Read නික්මයාම Chapter 2 Online
Read නික්මයාම Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 2
පරිච්ඡේදය 2
1. තවද ලෙවීගේ වංශයේ මනුෂ්‍යයෙක් ගොස් ලෙවීගේ දුවක් පාවාගත්තේය.
2. ඒ ස්ත්‍රී ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය.
3. තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය.
4. ඔහුගේ සහෝදරී ඔහුට කුමක් වන්නේදැයි දැනගන්නා පිණිස දුරින් බලා සිටියාය.
5. ඵාරාවෝගේ දුව ගඟේ නෑමට ආවාය; ඈ සමඟ වූ තරුණියෝ ගංඉවුරේ ඇවිද්දෝය; ඈ පන්ගස් අතරේ පෙට්ටිය තිබෙනවා දැක ඒක ගෙනෙන්ට ඇගේ දාසිය ඇරියාය.
6. ඒක ඇරිය කල ඕ තොමෝ දරුවා දුටුවාය. බලව, බිලිඳා ඇඬුවේය. ඈ ඔහු කෙරෙහි අනුකම්පාකොට: මොහු හෙබ්‍රෙව්වන්ගේ දරුවෙකැයි කීවාය.
7. එවිට ඔහුගේ සහෝදරී ඵාරාවෝගේ දුවට කථාකරමින්: ඔබ උදෙසා දරුවාට කිරිදෙන පිණිස මා ගොස් හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් කිරිමවක් කැඳවාගන එන්ටදැයි ඇසුවාය.
8. ඵාරාවෝගේ දුවද: යන්නැයි ඈට කීවාය. එවිට තරුණී ගොස් දරුවාගේ මවු කැඳවාගෙන ආවාය.
9. ඵාරාවෝගේ දුව: මේ දරුවා ගෙනගොස් මා උදෙසා කිරි දෙන්න, මම ඔබට කුලී දෙන්නෙමියි කීවාය. ඒ ස්ත්‍රී දරුවා ගෙන ගොස් කිරි දී හැදුවාය.
10. දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය, ඔහු ඇගේ පුත්‍රයා වුණේය. ඈ වනාහි: මා ඔහු වතුරෙන් ඇදගත් නිසාය කියා ඔහුට මෝසෙස්2:10 එනම්, ඇදගැනීම. යයි නම් තැබුවාය.
11. මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.
12. ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය.
13. ඔහු පසුවදා පිටතට ගිය කල, බලව, හෙබ්‍රෙව් මිනිසුන් දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. ඔබ කුමක් හෙයින් ඔබේ අසල්වාසියාට පහරදෙන්නෙහිදැයි ඔහු වැරැද්ද කළ අයට කීය.
14. එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට ඔබ පත්කළේ කවුද? ඔබ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය.
15. ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය.
16. ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.
17. එඬේරු අවුත් ඔවුන් එළෙවුවෝය. එහෙත් මෝසෙස් නැගිට ඔවුන්ට උපකාර කොට ඔවුන්ගේ සිව්පාවුන්ට වතුර පෙවුවේය.
18. ඔවුන් තමන් පියවූ රූවෙල් වෙතට ආ කල: ඔබ සැම අද මෙපමණ වේලාසනින් ආවේ කොහොමදැයි ඔහු ඇසුවේය.
19. ඔව්හුද: මිසරයේ මනුෂ්‍යයෙක් එඬේරුන්ගේ අතින් අප ගැළෙවුවේය. ඒ ඇර අපට වතුරත් ඇද දී සිව්පාවුන්ට පෙවුවේයයි කීවෝය.
20. ඒ මනුෂ්‍යයා කොහේද? ඔහු ඇරලා ආවේ මක්නිසාද? කෑම කන පිණිස ඔහුට අඬගසන්නැයි ඔහු තමාගේ දූවරුන්ට කීවේය.
21. මෝසෙස් ඒ මනුෂ්‍යයා සමඟ විසීමට සතුටුවිය. ඔහු තමාගේ දූවූ ශිප්පොරා මෝසෙස්ට පාවාදුන්නේය.
22. ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම්2:22 එනම්, විදේශියෙක්. යන නම තැබීය.
23. ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.
24. දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක.
25. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකූසේක.
About නික්මයාම Chapter 2
Read නික්මයාම Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 2
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 2?
නික්මයාම Chapter 2 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 33
- නික්මයාම Chapter 34
- එසකියෙල් Chapter 14
- ගීතාවලිය Chapter 74
- ගීතාවලිය Chapter 129
- මීකා Chapter 2
- 2 සාමුවෙල් Chapter 6