Read 1 රාජාවලිය Chapter 13 Online
Read 1 රාජාවලිය Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.
Choose a Chapter
1 රාජාවලිය 13
පරිච්ඡේදය 13
1. යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යුදා සිට බෙතෙල්ට ඇවිත්,
2. ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එම්බා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-යොසියා නම්වූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, ඔබ පිට සුවඳ දුම් ඔප්පුකරන උස් තැන්වල පූජකයන් ඔබ පිට පූජාකරන්නේය, මිනී ඇටද ඔබ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය.
3. ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය.
4. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිව්යයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියළුණේය.
5. තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ අණ පරිදි දුන් ලකුණේ හැටියට පූජාසනය පැළී අලු පූජාසනයෙන් විසර වැටුණේය.
6. රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.
7. රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, ඔබට ප්‍රසාද පඬුරක් දෙමියි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය.
8. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි, මේ ස්ථානයේදී මා විසින් කෑම කන්නේවත් වතුර බොන්නේවත් නැත.
9. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට මෙසේ අණකොට-ඔබ කෑම කන්ටවත් වතුර බොන්ටවත් ඔබ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය.
10. මෙසේ ඔහු බෙතෙල්ට ආ මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේය.
11. බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.
12. ඔවුන්ගේ පියා: ඔහු කොයි මගින් ගියේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. යුදාහි සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නාලද්දේය.
13. මට කොටළුවා සූදානම්කරදෙන්නැයි ඔහු තමාගේ පුත්‍රයන්ට කීය. ඔවුන් ඔහුට කොටළුවා සූදානම් කර දුන් විට ඔහු ඌ පිට නැගී,
14. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යුදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය.
15. එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය.
16. ඔහුද: ඔබ සමඟ හැරී එන්ටවත් ඔබේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී ඔබ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි.
17. මක්නිසාද-ඔබ එහිදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් ඔබ යන මාර්ගයෙන් හැරී එන්ටවත් එපාය කියා ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය.
18. එවිට ඔහු: මමත් ඔබ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට-ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.
19. මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය.
20. ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය.
21. යුදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ආඥාව රක්ෂානොකොට,
22. හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා ඔබට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී ඔබ කෑම කා වතුර බිවූ නිසා, ඔබේ මළකඳ ඔබේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.
23. තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය.
24. ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.
25. ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය.
26. මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්සේක; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය.
27. තවද ඔහු: කොටළුවා මට සූදානම් කරදෙන්නැයි තමාගේ පුත්‍රයන්ට කීවේය. ඔවුන් ඌ සූදානම් කළ විට ඔහු ගියේය.
28. එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටළුවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටළුවා ඉරාදමා තිබුණේවත් නැත.
29. ඒ මහලු අනාගතවක්තෘද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, තමාගේ නුවරට ගෙනගොස්,
30. තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය.
31. තවද ඔහු විසින් ඔහු තැන්පත්කළ පසු ඔහු තමාගේ පුත්‍රයන්ට කථාකොට: මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තැන්පත්කරනලද සොහොන්ගෙයි මාත් තැන්පත්කරන්න; ඔහුගේ ඇට ළඟ මාගේ ඇට තබන්න.
32. මක්නිසාද ඔහු බෙතෙල්හි පූජාසනයටත් සමාරීය නුවරවල උස් තැන්හි තිබෙන සියලු ගෘහවලටත් විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ආඥාව පරිදි මොරගසා කී වචනය ඉෂ්ටවෙනවාම ඇතැයි කීවේය.
33. මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.
34. මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.
About 1 රාජාවලිය Chapter 13
Read 1 රාජාවලිය Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 රාජාවලිය
Chapter: 13
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 රාජාවලිය Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 රාජාවලිය Chapter 13?
1 රාජාවලිය Chapter 13 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 රාජාවලිය Chapter 13 online for free with easy chapter navigation.
More Chapters from 1-රාජාවලිය
- 1 රාජාවලිය Chapter 19
- 1 රාජාවලිය Chapter 18
- 1 රාජාවලිය Chapter 22
- 1 රාජාවලිය Chapter 20
- 1 රාජාවලිය Chapter 8
- 1 රාජාවලිය Chapter 21
- 1 රාජාවලිය Chapter 17
Explore More from පැරණි ගිවිසුම
- 2 රාජාවලිය Chapter 11
- එසකියෙල් Chapter 24
- හොෂෙයා Chapter 9
- ගණන් කථාව Chapter 32
- 2 රාජාවලිය Chapter 12
- 1 සාමුවෙල් Chapter 6
- නික්මයාම Chapter 39