තිබියදී, එගොඩවී නැගෙනහිරත් බස්නාහිරත් මිටියාවත්වල වාසයකළ සියල්ලන් එළවාදැම්මෝය.
16. බෙන්යමින්ගේද යූදාගේද පුත්‍රයන්ගෙනුත් සමහරෙක් දාවිත් වෙතට බලකොටුවට ආවෝය.
17. දාවිත් ඔවුන් සම්බවෙන්ට පිටතට ගොස් ඔවුන්ට කථාකොට: ඔබ සැම මට උපකාරකරන්ට සමාදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත ඔබ සැම කෙරෙහි ඇලුම්වන්නේය. නුමුත් මා අත වරදක් නැතුව තිබෙද්දී මාගේ එදිරිකාරයන්ට මා පාවාදෙන පිණිස ආවා නම්, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ එය බලා යුක්තිය කරනසේක්වයි කීවේය.
18. එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි ඔබේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම ඔබට වේවා, ඔබට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද ඔබේ දෙවියන්වහන්සේ ඔබට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.
19. තවද දාවිත් පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙකුත් ඔහුට එකතුවුණෝය, නුමුත් ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝය. මක්නිසාද පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණයකොට: ඔහු අපේ හිස් අන්තරායට පැමිණෙන ලෙස තමාගේ ස්වාමියාවූ සාවුල්ට එකතුවෙනවා ඇතැයි කියා ඔහු යන්ට හැරියෝය.
20. එසේ ඔහු ශික්ලග්ට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්‍රාධිපතියෝවූ අද්නාද යෝසාබාද්ද යෙදීයයෙල්ද මීකායෙල්ද යෝසාබාද්ද එලීහුද ශිල්ලෙතයිද ඔහුට එකතුවුණෝය.
21. ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධව දාවිත්ට උපකාරකළෝය. මක්නිසාද ඔවුන් සියල්ලෝම බලවන්තයෝව සේනාවේ අධිපතියෝව සිටියෝය.
22. එසේ දෙවියන්වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වනතෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට ආවෝය.
23. ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවාදෙන පිණිස යුද්ධයට සන්නද්ධව දාවිත් වෙතට හෙබ්‍රොන්ට ආවාවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:
24. යුදා පුත්‍රයන්ගෙන් පලිහද හෙල්ලයද දරන්නාවූ යුද්ධයට සන්නද්ධවූ හදාස් අටසිය දෙනෙක්ය.
25. සිමියොන් පුත්‍රයන්ගෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක්ය.
26. ලෙවී පුත්‍රයන්ගෙන් හාරදාස්හසියයක්ය.
27. ආරොන්ගේ වංශයේ අධිපතියාවූ යෙහෝයාදා සහ ඔහු සමඟ තුන්දාස් හත්සියයක්ය;
28. බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.
29. සාවුල්ගේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ගෙන් තුන්දහසක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය.
30. එප්‍රායිම් පුත්‍රයන්ගෙන් බලවන්තයෝව තමුන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයෝව සිටි විසිදාස් අටසිය දෙනෙක්ය.
31. දාවිත් රජකමට පත්කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහ අටදාහක්ය.
32. ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.
33. සාබුලොන්වරුන්ගෙන්, සියලු ආකාර යුද්ධායුධ ඇතුව යුද්ධ පිළිවෙළට පැමිණ දෙසිත් නැතුව පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය පනස් දහසක්ය.
34. නප්තලීවරුන්ගෙන්, අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහද හෙල්ලයද ඇති අය තිස්හත් දහසක්ය.
35. දාන්වරුන්ගෙන්, යුද්ධ පිළිවෙළට පැමිණෙන අය විසිඅටදාස් හසියයක්ය.
36. ආෂෙර්වරුන්ගෙන්, සටනට ගොස් යුද්ධ පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය සතළිස් දහසක්ය.
37. යොර්දානෙන් එගොඩ රූබෙන්වරුන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක්ය.
38. යුද්ධ පිළිවෙළට පැමිණෙන්ට පුළුවන්වූ මේ සියලු යුද්ධකාරයෝ සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දාවිත් රජකමට පත්කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝය. අනික් සියලු ඉශ්‍රායෙල්වරුත් දාවිත් රජකමට පත්කිරීමට එක්සිත්ව සිටියෝය.
39. ඔව්හු කමින් බොමින් දාවිත් ළඟ තුන් දවසක් සිටියෝය. මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ට එසේ පිළියෙළකර තිබුණේය.
40. තවද ඉස්සාඛර්ද සාබුලොන්ද නප්තලීද දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන්ද ඔටුවන්ද අශ්වතරයන්ද ගොනුන්ද පිට රොටි සහ පිටි කෑමත් වියළි අත්තික්කා කැටි සහ මිදිපොකුරුත් මුද්‍රිකපානයත් තෙලුත් ගොනුන් සහ බැටළුවනුත් බොහෝසෙයින් ගෙනාවෝය. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය වූයේය.
About 1 ලේකම් Chapter 12
Read 1 ලේකම් Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 ලේකම්
Chapter: 12
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 ලේකම් Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 ලේකම් Chapter 12?
1 ලේකම් Chapter 12 is part of the Book of 1 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 ලේකම් Chapter 12 online for free with easy chapter navigation.
More Chapters from 1-ලේකම්
- 1 ලේකම් Chapter 25
- 1 ලේකම් Chapter 22
- 1 ලේකම් Chapter 5
- 1 ලේකම් Chapter 16
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 11
- 1 ලේකම් Chapter 2
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 115
- 2 රාජාවලිය Chapter 20
- 1 සාමුවෙල් Chapter 12
- ලෙවී කථාව Chapter 26
- ද්වීතීය කථාව Chapter 17
- 2 සාමුවෙල් Chapter 11
- 2 ලේකම් Chapter 36