1 ලේකම් Chapter 11

For English

Read 1 ලේකම් Chapter 11 Online

Read 1 ලේකම් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.

Choose a Chapter

1 ලේකම් 11

පරිච්ඡේදය 11

1. එකල සියලු ඉශ්‍රායෙල්වරු හෙබ්‍රොන්හි සිට දාවිත් වෙතට රැස්වී කථාකොට: අපි ඔබගේ ඇටද මාංසයද වමුව.

2. පසුගිය කාලවල, සාවුල් රජව සිටියදී පවා, ඉශ්‍රායෙල් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබය. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ-ඔබ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්නෙහිය, ඔබ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි ඔබට කීසේකැයි කීවෝය.

3. මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.

4. පසුව දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද යෙබූස නම්වූ යෙරුසලමට ගියෝය; දේශවාසීවූ යෙබූසිවරු එහි සිටියෝය.

5. යෙබූස වැසියෝ: ඔබ මෙහි ඇතුල් නොවන්නෙහියයි දාවිත්ට කීවෝය. නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්වාගත්තේය; එය දාවිත්ගේ නුවරය.

6. දාවිත් කථාකොට: පළමුකොට යෙබූසිවරුන්ට පහරදෙන කවරෙක් නුමුත් ප්‍රධානියාද අධිපතියාද වන්නේයයි කීවේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් පළමුකොට නැගී ගොස් ප්‍රධානියා වුණේය.

7. දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය.

8. ඔහු මිල්ලෝ පටන් වටකරින්ම නුවර ගොඩනැඟුවේය. යෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේය.

9. දාවිත් වඩ වඩා උසස් වූයේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ඔහු හා සමඟ සිටිසේක.

10. ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.

11. දාවිත්ට සිටි බලවන්තයන්ගේ ගණන මේය: හක්මොනියෙකුගේ පුත්‍රවූ, තිස්දෙනාගෙන් ප්‍රධානියාවූ යාෂොබෙයාම්ය; ඔහු එක් වතාවකදී තුන්සිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරීය.

12. ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය, ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය.

13. පැස්-දම්මිම්හි, යව පුරාම තිබුණු, පිලිස්තිවරුන් යුද්ධයට සැරසී සිටි බිම් කොටසක ඔහු දාවිත් සමඟ සිටියේය; සෙනඟ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය.

14. ඔව්හු ඒ බිම මැද සිට එය ආරක්ෂාකරගන පිලිස්තිවරුන් මැරුවෝය; ස්වාමීන්වහන්සේ මහත් ජයක් ලබාදී ඔවුන් ගැළවූසේක.

15. ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය.

16. දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය, පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්-ලෙහෙමෙහි සිටියෝය.

17. දාවිත් තද ආශාවෙන් කියනුයේ: අනේ බෙත්-ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කවුරුවත් මට බොන්ට වතුර ගෙනත් දුන්නොත්! කියා කීවේය.

18. එවිට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙමේ දොරටුව සමීපයෙහිවූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් දාවිත් ඒවා බොන්ට නොකැමැතිව, ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට කියනුයේ:

19. මේ දේ කිරීමෙන් මාගේ දෙවියන්වහන්සේ මා වලක්වනසේක්වා. තමුන්ගේ ජීවිතයට වියහැකි අන්තරාය නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔව්හු තමුන්ගේ ජීවිත අන්තරායෙහි තබා මේවා ගෙනාවෝයයි කීය. එහෙයින් ඔහු ඒවා බොන්ට නොකැමැතිවිය. ඒ බලවන්තයන් තුන්දෙනා මේ දේ කළෝය.

20. යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගෙන් ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා, තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.

21. දෙවෙනි තුන්දෙනාගෙන් ඔහු අනික් දෙදෙනාට වඩා ගරුකටයුතු වූයෙන්, ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනා තරමට නොපැමිණියේය.

22. බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.

23. ඔහු පස් රියනක් උස ඇති ලොකු මනුෂ්‍යයෙක්වූ මිසරයෙකුත් මැරීය; මිසරයාගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේය; ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේම හෙල්ලයෙන් ඔහු මරාදැමුවේය.

24. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.

25. ඔහු ඒ තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක් වීය, ඒ නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ගණනට පැමුණුණේ නැත. දාවිත් තමාගේ මුරමුදාව කෙරෙහි ඔහු පත්කෙළේය.

26. සේනාවල බලවන්තයෝ නම්: යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, බෙත්-ලෙහෙමේ දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;

27. හරෝරිය ෂම්මොත්ය, පෙලෝනිය හෙලෙශ්ය;

28. තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය, අනතෝතිය අබියෙසෙර්ය;

29. හුෂාතිය සිබ්බෙකයිය, අහොහීය ඉලයිය;

30. නෙටොපාතිය මහරයිය, නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හේලෙද්ය;

31. බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඊතයිය, පිරාතොනිය බෙනායාය;

32. ගයෂ් ඔයවල හුරයිය, අර්බාතිය අබියෙල්ය;

33. බහරූමිය අස්මාවෙත්ය, ෂයල්බොනිය එලියාබාය;

34. ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝය, හරාරිය ෂාගේගේ පුත්‍රවූ යොනාතාන්ය;

35. හරාරිය සාකාර්ගේ පුත්‍රවූ අහියාම්ය, ඌර්ගේ පුත්‍රවූ එලිපාල්ය;

36. මෙකේරාතිය හේපෙර්ය, පෙලෝනිය අහියාය;

37. කර්මෙලිය හෙශ්රොය, එශ්බයිගේ පුත්‍රවූ නයරයිය;

38. නාතාන්ගේ සහෝදරවූ යෝවෙල්ය, හග්රීගේ පුත්‍රවූ මිබ්හාර්ය;

39. අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බේරොතිය නහරයිය;

40. ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය;

41. හිත්තිය උරියාය, ආලයිගේ පුත්‍රවූ සාබාද්ය;

42. රූබෙන්වරුන්ගේ ප්‍රධානියාව සිටි රුබෙනිය ෂීශාගේ පුත්‍රවූ අදීනාය, ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝය;

43. මයකාගේ පුත්‍රවූ හානාන්ය, මිත්නිය යොෂාපාට්ය;

44. අෂ්තෙරාතිය උස්සියාය, අරොයෙරිය හෝතාම්ගේ පුත්‍රවූ ෂාමා සහ යෙයීයෙල්ය;

45. ෂිම්රිගේ පුත්‍රවූ යෙදීයයෙල් සහ ඔහුගේ සහෝදරවූ තිශිය යෝහාය.

46. මහවිය එලීයෙල්ය, එල්නයම්ගේ පුත්‍රයෝවූ යෙරිබයි සහ යෝෂාවියාය, මෝවබිය ඉත්මාය;

47. එලීයෙල්ය, ඕබෙද්ය, මෙසොබායවූ යයසීයෙල්ය.

About 1 ලේකම් Chapter 11

Read 1 ලේකම් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 ලේකම්
Chapter: 11
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 ලේකම් Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 ලේකම් Chapter 11?

1 ලේකම් Chapter 11 is part of the Book of 1 ලේකම් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 ලේකම් Chapter 11 online for free with easy chapter navigation.

More Chapters from 1-ලේකම්

  1. 1 ලේකම් Chapter 25
  2. 1 ලේකම් Chapter 22
  3. 1 ලේකම් Chapter 5
  4. 1 ලේකම් Chapter 16
  5. 1 ලේකම් Chapter 15
  6. 1 ලේකම් Chapter 2
  7. 1 ලේකම් Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 3
  2. යෙරෙමියා Chapter 5
  3. යෙරෙමියා Chapter 27
  4. උත්පත්ති Chapter 1
  5. ගීතාවලිය Chapter 93
  6. හිතෝපදේශ Chapter 5
  7. ගීතාවලිය Chapter 139

Related Chapters & Readings

  1. 1 කොරින්ති Chapter 9
  2. හොෂෙයා Chapter 6
  3. ගීතාවලිය Chapter 19
  4. හග්ගයි Chapter 2
  5. ගීතාවලිය Chapter 20
  6. යෝෂුවා Chapter 3
  7. ලෙවී කථාව Chapter 26
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *