1 ලේකම් Chapter 21

For English

Read 1 ලේකම් Chapter 21 Online

Read 1 ලේකම් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

1 ලේකම් 21

පරිච්ඡේදය 21

1. සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළෙඹවුවේය.

2. දාවිත් යෝවාබ්ටත් සෙනඟගේ අධිපතීන්ටත් කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස ඔබ සැම ගොස් බෙයෙර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන්කර ඔවුන්ගේ ගණන මා ළඟට ගෙනෙන්නැයි කීවේය.

3. යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්‍රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය.

4. එහෙත් යෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිරවිය. ඒ නිසා යෝවාබ් පිටත්වී මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ඇවිද,

5. යෙරුසලමට ඇවිත්, ගණන්ගත් සෙනඟගේ මුළු ගණන දාවිත්ට දුන්නේය. කඩුව පාවිච්චිකරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියල්ලෝ එකොළොස් ලක්ෂයක්ය. කඩුව පාවිච්චිකරන යූදා මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑ දහසක්ය.

6. නුමුත් රජුගේ වචනය යෝවාබ්ට පිළිකුල්ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් අතරේ ගණන්කළේ නැත.

7. දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්‍රායෙල්ට පහරදුන්සේක.

8. දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝකොට පව්කෙළෙමි. එහෙත් දැන් ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද මම බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.

9. ස්වාමීන්වහන්සේ දාවිත්ගේ දර්ශනකාරයාවූ ගාද්ට කථාකොට:

10. ඔබ ගොස්-මම කාරණා තුනක් ඔබ ඉදිරියේ තබමි; මා විසින් ඔබට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා දාවිත්ට කියන්නැයි කීසේක.

11. ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට කථාකොට:

12. තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් ඔබේ එදිරිකාරයන්ගේ කඩුවට ඔබ අසුවී ඔබේ සතුරන් අතින් විනාශවීම හෝ තුන් දවසක් ස්වාමීන්වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ ස්වාමීන්වහන්සේගේ දූතයා විසින් ඉශ්‍රායෙල් පළාත් මුළුල්ලෙහි විනාශකිරීම හෝ තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ නිසා මා එවූ තැනන්වහන්සේට මා විසින් මොන උත්තරයක් දෙන්ටද කියා කල්පනාකරන්නැයි කීවේය.

13. දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේ අතට අසුවන්නෙමි; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව ඉතා මහත්ය. මනුෂ්‍යයාගේ අතට අසුවන්ට මට සිද්ධනොවේවයි ගාද්ට කීවේය.

14. එබැවින් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අතරට වසංගතයක් එවූසේක. එයින් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සැත්තෑ දහසක් මනුෂ්‍යයෝ මළෝය.

15. දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; ඔබේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.

16. දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.

17. දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: සෙනඟ ගණන්කරන්ට අණකළ තැනැත්තා මම නොවෙම්ද? පව්කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියාකළේ මමය; නුමුත් මේ බැටළුවෝ මක්කළෝද? අනේ මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පහරදීම පිණිස ඔබගේ අත ඔබගේ සෙනඟ පිටට නොව මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.

18. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ගාද්ට කථාකොට: යෙබූසිය ඔර්ණාන්ගේ කමතේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන පිණිස නැගී යන ලෙස දාවිත්ට කියන්ට අණකෙළේය.

19. දාවිත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැගී ගියේය.

20. තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දුටීය; ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයන් සතරදෙනා සැඟවුණෝය.

21. දාවිත් ඔර්ණාන් ළඟට ගියේය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට ඇවිත් මුහුණින් බිම වැටී, දාවිත්ට වැන්දේය.

22. එවිට දාවිත්: සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට කමතේ ඉඩම මට දෙන්න; සම්පූර්ණ මිල ගණනට ඒක මට දෙන්ට ඕනෑයයි ඔර්ණාන්ට කීවේය.

23. ඔර්ණාන්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ ඒක පිළිගෙන තමන්ට හොඳව පෙනෙන දේ කෙරෙත්වා. මෙන්න, දවන පූජාවලට ගවයන්ද දර සඳහා මඩින උපකරණද ආහාර පූජාවට තිරිඟුද දෙමි; ඒ සියල්ලම දෙමියි දාවිත්ට කීවේය.

24. දාවිත් රජද: එසේ නොවේ; සම්පූර්ණ මිල ගණනට ඒක ඔබෙන් ගන්නෙමි. මක්නිසාද ඔබට අයිති දේ මම ස්වාමීන්වහන්සේ උදෙසා නොගන්නෙමි, වියදමක් නැතුව දවන පූජා නොපුදන්නෙමියි ඔර්ණාන්ට කීවේය.

25. මෙසේ දාවිත් ඒ ඉඩමට ෂෙකෙල් හසියයක බර රන් ඔර්ණාන්ට දුන්නේය.

26. එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.

27. තවද ස්වාමීන්වහන්සේ දේවදූතයාට අණකළ විට ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේය.

28. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙබූසිය ඔර්ණාන්ගේ කමතේදී තමාට උත්තරදුන් බව දාවිත් දැක එහිදී පූජා ඔප්පුකෙළේය.

29. මක්නිසාද මෝසෙස් කාන්තාරයේදී සෑදූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයත් දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි උස්තැන තිබුණේය.

30. එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයාගේ කඩුවට භයවූ නිසා දෙවියන්වහන්සේගෙන් විචාරන පිණිස ඒක ඉදිරියට යන්ට දාවිත්ට නොහැකිවිය.

About 1 ලේකම් Chapter 21

Read 1 ලේකම් Chapter 21 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 21
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 21 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 21?

1 ලේකම් Chapter 21 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 21 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 25
  2. 1 ලේකම් Chapter 22
  3. 1 ලේකම් Chapter 5
  4. 1 ලේකම් Chapter 16
  5. 1 ලේකම් Chapter 15
  6. 1 ලේකම් Chapter 2
  7. 1 ලේකම් Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 108
  2. 1 සාමුවෙල් Chapter 30
  3. දේශනාකාරයා Chapter 3
  4. හිතෝපදේශ Chapter 24
  5. උත්පත්ති Chapter 50
  6. 1 රාජාවලිය Chapter 5
  7. ගීතාවලිය Chapter 48

Related Chapters & Readings

  1. උත්පත්ති Chapter 15
  2. යෝබ් Chapter 9
  3. යෝබ් Chapter 1
  4. උත්පත්ති Chapter 17
  5. ශු. මාර්ක් Chapter 6
  6. උත්පත්ති Chapter 46
  7. 1 සාමුවෙල් Chapter 28
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *