නික්මයාම Chapter 3

For English

Read නික්මයාම Chapter 3 Online

Read නික්මයාම Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

නික්මයාම 3

පරිච්ඡේදය 3

1. මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.

2. ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය.

3. එවිට මෝසෙස්: මම දැන් අහකට හැරී පඳුර දාලානොගියේ මක්නිසාද යන මේ මහත් දර්ශනය බලන්නෙමියි කීය.

4. ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.

5. උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. ඔබේ පාදවලින් ඔබේ වහන් ගළවව, මක්නිසාද ඔබ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.

6. උන්වහන්සේ තව දුරටත්: මම ඔබේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.

7. තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි;

8. එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.

9. දැන් බලව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මොරගැසීම මා වෙතට පැමිණ තිබේ. මිසරවරුන් ඔවුන්ට කරන පීඩාවත් දුටිමි.

10. ඉතින් එන්න, ඔබ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට ඔබ යවන්නෙමියි කීසේක.

11. එවිට මෝසෙස්: ඵාරාවෝ වෙතට යන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනඑන්ටත් මම කවුදැයි දෙවියන්වහන්සේට කීය.

12. උන්වහන්සේද: මම සැබවින් ඔබ සමඟ සිටින්නෙමි; මා විසින් ඔබ යැවූ බවට මේක ඔබට ලකුණක් වන්නේය; එනම් ඔබ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි ඔබ සැම මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.

13. මෝසෙස් කථාකොට: බැලුවමැනව, මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ-ඔබ සැමගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි ඔවුන්ට කී කල්හි: උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්දැයි දෙවියන්වහන්සේට කීවේය.

14. එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක.

15. තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.

16. ඔබ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම ඔබ සැම බලා වදාරා මිසරයෙහිදී ඔබ සැමට කෙරෙන දේ දුටිමි.

17. මම ඔබ සැම මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.

18. ඔවුන් ඔබේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. ඔබද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක. එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න.

19. නුමුත් බලවත් අතකින් වූවත් මිසරයේ රජු ඔබ සැමට යන්ට අවසර නොදෙන බව දනිමි.

20. මමද මාගේ අත දිඟුකොට මිසරය මධ්‍යයෙහි කරන්නාවූ මාගේ සියලු හාස්කම්වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු ඔබ සැම යන්ට හරින්නේය.

21. මම මිසරවරුන්ගේ ඇස් හමුවෙහි මේ සෙනඟට කරුණාව ලැබෙන්ට සලස්වන්නෙමි. තවද ඔබ සැම යන කල්හි හිස් අතින් නොයන්නහුය.

22. එහෙත් එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද තම තමාගේ ගෙයි නැවතී සිටින්නියගෙන්ද රිදී බඩුත් රන් බඩුත් වස්ත්‍රත් ඉල්වාගන්නීය. ඔබ සැම ඒවා ඔබ සැමගේ පුත්‍රයන්ටද දූවරුන්ටද පළඳවන්නහුය;

About නික්මයාම Chapter 3

Read නික්මයාම Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 3
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 3?

නික්මයාම Chapter 3 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 3 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 20
  7. නික්මයාම Chapter 6

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 39
  2. 2 ලේකම් Chapter 11
  3. ශෙපනියා Chapter 1
  4. ගීතාවලිය Chapter 105
  5. මලාකි Chapter 4
  6. ද්වීතීය කථාව Chapter 9
  7. යෝබ් Chapter 1

Related Chapters & Readings

  1. ගලාති Chapter 5
  2. උත්පත්ති Chapter 9
  3. යෙරෙමියා Chapter 42
  4. 1 තෙසලෝනික Chapter 2
  5. 1 සාමුවෙල් Chapter 25
  6. 2 ලේකම් Chapter 14
  7. ශු. යොහන් Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *