1 රාජාවලිය Chapter 17

For English

Read 1 රාජාවලිය Chapter 17 Online

Read 1 රාජාවලිය Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 17

පරිච්ඡේදය 17

1. තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.

2. ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ:

3. මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.

4. ඒ ඔයෙන් ඔබට බොන්නට පුළුවන; එහිදී ඔබට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක.

5. ඔහු ගොස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කෙළේය. ඔහු ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසයකෙළේය.

6. කපුටුවෝ උදයේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය; ඔහු ඔයෙන් වතුර බීවේය.

7. තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිදී ගියේය.

8. ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ:

9. ඔබ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. ඔබට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමියි කීසේක.

10. එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඈට අඬගසා: කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය.

11. ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය.

12. එවිට ඈ කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.

13. එලියා ඈට කථාකොට: භය නොවන්න; ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත් පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න, පසුව ඔබටත් ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.

14. මක්නිසාද ස්වාමීන්වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවරවෙන්නේවත් තෙල් කුලාව අඩුවෙන්නේවත් නැතැයි ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේකැයි කීවේය.

15. ඈ ගොස් එලියා කී හැටියට කළාය. එසේ ඈද ඔහුද ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය.

16. ස්වාමීන්වහන්සේ එලියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවීය, තෙල් කුලාවද අඩුනොවීය.

17. ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය.

18. එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.

19. ඔහුද: ඔබේ පුත්‍රයා මට දෙන්නැයි ඈට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇඳේ ඔහු තැබුවේය.

20. තවද ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඈට විපතක් පැමිණවූසේක්ද? කියා

21. තුන්වරක් ළමයා පිට දිගාවී ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණේවයි කීවේය.

22. ස්වාමීන්වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන්දුන්සේක; ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත්වුණේය.

23. එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, ඔබේ පුතා ජීවත්ව සිටීයයි කීවේය.

24. ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එලියාට කීවාය.

About 1 රාජාවලිය Chapter 17

Read 1 රාජාවලිය Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 17?

1 රාජාවලිය Chapter 17 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 18
  2. 1 රාජාවලිය Chapter 19
  3. 1 රාජාවලිය Chapter 22
  4. 1 රාජාවලිය Chapter 20
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 8
  7. 1 රාජාවලිය Chapter 21

Explore More from පැරණි ගිවිසුම

  1. 1 සාමුවෙල් Chapter 10
  2. 1 සාමුවෙල් Chapter 27
  3. 2 සාමුවෙල් Chapter 2
  4. එසකියෙල් Chapter 12
  5. උත්පත්ති Chapter 4
  6. 1 ලේකම් Chapter 6
  7. 1 ලේකම් Chapter 13

Related Chapters & Readings

  1. ආමොස් Chapter 5
  2. 1 තෙසලෝනික Chapter 2
  3. කොලොස්සි Chapter 3
  4. යෙසායා Chapter 53
  5. හිතෝපදේශ Chapter 30
  6. එළිදරව් Chapter 20
  7. යෙරෙමියා Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *