Read නික්මයාම Chapter 26 Online
Read නික්මයාම Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 26
පරිච්ඡේදය 26
1. තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.
2. එක එක තිරයේ දිග විසි අට රියනක්ද එක එක තිරයේ පළල සතර රියනක්ද විය යුතුය. සියලුම තිර එක ප්‍රමාණ විය යුතුය.
3. තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය.
4. සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සාදන්න; සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සාදන්න.
5. එක තිරයක පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරිපිට සාදන්න.
6. රන් කොකු පනසකුත් සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සන්ධිකරන්න.
7. මණ්ඩපය මතුපිටින් කූඩාරමක් කොට එළු ලොමින් තිර සාදන්න. ඒ ආකාර තිර එකොළොසකුත් සාදන්න.
8. එක එක තිරයේ දිග රියන් තිහක්ය, එක එක තිරයේ පළල රියන් සතරක්ය. තිර එකොළොසම එක මිම්මට තිබිය යුතුය.
9. තිර පහක් වෙනමද තිර හයක් වෙනමද සන්ධිකර හවෙනි තිරය කූඩාරමේ ඉස්සරහ පැත්තෙහි දෙකට නමා තබන්න.
10. සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සාදන්න.
11. පිත්තල කොකු පනසක් සාදා කොකු පුඩුවල දමා එක කූඩාරමක් වන පිණිස සන්ධිකරන්න.
12. කූඩාරමේ තිරවලින් වැඩිපුරව තිබෙන කෑල්ල වන ඉතිරි තිර භාගය මණ්ඩපය පිටිපස එල්ලී තිබේවා.
13. කූඩාරමේ තිරවල දිගින් ඉතිරිවන සෙස්සෙන් එක පැත්තකින් රියනක්ද අනික් පැත්තෙන් රියනක්ද මණ්ඩපය වසන පිණිස ඒකේ පැතිවල මතුපිටින් ඒ පැත්තෙන්ද මේ පැත්තෙන්ද එල්ලී තිබේවා.
14. රතු සායම් පෙවූ බැටළු සම්වලින් කූඩාරමට වැස්මක්ද තාහෂ් සම්වලින් උඩ වැස්මක්ද සාදන්න.
15. මණ්ඩපයේ ලෑලි ෂිටිම් ලීවලින් සාදා කෙළින් සිටුවන්න.
16. ලෑල්ලක දිග දස රියනක්ද එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ද විය යුතුය.
17. එකිනෙකට සම්බන්ධවූ එක එක ලෑල්ලට කුඩුම්බි දෙකක් තිබිය යුතුය. මණ්ඩපයේ සියලු ලෑලිවලට එසේ සාදන්න.
18. මණ්ඩපයේ දකුණු දිසාවෙහි දකුණු පැත්තට ලෑලි විස්සක් සාදන්න.
19. එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.
20. උතුරු දෙසට තිබෙන මණ්ඩපයේ දෙවෙනි පැත්තටත් ලෑලි විස්සක්ද
21. එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සාදන්න.
22. අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සාදන්න.
23. මණ්ඩපයේ පසු පැත්තෙහි කොන්වලට ලෑලි දෙකක් සාදන්න.
24. යටින් ඒවා දෙගුණ කළ යුතුය, එලෙස ඒවා මුදුනේ පළමුවෙනි වළල්ල දක්වා ඒකාබද්ධ විය යුතුය. දෙකම එසේ විය යුතුය; ඒවා දෙකොනට වන්නේය.
25. ලෑලි අටක්ද එක ලෑල්ලක් යට අඩි දෙකක් සහ තවත් ලෑල්ලක් යට අඩි දෙකක්ද බැගින් රිදීයෙන් අඩි සොළොසක් වන්නේය.
26. ෂිටිම් ලීවලින් මණ්ඩපයේ එක් පැත්තක ලෑලිවලට පොලු පහක්ද
27. මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසුපැත්තේ ලෑලිවලට පොලු පහක්ද සාදන්න.
28. ලෑලි මධ්‍යයෙහි තිබෙන මැද පොල්ල එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබිය යුතුය.
29. ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න.
30. කන්දේදී ඔබට පෙන්වූ ප්‍රකාරය ලෙස මණ්ඩපය පිහිටුවන්න.
31. නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරයක් සාදන්න. ඒක දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප සහිතව සෑදිය යුතුය.
32. ඒක රනින් වැසුවාවූ රන් කොකු ඇත්තාවූ රිදී අඩි සතරක් පිට පිහිටුවා තිබෙන්නාවූ ෂිටිම් ලී කුළුනු සතරක් පිට එල්ලන්න.
33. තිරයෙන් ශුද්ධ ස්ථානය අති ශුද්ධ ස්ථානයෙන් ඔබ සැමට වෙන්ව තිබෙන හැටියට තිරය කොකුවල යටින් එල්ලා එහි තිරයට ඇතුළතින් සාක්ෂි පෙට්ටිය තබන්න.
34. අති ශුද්ධ ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය පිට කරුණාසනය තබන්න.
35. තිරයට පිටතින් මේසයද මේසය ඉදිරිපිටින් මණ්ඩපයේ දකුණු දිග පැත්තේ පහන් රුකද තබන්න. මේසයද උතුරු පැත්තේ තබන්න.
36. කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.
37. කඩතුරාවට ෂිටිම් ලීවලින් කණු පහක් සාදා ඒවා රනින් වසන්න; ඒවායේ කොකුද රනින් විය යුතුය. ඒවාට පිත්තල අඩි පහක්ද වාත්තුකරන්න.
About නික්මයාම Chapter 26
Read නික්මයාම Chapter 26 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 26
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 26 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 26?
නික්මයාම Chapter 26 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 26 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
- නික්මයාම Chapter 10
Explore More from පැරණි ගිවිසුම
- යෝෂුවා Chapter 9
- ගීතාවලිය Chapter 47
- එසකියෙල් Chapter 39
- ලෙවී කථාව Chapter 24
- ද්වීතීය කථාව Chapter 8
- ශෙපනියා Chapter 2
- ගීතාවලිය Chapter 34