නික්මයාම Chapter 12

For English

Read නික්මයාම Chapter 12 Online

Read නික්මයාම Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 12

පරිච්ඡේදය 12

1. ස්වාමීන්වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරොන්ට කථාකොට:

2. මේ මාසය ඔබ සැමට මාසවල පටන්ගැන්ම වන්නේය. ඒක ඔබ සැමට අවුරුද්දේ පළමුවෙනි මාසය වන්නේය.

3. ඔබ සැම ඉශ්‍රායෙල්ගේ මුළු සමුදාවට කථාකොට: මේ මාසේ දසවෙනි දිනදී ඔවුන්ගේ පියවරුන්ගේ පවුල් වශයෙන් පවුලකට බැටළු පැටවෙකු බැගින් එක එක අය බැටළු පැටවෙකු ගන්නේය.

4. ඉදින් බැටළු පැටවෙකු කන්ට ගෙයි වැසියෝ මදිනම් ඔහුද ඔහුගේ ගේ ළඟ සිටින ඔහුගේ අසල්වාසියාද මිනිසුන්ගේ ගණන හැටියට එකෙකු ගන්නෝය; එක එක මනුෂ්‍යයා කන ප්‍රමාණයේ හැටියට බැටළු පැටවා සම්බන්ධව ගණන්කර ගනිත්වා.

5. ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන,

6. එම මාසේ දස සතර වෙනි දවස දක්වා තබාගන්න. එවිට ඉශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා,

7. ලෙයින් රැගෙන ඌ කන්නට යෙදෙන ගෙවල්වල උළුවහු කණු දෙකේද උඩ පඩිකඳේද ගාන්නෝය.

8. ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.

9. එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාවත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ඨාස සමඟ ගින්නෙන් පුළුස්සා කන්න.

10. උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න.

11. ඔබ සැම ඒවා කෑ යුතු මෙසේය: ඔබ සැමගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය. 12:11 හෙවත්, පසුකර යාමේ මංගල්‍යය.

12. මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.

13. ඒ ලේ ඔබ සැම සිටින ගෙවල්වල ඔබ සැම උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක ඔබ සැම පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල ඔබ සැම විනාශකිරීමට පීඩාවක් ඔබ සැම පිට නොවන්නේය.

14. මේ දවස ඔබ සැමට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, ඔබ සැම එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය ඔබ සැමගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වාපල්ලා.

15. සත් දවසක් ඔබ සැම මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම ඔබ සැමගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.

16. පළමුවෙනි දවසේ ඔබ සැමට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.

17. එසේ ඔබ සැම මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්නහුය; මක්නිසාද ඒ දවසේදීම මම ඔබ සැමගේ සේනාවන් මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි. එබැවින් ඔබ සැම මේ දවස ඔබ සැමගේ සියලු පරම්පරාවල නියෝගයකින් සෑම කල්හිම පවත්වන්නහුය.

18. පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය.

19. සත් දවසක් ඔබ සැමගේ ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා, දේශයෙහි උපන් කෙනෙක් වේවා, මුහුන් මුසු දේ කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් සභාවෙන් සිඳිනු ලබන්නේය.

20. මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය; ඔබ සැමගේ සියලු වාසස්ථානවල මුහුන් නුමුසු රොටි කෑ යුතුයයි කියවයි කීසේක.

21. එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: ඔබ සැමගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න.

22. හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; ඔබ සැම අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය.

23. මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, ඔබ සැමට පහරදෙන පිණිස ඔබ සැමගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක.

24. මේ දෙය ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න.

25. තවද ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඔබ සැමට දෙන්නාවූ දේශයට ඔබ සැම පැමිණි කල්හි මේ මෙහෙය පවත්වන්න.

26. තවද මේ මෙහෙයේ අදහස කිමෙක්දැයි ඔබ සැමගේ දරුවන් ඔබ සැමගෙන් අසන කල:

27. ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගළවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.

28. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.

29. තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක.

30. ඵාරාවෝද ඔහුගේ සියලු මෙහෙකරුවෝද සියලු මිසරවරුද රාත්‍රියේ නැගුටුණෝය; මිසරයෙහි මහත් වැලපීමක් විය; මක්නිසාද මළ කෙනෙක් නැති ගෙයක් නොවීය.

31. ඔහු රාත්‍රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් ඔබ සැමත් ඉශ්‍රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් ඔබ සැම කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න.

32. ඔබ සැම කී ලෙස ඔබ සැමගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය.

33. මිසරවරු: අපි සියල්ලෝම මළ තැනැත්තෝ වමුව කියා සෙනඟ දේශයෙන් ඉක්මනින් යවන පිණිස ඔවුන්ට බලකළෝය.

34. එබැවින් සෙනඟ තමන්ගේ අනාපු පිටි පිපෙන්ට පළමුවෙන් ඒවා අනන ඔරු තමන්ගේ ඇඳුම්වලින් ඔතා කරේ තබාගත්තෝය.

35. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය.

36. ස්වාමීන්වහන්සේ මිසරවරුන්ගෙන් සෙනඟට කරුණාව ලබාදුන් බැවින් ඔව්හු ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය. මෙසේ ඔව්හු මිසරවරුන්ගේ වස්තුව ගත්තෝය.

37. ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.

38. ඔවුන් සමඟ මිශ්‍ර සමූහයක්ද එළු බැටළු රැළවල් හා ගව රැළවල් යන සිව්පාවුන් රාශියක්ද ගියෝය.

39. ඔවුන් මිසරයෙන් පන්නාදමනු ලැබ ප්‍රමාදවෙන්ට නොහැකිව සිටි නිසාත් තමන්ට කිසි ආහාරයක් පිළියෙළකරගන නොතිබුණු නිසාත් ඔව්හු මිසරයෙන් ගෙනාවාවූ නොපිපුණු අනාපු පිටිවලින් මුහුන් නුමුසු රොටි පිළිස්සුවෝය.

40. මිසරයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසූ කාලය හාරසිය තිස් අවුරුද්දක්ය.

41. තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.

42. ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් එය ස්වාමීන්වහන්සේ උදෙසා ඉතා සැලකිය යුතු රාත්‍රියක්ය. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පරම්පරාවල ඉතා සැලකිය යුතු වූ ස්වාමීන්වහන්සේගේ රාත්‍රිය මේය.

43. ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.

44. එහෙත් ඒ ඒ මනුෂ්‍යයා විසින් මිලේට ගත් මෙහෙකරුවා ඔබ විසින් චර්මඡේද්‍යය කරනු ලැබූ පසු එයින් කන්නට ඔහුට පුළුවන.

45. විදේශියෙක්ද කුලී වැඩ කරන කෙනෙක්ද එයින් නොකෑ යුතුය.

46. එක ගෙදරකදීම එය කෑ යුතුය; ඔබ එහි මාංසයෙන් කිසිවක් ගෙයින් පිටත නොගෙනා යුතුය; ඔබ සැම එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය.

47. මුළු ඉශ්‍රායෙල් සභාව ඒක පවත්වනවා ඇත.

48. විදේශියෙක් ඔබ සමඟ සිට ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්ට කැමතිවීනම් ඔහුගේ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබත්වා, එවිට ඔහු ළංව ඒක පවත්වාවා; ඔහුද දේශයෙහි උපන් කෙනෙකු මෙන් වන්නේය. එහෙත් අචර්මඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය.

49. දේශයෙහි උපන් තැනැත්තාටත් ඔබ සැම අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක.

50. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය.

51. ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.

About නික්මයාම Chapter 12

Read නික්මයාම Chapter 12 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 12
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 12 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 12?

නික්මයාම Chapter 12 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 12 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 26
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 2
  5. නික්මයාම Chapter 18
  6. නික්මයාම Chapter 10
  7. නික්මයාම Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. මීකා Chapter 2
  2. යෙසායා Chapter 41
  3. 1 සාමුවෙල් Chapter 28
  4. ගීතාවලිය Chapter 38
  5. නික්මයාම Chapter 13
  6. 1 ලේකම් Chapter 2
  7. යෝබ් Chapter 42

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 21
  2. 2 ලේකම් Chapter 12
  3. යෙරෙමියා Chapter 50
  4. ගීතාවලිය Chapter 126
  5. සෙකරියා Chapter 10
  6. ගණන් කථාව Chapter 23
  7. උත්පත්ති Chapter 33
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *