Read 1 සාමුවෙල් Chapter 8 Online
Read 1 සාමුවෙල් Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.
Choose a Chapter
1 සාමුවෙල් 8
පරිච්ඡේදය 8
1. සාමුවෙල් මහලුවූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකාරයන් කොට පත්කෙළේය.
2. ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය.
3. නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.
4. එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට:
5. ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය.
6. එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.
7. ස්වාමීන්වහන්සේද: සෙනඟ ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු ඔබ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.
8. මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු ඔබටත් කරති.
9. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.
10. එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය.
11. ඔහු කථාකොට: ඔබ සැම කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු ඔබ සැමගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය.
12. ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.
13. ඔහු ඔබ සැමගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය.
14. ඔහු ඔබ සැමගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය.
15. ඔබ සැමගේ ධාන්‍යවලින්ද මුද්‍රිකඵලයෙන්ද දසයෙන් කොටසක් ගෙන තමාගේ ඇමතියන්ටත් සේවකයන්ටත් දෙන්නේය.
16. ඔබ සැමගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද ඔබ සැමගේ ශෝභනවූ තරුණයන්ද ඔබ සැමගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය.
17. ඔහු ඔබ සැමගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. ඔබ සැම ඔහුගේ සේවකයෝ වන්නහුය.
18. ඒ දවසෙහි ඔබ සැම තෝරාගත් ඔබ සැමගේ රජු නිසා ඔබ සැම කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඔබ සැමට උත්තරදෙන්නේ නැතැයි කීවේය.
19. එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත;
20. අපත් සෑම ජාතීන්ට සමාන වන පිණිසද අපේ රජ විසින් අප විනිශ්චයකරන පිණිසද අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල් කරන පිණිසද අප කෙරෙහි රජෙක් සිටින්ටම ඕනෑයයි කීවෝය.
21. සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
22. ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී ඔවුන්ට රජෙකු පත්කරන්නැයි ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කීසේක. සාමුවෙල්ද: ඔබ සැම එකිනෙකා තමතමාගේ නුවරට යන්නැයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට කීවේය.
About 1 සාමුවෙල් Chapter 8
Read 1 සාමුවෙල් Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 සාමුවෙල්
Chapter: 8
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 සාමුවෙල් Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 සාමුවෙල් Chapter 8?
1 සාමුවෙල් Chapter 8 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 8 online for free with easy chapter navigation.
More Chapters from 1-සාමුවෙල්
- 1 සාමුවෙල් Chapter 11
- 1 සාමුවෙල් Chapter 24
- 1 සාමුවෙල් Chapter 20
- 1 සාමුවෙල් Chapter 7
- 1 සාමුවෙල් Chapter 30
- 1 සාමුවෙල් Chapter 22
- 1 සාමුවෙල් Chapter 21
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 52
- ගීතාවලිය Chapter 114
- උත්පත්ති Chapter 17
- 2 ලේකම් Chapter 33
- 1 රාජාවලිය Chapter 1
- ගීතාවලිය Chapter 140
- එස්රා Chapter 10