නික්මයාම Chapter 13

For English

Read නික්මයාම Chapter 13 Online

Read නික්මයාම Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.

Choose a Chapter

නික්මයාම 13

පරිච්ඡේදය 13

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

2. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.

3. මෝසෙස් සෙනඟට කථාකොට: ඔබ සැම මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් ඔබ සැම ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.

4. ආබීබ්නම් මාසයේ මේ දවසේ ඔබ සැම නික්මයන්නහුය.

5. තවද ස්වාමීන්වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබුසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට ඔබ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.

6. සත් දවසක් මුහුන් නුමුසු රොටි කෑ යුතුය, සත්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය.

7. ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි ඔබ වෙත නොතිබිය යුතුය, ඔබේ සියලු සීමාවල ඔබ වෙත මුහුන් නොතිබිය යුතුය.

8. මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ ඔබේ පුත්‍රයාට දන්වන්න.

9. ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔබේ මුඛයෙහි තිබෙන පිණිස එය ඔබේ අතේ ඔබට ලකුණක් ලෙසද ඔබේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.

10. එබැවින් අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයෙහි මේ නියෝගය පවත්වන්න.

11. ස්වාමීන්වහන්සේ ඔබටත් ඔබේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට ඔබ ගෙනවුත් එය ඔබට දුන් කල්හි,

12. ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද ඔබ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේට වන්නෝය.

13. නුමුත් ඔබ කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතුය; ඌ මුදන්ට නොකැමැත්තෙහිනම් උගේ බෙල්ල කැඩිය යුතුය. එහෙත් ඔබේ පුත්‍රයන් අතරෙන් සියලු මනුෂ්‍ය කුලුඳුලන් මුදාගත යුතුය.

14. තවද මතු පැමිණෙන කාලයෙහි ඔබේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.

15. තවද ඵාරාවෝ අප නාරින ලෙස සිත දැඩිකරගන සිටි කල්හි ස්වාමීන්වහන්සේ මිසර දේශයේ සියලු කුලුඳුලන් එනම් මනුෂ්‍යයන්ගේද මෘගයන්ගේද සියලු කුලුඳුලන් මැරූසේක. එබැවින් ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියලු පිරිමින් මම ස්වාමීන්වහන්සේට පූජාකරමි; එහෙත් මාගේ පුත්‍රයන් අතරේ සියලු කුලුඳුලන් මුදාගනිමි.

16. ඒක ඔබේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.

17. තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක.

18. එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.

19. මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ ඔබ සැම දෙස බලනසේක; ඔබ සැම සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.

20. ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.

21. තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.

22. දාවල් වලා ටැඹද රාත්‍රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.

About නික්මයාම Chapter 13

Read නික්මයාම Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: නික්මයාම
Chapter: 13
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading නික්මයාම Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is නික්මයාම Chapter 13?

නික්මයාම Chapter 13 is part of the Book of නික්මයාම in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete නික්මයාම Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from නික්මයාම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 20
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 6

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 139
  2. එසකියෙල් Chapter 1
  3. හිතෝපදේශ Chapter 29
  4. 2 ලේකම් Chapter 21
  5. 2 ලේකම් Chapter 20
  6. උත්පත්ති Chapter 39
  7. හිතෝපදේශ Chapter 2

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 56
  2. ගීතාවලිය Chapter 124
  3. ක්රිරයා Chapter 28
  4. 1 යොහන් Chapter 3
  5. ගීතාවලිය Chapter 31
  6. ක්රිරයා Chapter 2
  7. ගීතාවලිය Chapter 38
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *