නික්මයාම Chapter 14

For English

Read නික්මයාම Chapter 14 Online

Read නික්මයාම Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 14

පරිච්ඡේදය 14

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:

2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට-හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න.

3. ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත.

4. මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය.

5. සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.

6. ඔහු තමාගේ රථය සූදානම්කරගෙන තමාගේ සෙනඟ තමා සමඟ රැගෙන,

7. තෝරාගත් රථ හසියයක්ද මිසරයේ සියලු රථද ගත්තේය, ඒවා සියල්ල කෙරෙහි සේනා නායකයන්ද පත්කෙළේය.

8. ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.

9. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.

10. ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.

11. ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට ඔබ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද?

12. මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය.

13. මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද ඔබ සැමට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද ඔබ සැම අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.

14. ස්වාමීන්වහන්සේ ඔබ සැම උදෙසා සටන්කරනසේක, ඔබ සැම නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.

15. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්ට කියන්න.

16. ඔබේ සැරයටිය ඔසවා ඔබේ අත මුහුද කෙරෙහි දිඟුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.

17. බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි.

18. මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.

19. ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය.

20. ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්‍රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයදවිය, එහෙත් එය රාත්‍රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය.

21. මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය; ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.

22. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.

23. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.

24. තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක.

25. උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.

26. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස ඔබේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක.

27. මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක.

28. ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.

29. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.

30. මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසෙහි මිසරවරුන් අතින් ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක; මිසරවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනවා ඉශ්‍රායෙල්වරු දුටුවෝය.

31. මෙසේ ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්‍රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනඟ ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද විශ්වාසකළෝය.

About නික්මයාම Chapter 14

Read නික්මයාම Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 14?

නික්මයාම Chapter 14 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 18
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 26
  2. විනිශ්චයකාරයන් Chapter 16
  3. විලාප ගී Chapter 5
  4. යෙරෙමියා Chapter 27
  5. ගීතාවලිය Chapter 102
  6. ලෙවී කථාව Chapter 2
  7. යෙසායා Chapter 52

Related Chapters & Readings

  1. ශු. යොහන් Chapter 17
  2. යෙරෙමියා Chapter 42
  3. තීතස් Chapter 2
  4. ශු. ලූක් Chapter 16
  5. යෙරෙමියා Chapter 52
  6. 2 ලේකම් Chapter 17
  7. පිලිප්පි Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *