නික්මයාම Chapter 20

For English

Read නික්මයාම Chapter 20 Online

Read නික්මයාම Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 20

පරිච්ඡේදය 20

1. ‘දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්:

2. මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

3. මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.

4. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.

5. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති 20:5 හෙවත්, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ. නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රථිඵල දෙන්නාවූ,

6. මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.

7. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ 20:7 හෙවත්, බොරුවට. ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.

8. සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.

9. සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩ කර්මාන්ත කරගනුව.

10. එහෙත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබවත් ඔබේ පුත්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ සිව්පාවෝවත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.

11. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.

12. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝ වන පිණිස ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරවකරව.

13. මිනීනොමරව.

14. කාමමිථ්‍යාචාරය නොකරව.

15. සොරකම් නොකරව.

16. ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.

17. ඔබේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, ඔබේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.

18. මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,

19. මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය.

20. මෝසෙස්ද: භය නොවන්න. ඔබ සැම සෝදිසිකරන පිණිසද ඔබ සැම උන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිට පව්නොකරන පිණිසද දෙවියන්වහන්සේ ආසේකැයි සෙනඟට කීය.

21. සෙනඟ එසේ දුරින් සිටියෝය, මෝසෙස්ද දෙවියන්වහන්සේ සිටි ඝනාන්ධකාරය ළඟට පැමුණුණේය.

22. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න: අහසේ සිට මා ඔබ සැම සමඟ කථාකළ බව ඔබ සැමම දුටුවහුය.

23. මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදානොගනිව්.

24. පස්වලින් පූජාසනයක් මට සාදා ඔබේ දවන පූජාද ඔබේ ශාන්ති පූජාද ඔබේ බැටළුවන්ද ඔබේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී ඔබ වෙතට අවුත් ඔබට ආශීර්වාදකරන්නෙමි.

25. ගල්වලින් මට පූජාසනයක් සාදන්නෙහි නම් කැපූ ගල්වලින් ඒක ගොඩනොනගව. මක්නිසාද ඔබේ ආවුදය ඒ පිට එසෙවුවෙහිනම් ඒක අපවිත්‍ර කෙළෙහිය.

26. ඔබේ නග්නභාවය නොපෙනෙන පිණිස මාගේ පූජාසනයට පඩිවලින් නොනැගෙවයි කීසේක.

About නික්මයාම Chapter 20

Read නික්මයාම Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 20
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 20?

නික්මයාම Chapter 20 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 20 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 18
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 148
  2. ගීතාවලිය Chapter 55
  3. එසකියෙල් Chapter 18
  4. ගීතාවලිය Chapter 20
  5. විනිශ්චයකාරයන් Chapter 16
  6. යෙරෙමියා Chapter 4
  7. 1 සාමුවෙල් Chapter 31

Related Chapters & Readings

  1. 2 කොරින්ති Chapter 2
  2. නික්මයාම Chapter 30
  3. විනිශ්චයකාරයන් Chapter 12
  4. යෝබ් Chapter 13
  5. යෝවෙල් Chapter 3
  6. දේශනාකාරයා Chapter 5
  7. ලෙවී කථාව Chapter 13
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *