නික්මයාම Chapter 4

For English

Read නික්මයාම Chapter 4 Online

Read නික්මයාම Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

නික්මයාම 4

පරිච්ඡේදය 4

1. මෙසේ ඔබ සැම මිසරවරුන්ගේ වස්තුව ගන්නහුයයි කීසේක. එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ ඔබට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය.

2. එවිට ස්වාමීන්වහන්සේ: ඔබේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය.

3. උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය.

4. ස්වාමීන්වහන්සේ: ඔබේ අත දිඟුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.)

5. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක.

6. තවද ස්වාමීන්වහන්සේ: ඔබේ අත ඔබේ ළයෙහි තබන්නැයි ඔහුට කීසේක. ඔහු අත තමාගේ ළයෙහි තැබීය. ඔහු ඒක අහකට ගත්විට, බලව, ඔහුගේ අත හිම මෙන් කුෂ්ඨයෙන් සුදුවී තිබුණේය.

7. උන්වහන්සේ: ඔබේ අත නැවත ළයෙහි තබන්නැයි කීසේක. (ඔහු තමාගේ අත නැවත ළයෙහි තැබීය; ඔහු ඒක තමාගේ ළයෙන් පිටතට ගත් විට, බලව, එය ඔහුගේ අනික් මාංසය මෙන් හරිගැහී තිබුණේය.)

8. ඔව්හු ඔබ විශ්වාස නොකරන්නෝ නම්, පළමුවෙනි ලකුණේ හඬට කන්නොදෙන්නෝ නම්, ඔවුන් අනික් ලකුණේ හඬ විශ්වාස කරනවා ඇත.

9. තවද ඔව්හු මේ ලකුණු දෙකම විශ්වාසනොකර ඔබේ හඬට කන්නොදෙන්නෝ නම්, ගංගාවෙන් වතුර රැගෙන වියළි බිමට වත්කරන්න. එවිට ඔබ ගංගාවෙන් ගත් වතුර භූමිය මතුයෙහි ලේ වන්නේයයි කීසේක.

10. මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.

11. එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?

12. එබැවින් දැන් යව, මම ඔබේ මුඛය සමඟ සිට ඔබ විසින් කිය යුතු දේ ඔබට උගන්වන්නෙමියි ඔහුට කීසේක.

13. ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය.

14. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස මෝසෙස්ට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ: ඔබේ සහෝදරවූ ලෙවීයයාවූ ආරොන් ඉන්නවා නොවේද? ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි. බලව, ඔහු ඔබ සම්බවන්ට එන්නේය. ඔහු ඔබ දුටුවාම තමන් සිතින් සන්තෝෂවන්නේය.

15. ඔබ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම ඔබේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට ඔබ සැම විසින් කටයුතු දේ ඔබ සැමට උගන්වන්නෙමි.

16. ඔහු ඔබ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු ඔබට මුඛයක් වන්නේය, ඔබ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය.

17. ඔබ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය ඔබේ අතින් ගනුවයි කීසේක.

18. මෝසෙස් තමාගේ මාමා වූ යෙත්‍රෝ වෙතට හැරීගොස්: මිසරයෙහි සිටින මාගේ සහෝදරයෝ තවම ජීවත්ව සිටින්නෝදැයි බලන පිණිස ඔවුන් වෙතට හැරීයන්ට මට අවසර දුනමැනවියි කීයේය. සමාදානයෙන් යන්නැයි යෙත්‍රෝ මෝසෙස්ට කීවේය.

19. ස්වාමීන්වහන්සේ: ඔබේ ප්‍රාණය නසන්ට සෙවූ සියල්ලෝ මළෝය. එබැවින් මිසරයට නැවත යවයි මිදියන්හිදී මෝසෙස්ට කීසේක.

20. එවිට මෝසෙස් තමාගේ භාර්යාවද පුත්‍රයන්ද රැගෙන කොටළුවෙකු පිට හිඳුවා මිසර දේශයට හැරී ගියේය. දෙවියන්වහන්සේගේ සැරයටියද අතින් රැගෙන ගියේය.

21. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් ඔබේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.

22. ඔබ ඵාරාවෝට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඉශ්‍රායෙල් මාගේ පුත්‍රයාය, මාගේ කුලුඳුලාය.

23. මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි ඔබට කීමි; ඔබ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම ඔබේ පුත්‍රයා එනම් ඔබේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.

24. මාර්ගයෙහි නවාතැනේදී ස්වාමීන්වහන්සේ ඔහුට සම්බව ඔහු මරන්ට සෑදූසේක.

25. එවිට ශිප්පොරා ගල්පිහියක් රැගෙන ඇගේ පුත්‍රයාගේ චර්මාග්‍රය කපා එයින් ඔහුගේ පාද ස්පර්ශකොට: සැබවින් ඔබ මට ලෙයේ මනමාළයෙකැයි කීවාය.

26. මෙසේ උන්වහන්සේ ඔහු කෙරෙන් අහක්ව ගියසේක. චර්මඡේද්‍යය නිසා ඔබ ලෙයේ මනමාළයෙක්යයි ඕතොම කීවාය.

27. මෝසෙස් සම්බවන පිණිස වනාන්තරයට යවයි ස්වාමීන්වහන්සේ ආරොන්ට කීසේක. ඔහු ගොස් දෙවියන්වහන්සේගේ කන්දේදී ඔහු සම්බව සිඹගත්තේය.

28. ස්වාමීන්වහන්සේ තමා අත කියා ඇරිය සියලු වචනද උන්වහන්සේ තමාට අණකළාවූ සියලු ලකුණුද මෝසෙස් ආරොන්ට දැන්නුවේය.

29. මෝසෙස්ද ආරොන්ද ගොස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කළෝය.

30. ආරොන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකළ සියලු වචන කියා සෙනඟ ඉදිරියෙහි ඒ ලකුණු දැක්විය.

31. සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලු බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.

About නික්මයාම Chapter 4

Read නික්මයාම Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 4?

නික්මයාම Chapter 4 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 20
  7. නික්මයාම Chapter 6

Explore More from පැරණි ගිවිසුම

  1. විනිශ්චයකාරයන් Chapter 3
  2. යෙසායා Chapter 60
  3. එසකියෙල් Chapter 39
  4. යෙසායා Chapter 52
  5. යෙසායා Chapter 47
  6. ලෙවී කථාව Chapter 26
  7. යෝබ් Chapter 8

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 30
  2. ද්වීතීය කථාව Chapter 18
  3. ගීතාවලිය Chapter 104
  4. උත්පත්ති Chapter 14
  5. යෙරෙමියා Chapter 1
  6. හෙබ්රෙනව් Chapter 3
  7. 1 කොරින්ති Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *