1 රාජාවලිය Chapter 5

For English

Read 1 රාජාවලිය Chapter 5 Online

Read 1 රාජාවලිය Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 5

පරිච්ඡේදය 5

1. සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය.

2. සාලමොන් හීරාම් වෙත පණිවිඩයක් යවමින්:

3. ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය.

4. නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය.

5. ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට-ඔබ වෙනුවට ඔබේ සිංහාසනය පිට මා විසින් තබන ඔබේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මම අදහස්කරමි.

6. එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.

7. හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.

8. හීරාම් සාලමොන් වෙත පණිවිඩයක් එවමින්: ඔබ මට කියා එවූ කාරණා ඇසීමි. කිහිරි ලී ගැනද දේවදාර ලී ගැනද ඔබගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමි.

9. මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුද ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහන්ට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය.

10. මෙසේ හීරාම් සාලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලීද දේවදාර ලීද ඔහුට දුන්නේය.

11. සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය.

12. ස්වාමීන්වහන්සේ සාලමොන්ට පොරොන්දුවූ ලෙස උන්වහන්සේ ඔහුට ප්‍රඥාව දුන්සේක; හීරාම් සහ සාලමොන් අතරේ සමාදානය පැවතුණේය; තවද ඔවුන් දෙදෙනා එක්ව ගිවිසුමක් කරගත්තෝය.

13. සාලමොන් රජ සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් ගත්තේය; ඊට තෝරාගනු ලැබූ මනුෂ්‍යයෝ තිස්දහසක්ය.

14. ඔහු මාසයකට දසදහසක් බැගින් වාර පිළිවෙළින් ඔවුන් ලෙබනොන්ට යැවීය. ඔව්හු එක මසක් ලෙබනොන්හිද දෙමසක් ගෙදරද සිටියෝය. අදොනිරාම් වනාහි රාජකාරියේ මුලාදෑනියා විය.

15. බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය.

16. ඒ හැර වැඩබලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ, සාලමොන්ගේ ප්‍රධාන මුලාදෑනීන් තුන්දහස් තුන්සියයක් වූහ.

17. කැපූ ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අනර්ඝවූද ගල් ගෙනාවෝය.

18. සාලමොන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔව්හු ලී දඬුද ගල්ද සූදානම්කළෝය.

About 1 රාජාවලිය Chapter 5

Read 1 රාජාවලිය Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 5?

1 රාජාවලිය Chapter 5 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 18
  2. 1 රාජාවලිය Chapter 19
  3. 1 රාජාවලිය Chapter 20
  4. 1 රාජාවලිය Chapter 22
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 17
  7. 1 රාජාවලිය Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 108
  2. දානියෙල් Chapter 8
  3. උත්පත්ති Chapter 18
  4. යෙසායා Chapter 19
  5. දානියෙල් Chapter 4
  6. යෙසායා Chapter 13
  7. ගීතාවලිය Chapter 64

Related Chapters & Readings

  1. 1 රාජාවලිය Chapter 15
  2. ගීතාවලිය Chapter 64
  3. විනිශ්චයකාරයන් Chapter 15
  4. ද්වීතීය කථාව Chapter 18
  5. එළිදරව් Chapter 18
  6. යෙරෙමියා Chapter 26
  7. ශු. යොහන් Chapter 17
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *