1 ලේකම් Chapter 2

For English

Read 1 ලේකම් Chapter 2 Online

Read 1 ලේකම් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

1 ලේකම් 2

පරිච්ඡේදය 2

1. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාය, ඉස්සාඛර් සහ සාබුලොන්ය;

2. දාන්, යෝසෙප්, සහ බෙන්යමින්ය, නප්තලී, ගාද් සහ ආෂෙර්ය.

3. යූදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලාය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහු නිසා උපන්නෝය. යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් උන්වහන්සේ ඔහු නැසූසේක.

4. ඔහුගේ ලේලිවූ තාමාර් තොමෝ පෙරෙශ්ද සෙරාද ඔහු නිසා බිහිකළාය. යුදාගේ සියලු පුත්‍රයෝ පස්දෙනෙක්ය.

5. පෙරෙශ්ගේ පුත්‍රයෝ නම්: හෙශ්රොන් සහ හාමුල්ය.

6. සෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමාන්, කල්කොල් සහ දාරාය. ඒ සියල්ලෝ පස්දෙනෙක්ය.

7. කැපවූ දේ ගැන අපරාධයක් කර ඉශ්‍රායෙල් කැලඹුවාවූ ආකාර් කර්මීගේ පුත්‍රයෙක්ය.

8. අසරියා ඒතාන්ගේ පුත්‍රයෙක්ය.

9. හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: යෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයිය.

10. රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේය; අම්මිනාදාබ්ට දාව යූදාගේ පුත්‍රයන්ට අධිපතියාවූ නාෂොන් උපන්නේය.

11. නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස්ද උපන්නෝය;

12. බෝවස්ට දාව ඕබෙද්ද ඕබෙද්ට දාව යෙස්සේද උපන්නෝය;

13. යෙස්සේට දාව ඔහුගේ කුලුඳුලාවූ එලියාබ්ද දෙවෙනියාවූ අබිනාදාබ්ද තුන්වෙනියාවූ ෂිමෙයාද;

14. සතරවෙනියාවූ නෙතනෙල්ද පස්වෙනියාවූ රද්දයිද;

15. හවෙනියාවූ ඔශෙම්ද සත්වෙනියාවූ දාවිත්ද උපන්නෝය.

16. මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගයිල්ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයිද යෝවාබ්ද අසාහෙල්ද යන තුන්දෙනාය.

17. අබිගයිල් තොමෝ අමාසා බිහිකළාය. අමාසාගේ පියා නම් ඉෂ්මායෙලිතයාවූ යෙතෙර්ය.

18. හෙශ්රොන්ගේ පුත්‍රවූ කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාවවූ අසුබාගෙන්ද යෙරියොත්ගෙන්ද පුත්‍රයෝ උපන්නෝය. ඇගේ පුත්‍රයෝ නම්: යේෂෙර්, ෂෝ‍‍බාබ් සහ අර්දොන්ය.

19. අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය.

20. හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය.

21. පසුව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස්වූ කල, ගිලියද්හට පියවූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ වෙතට පැමුණුණේය; ඇයට ඔහු නිසා සෙගුබ් උපන්නේය.

22. සෙගුබ්ට දාව යායිර් උපන්නේය, ඔහුට ගිලියද් දේශයෙහි නුවරවල් විසිතුනක් තිබුණේය.

23. ගෙෂූර්වරුද සිරියවරුද යායිර්හි නුවරවල් සහ කෙනාත්ද ඊට අයිති ගම් වන නුවරවල් සැටක්ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝය. මේ සියල්ලෝ ගිලියද්ගේ පියවූ මාකීර්ගේ පුත්‍රයෝය.

24. හෙශ්රොන් කාලෙබ්-එප්‍රාතාහිදී මැරුණු පසු හෙශ්රොන්ගේ භාර්යාවවූ අබියා තෙකෝවාගේ. පියවූ අෂ්හූර් ඔහු නිසා බිහිකළාය.

25. හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය.

26. යෙරාමෙයෙල්ට අටාරානම් වෙන භාර්යාවක් වූවාය; ඈ ඕනාම්ගේ මවුය.

27. යෙරාමෙයෙල්ගේ කුලුඳුලාවූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, යාමීන් සහ ඒකෙර්ය.

28. ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ යාදාය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂූර්ය.

29. අබිෂූර්ගේ භාර්යාවගේ නම අබිහයිල්ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහු නිසා බිහිකළාය.

30. නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම්ය. සෙලෙද් දරුවන් නොලැබ මළේය.

31. අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේනාන්ගේ පුත්‍රයෝ: ආලයිය.

32. ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය.

33. යොනාතාන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසාය. මොව්හු යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝය.

34. ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ෂේෂාන්ට මිසරයෙක්වූ යර්හා නම් වැඩකාරයෙක් සිටියේය.

35. ෂේෂාන් තමාගේ වැඩකාරයාවූ යර්හාට තමාගේ දුව භාර්යාකොට දුන්නේය; ඈ ඔහු නිසා අත්තයි බිහිකළාය.

36. අත්තයිට දාව නාතාන් උපන්නේය, නාතාන්ට දාව සාබාද් උපන්නේය;

37. සාබාද්ට දාව එප්ලාල් උපන්නේය, එප්ලාල්ට දාව ඕබෙද් උපන්නේය;

38. ඕබෙද්ට දාව යේහු උපන්නේය, යේහුට දාව අසරියා උපන්නේය;

39. අසිරියාට දාව හෙලෙශ් උපන්නේය, හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේය;

40. එලෙයාසාට දාව සිස්මයි උපන්නේය, සිස්මයිට දාව ෂල්ලුම් උපන්නේය;

41. ෂල්ලුම්ට දාව යෙකමියා උපන්නේය, යෙකමියාට දාව එලිෂාමා උපන්නේය.

42. යෙරාමෙයෙල්ගේ සහෝදරවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ, සීප්ගේ පියවූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියවූ මරේෂාගේ පුත්‍රයොත්ය.

43. හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ

44. ෂෙමාය. ෂෙමාට දාව යොර්කෙයාම්ගේ පියාවූ රහම් උපන්නේය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේය.

45. මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශූර්ගේ. පියාය.

46. කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය.

47. යාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, යෝතාම්, ගේෂාන්, පෙලෙට්, ඒපා සහ ෂයප්ය.

48. කාලෙබ්ගේ උපභාර්යාවූ මයකා ෂෙබෙර් සහ තිර්හනා බිහිකළාය.

49. ඈ මද්මන්නාගේ පියවූ ෂයප්ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියවූ ෂෙවාද බිහිකළාය; කාලෙබ්ගේ දුව අක්සාය.

50. මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝ‍‍බාල්;

51. බෙත්-ලෙහෙම්ගේ පියවූ සල්මා සහ බෙත්-ගාදෙර්ගේ පියවූ හාරෙප්ය.

52. කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝ‍‍බාල්ට පුත්‍රයෝ සිටියෝය; එනම් හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක්ය.

53. කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය.

54. සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්-ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත්ය.

55. යාබේශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරුය. මොව්හු රෙකාබ්ගේ වංශයේ පියවූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරුය.

About 1 ලේකම් Chapter 2

Read 1 ලේකම් Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 2
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 2?

1 ලේකම් Chapter 2 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 2 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 25
  2. 1 ලේකම් Chapter 22
  3. 1 ලේකම් Chapter 15
  4. 1 ලේකම් Chapter 5
  5. 1 ලේකම් Chapter 11
  6. 1 ලේකම් Chapter 1
  7. 1 ලේකම් Chapter 16

Explore More from පැරණි ගිවිසුම

  1. 1 ලේකම් Chapter 19
  2. 1 ලේකම් Chapter 17
  3. නික්මයාම Chapter 35
  4. නික්මයාම Chapter 14
  5. යෝබ් Chapter 22
  6. නික්මයාම Chapter 38
  7. 1 ලේකම් Chapter 21

Related Chapters & Readings

  1. ශු. මතෙව් Chapter 4
  2. උත්පත්ති Chapter 37
  3. 2 රාජාවලිය Chapter 17
  4. 1 යොහන් Chapter 3
  5. නාහුම් Chapter 1
  6. හොෂෙයා Chapter 3
  7. 1 රාජාවලිය Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *